දහතුන් වැනි මාසයක් උදා වෙනවා නම් ... 🥀
************* 🥀 • 🖤 • 🥀 *************
" යො... යෙබොසේයෝ... "
" .......................... "
" ආ... යේ ඔම්මා... ම්ම්ම්ම්ම්ම්... "
" .......................... "
" දේ දේ ඔම්මා... මං එන්නම්කො ලබන සතියෙම.. මොනවා හරි සෝල්වලින් ගේන්න ඕන දේවල් තියෙනවා නම් මට කියන්නකෝ "
" .......................... "
" දේ ඔම්මා.. මින් එනවා මාත් එක්ක.. දවස් දෙකක් විතර ඉන්නවා අපි දෙන්නා.. "
" .......................... "
" ආරස්සෝයෝ ඔම්මා.. මං පස්සේ ගන්නම්.. මම දැන් ලැහැස්ති වෙන්න ඕන.. ඔම්මත් පරිස්සමින් ඉන්න.. "
කියලා ඔම්මගෙන් ආපු කෝල් එක කට් කරපු ක්යූ ඇඳෙන් බැස්සේ ඉක්මනට වැඩට යන්න ඕන නිසයි.************* 🥀 • 🖤 • 🥀 *************
" 𝐆𝐨𝐨𝐝 𝐦𝐨𝐫𝐧𝐢𝐧𝐠 𝐌𝐫.𝐊𝐢𝐦 "
ක්යූ 𝐨𝐟𝐟𝐢𝐜𝐞 එකට ඇතුල් වෙනවත් එක්කම ඇහුණ කටහඬ නිසා හැරිලා බැලුවා.." 𝐆𝐨𝐨𝐝 𝐌𝐨𝐫𝐧𝐢𝐧𝐠 𝐌𝐬.𝐀𝐫𝐨 "
කියලා ක්යූ ඉක්මනින්ම එතනින් ගියේ අද කරන්න විශේෂ වැඩක් 𝐜𝐡𝐚𝐢𝐫𝐦𝐚𝐧 ක්යූට බාර දීපු නිසයි..ආරෝ කියන්නේ ක්යූ එක්ක අවුරුද්දක් තිස්සේ එකට වැඩකරන කෙනෙක්.. කලින් පෞද්ගලික නීති උපදේශකයෙක් විදියට අවුරුද්දක් වැඩ කරපු ක්යූ එතනින් ඉවත් වෙලා හේසන් 𝐒+ සමූහයට අයත් දේපළ වෙළඳාම් සම්බන්ධ ප්රධාන ආයතනයේ 𝐈𝐓 𝐬𝐞𝐜𝐭𝐢𝐨𝐧 එකේ ප්රධානියා විදියට පත් වීම ලැබුනේ මීට අවුරුද්දකට විතර කලින්. පෙනුමෙන් වගේම වැඩවලිනුත් ගොඩක් ඉස්සරහින් හිටපු ක්යූ ගැන ආරෝගේ හිතේ කැමැත්තක් තියෙන බව හැමෝම දන්න රහසක්.
" ඔක්කොම හරි... 𝐬𝐞𝐧𝐝... 𝐝𝐨𝐧𝐞... "
𝐂𝐡𝐚𝐢𝐫𝐦𝐚𝐧 දීපු වැඩේ පැය එක හමාරක් යද්දි ඉවර කරපු ක්යූ අත්දෙකත් උස්සලා ඔලුවට පිටිපස්සේන් තියාගෙන කැරකෙන පුටුවට බර උනේ පොඩි විවේකයක් ගන්නයි." ස...සර්... සර්ට පුළුවන්ද මට මේ රිපෝට් එක හදන හැටි කියලා දෙන්න.. "
ඇස් දෙකත් පියාගෙන පුටුවට බරවෙලා හිටපු ක්යූ ඉස්සරහා බයෙන් බයෙන් හිටගෙන කෙනෙක් කතා කරද්දි ක්යූ හෙමින් ඇස් ඇරියා.
YOU ARE READING
🥀🖤 𝐔 𝐧 𝐝 𝐞 𝐜 𝐞 𝐦 𝐛 𝐞 𝐫 𝐖 𝐢 𝐧 𝐭 𝐞 𝐫 🖤🥀 [ ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ ]
Fanfictionඔබ නමින් හිතේ ලියූ ගීයෙහි මුමුණන්නම් මා තනුව තනිවම... 🖤 දවසින් දවස දළුලන මට අහිමි මගේ ආදරය... 🥀 දුරින් හිඳ රකින්නම් ලං වෙන්න අවසර නොමැති හෙයින්... 🖤 පවසන්නම් මගේ හිතේ ඔබ ගැන තිබ...