ට්‍රීං ට්‍රීං....
උදේ පාන්දරම ෆෝන් එක රින්ග් වෙන සද්දෙත් එක්ක මං උඩ ගිහින් ඇහැරුනා.. යන්තම් අත එහාට මෙහාට කරල ෆෝන් එක හොයාගෙන එක ඇහැක් බාගෙට ඇරලා ෆෝන් එක ආන්සර් කලේ කෝල් ID එකවත් බලන්නේ නැතුව..
"යා.....හ්......."
ෆෝන් එක කනේ තිබ්බ ගමන් එහා පැත්තෙන් ඇහුන මර හඬත් එක්ක පියවෙලා තිබුන මගෙ ඇස් නිකම්ම ඇරුනා..
"ජන්කුකා... තමුන් එන්නෙ නැද්ද... බලනවා වෙලාව කීයද කියල.. මොන මගුලක් කරනව ද මනුස්සයෝ... ඉක්මනට ගැලරිටය එනවා.. තව ටිකකින් මේක ඕපන් කරන්නත් ඕන...ඉක්මනට එනවා..."
ඒ මගෙ හියොන්ග්, කිම් සොක්ජින්.. මගේ හියොන්ග් කිව්වට මගෙම නෙවෙයි.. මං අනාතයෙක්.. දන්න කියන කාලෙ ඉදන් මාව හදා ගත්තේ එයා.. ඒ නිසයි මං එයාට මගේ හියොන්ග් කිව්වේ.. ආ.. මං කවුද කියල දන්නෙ නෑ නේ.. මං තමයි මූණක් නැති ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පියා, ජේකේ.. ජේකේගෙ ඇත්ත නම ජියොන් ජන්කූක්... තාම කිසිම කෙනෙක් මං ජේකේ කියල දන්නෙ නෑ.. ජේකේ කවුද කියල දන්න එකම කෙනා මගෙ ජින් හියොන්ග් විතරයි..
මං මුකුත් කියන්නත් කලින් කෝල් එක හියොන්ග් ම කට් කරපු නිසා මාත් ඉක්මනට ලෑස්තිවෙලා ගියේ මගෙ පස් වෙනි චිත්‍ර ප්‍රදර්ශනේට.. මේකෙදිත් මං මගෙ චිත්‍ර විකුණනවා.. මේ පාර මං මගෙ චිත්‍ර 150ක් ප්‍රදර්ශනේට තියල තියෙනවා.. මේ හැම දේකටම උදව් කරන්නේ මගෙ හියොන්ග් තමයි ඉතිං..
ගැලරි එක ඉස්සරහම වාහනේ පාක් කරල ඉක්මනටම ඇතුලට ගියේ ආරක්ෂක නිලදාරියෙක්ට වාහනේ යතුරත් විසික් කර ගෙන.. ගැලරි එක හියොන්ග්ගෙ නිසාත් මං එයාගෙ මල්ලි නිසාත් හැමෝම මාව අදුරනවා.. හැබැයි මේකෙ ඇතුලෙ තියෙන චිත්‍ර මගෙ කියල නම් කවුරුවත් දන්නෙ නෑ.. මොකද හැමෝම මාව දන්නෙ ජන්කූක් කියන නමින් නිසා..
"යා... ජන්කූක්.. මොන මගුලක් ද කලේ මෙච්චර වෙලා.. මං කොල්ස් කීයක් ගත්තද? ෂුවර් එකටම මෙච්චර වෙලා ගියේ.. පස්ස උඩ දාන් නිදා ගන්න ඇති.. මං ඊයෙ කිව්වා නේද මගේ ගෙදර යමු උදේට මාත් එක්කම එන්න පුළුවන් කියල... කොහෙද ඇහුවෙ නෑ නේ..තමුන් මොකක් ද කිව්වේ?? 'එහෙම ඕන්නෑ හියොන්ග්.. මං ගෙදර ආවාම හියොන්ග්ටත් වදේ.. අනික මට උදේට ඇහැරෙන එක එච්චර දෙයක් නෙවෙයි..' බලනවා දැන් වෙලාව..? 8.45යි... 9ට මේක අරින්න ඕන.. තව විනාඩියක් ඒම පරක්කු උනා නම් මං මේක වහලා දාලා එක්සිබිෂන් එකත් කැන්සල් කරල මං ගෙදර යනවා.. අයිතිකාරයාටවත් මේක ගැන ගානක් නෑ නේ..මොකද ඉතිං මං ඉන්නවා නේ මේවා බලා ගන්න.."
![](https://img.wattpad.com/cover/285787709-288-k681751.jpg)
YOU ARE READING
LOVE OF ETERNITY | ✔
Fiction Historique(COMPLETED) 𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 | 𝐇𝐈𝐒𝐓𝐎𝐑𝐈𝐂𝐀𝐋 ♡︎ "A love that flows through many souls, no one can separate.. Even if one soul was separated, their fate brought them together in this soul.. Because even fate loves true love.. They will be born...