දහතුන් වැනි මාසයක් උදා වෙනවා නම් ... 🥀
************* 🥀 • 🖤 • 🥀 *************
වසරකට පසු.... 🎋🎋🎋
" අයියෝ ජුන් හී තාම ඔයා ලෑස්ති නැද්ද ?? බලන්නකෝ වෙලාව කීයද කියලා "
" ඔයා නම් කියයි. මම බේබිවත් ලෑස්ති කරන්න එපැයි "
" හරි හරි රවන්න ඕන්නෑනේ.. කෝ දෙන්න මං ඉතුරු ටික කරන්නම්. යන්න යන්න ඔයා ලෑස්ති වෙන්න ගිහින්.. දැනටමත් කට්ටිය මග එනවා ඇති "
" හරි හරි මට වැඩිවෙලා යන්නෙ නෑ.. "
" අනේ ඉතින් මං දන්නැද්ද ගෑනු අයගේ හැටි.. "
" මේ සිප් එක දාන්නකෝ.. මං මහත් වෙලාද මංදා. ඉස්සර මේ ගවුම මෙච්චර හිර නෑනෙ මට "
" ඔව් ඉතින් දැන් ගෙදරමනෙ. කොහොමත් තව ටික දවසක් ගියාම අලි පැටියෙක් වෙයි "
ජුන් හීටත් ඇද කර කර හිනාවුනු මින් ජුන්හීගේ තොල් වලට පුංචි හාදුවක් තියලා යන්න ගියේ සුපුරුදු අස්ස හිනාව දාලා ජුන් හීට ආයෙමත් හිනාවෙන ගමන්." මං ඒක බලාගන්නම්කෝ.. කොහොමත් මගේ ඇඟ ඉක්මනට බහිනවා "
" කෝ එන්න එන්න දැන්.. මං බේබිව ගන්නම්. ඔයා අර ටේබල් එක උඩ තියෙන මල් පොකුර අරන් එන්නකො. බේබිගෙ බඩු ටික මම කාර් එකට වෙලාසනම දැම්මා "
" හරි ඔයා යන්න මං එන්නම් මල් එකත් අරන් "
" හරිනෙ එහෙනම්. ඔක්කොම ගත්තනේ. අපි යමු තවත් පරක්කු නොවී "
" හරි මින්.. කලබලයක් නෑ පරිස්සමින් 𝐝𝐫𝐢𝐯𝐞 කරන්න. අපිට වෙලාවට යන්න පුළුවන් "
ගිය අවුරුද්දෙ මින්ගේ 𝐛𝐢𝐫𝐭𝐡𝐝𝐚𝐲 𝐩𝐚𝐫𝐭𝐲 එක දවසේ ජුන් හීව අල්ලගෙන පහළට එද්දි මින්ට ජුන් හී ගැන කියාගන්න තේරෙන්නැති යම් හැඟීමක් ඇති උනා. මුලින් ඒක අනුකම්පාවක් වගේ දැනුනත් ඉඳ හිට අහම්බෙන් ජුන්හීව කිහිප වතාවක්ම හමුවෙද්දි මින්ට ජුන් හී ගැන ආදරයක් ඇති උනා ටිකෙන් ටික. ජුන්හීට බබා ලැබුන දවසේ හැමෝම ජුන් හීව බලන්න ගියා. එතන හිටපු 𝐧𝐮𝐫𝐬𝐞ලා දෙන්නෙක් කතාවක් අහම්බෙන් මින්ගේ කනට වැටෙන්නෙ ඒ වෙලාවේ. තාත්තෙක් නැතුව තනි ගැහැණියක් ළමයෙක්ව උස් මහත් කරන එක කොච්චර අමාරු දෙයක්ද කියලා මින් තේරුම් ගන්නවා එදා. මිනුත් උස් මහත් උනේ අම්මගෙ ආදරයකින් තොරව. ඉතින් මේ දේවල්වල අවසාන ප්‍රතිඵලය උනේ මින්ගේ අප්පගෙත් ජුන් හීගේ ඔම්මගෙත් අනිත් හැමෝගෙමත් ආශිර්වාදය සහ කැමැත්ත මත මින් ජුන් හීව විවාහ කරගෙන පුංචි පැටියට මින්ගෙ නම දීපු එකයි. " පාක් හ්‍යුන්ග් ජේ " කියලා නම දීපු එයා දැන් මාස 10ක හුරතල් පැටියෙක්. මින්ගේ වගේම ජුන් හීගෙත් අසීමිත ආදරය ආරක්ෂාව මැද පුංචි හ්‍යුන් ටිකෙන් ටික වැඩෙන්න ගත්තා.
ŞİMDİ OKUDUĞUN
🥀🖤 𝐔 𝐧 𝐝 𝐞 𝐜 𝐞 𝐦 𝐛 𝐞 𝐫 𝐖 𝐢 𝐧 𝐭 𝐞 𝐫 🖤🥀 [ ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ ]
Hayran Kurguඔබ නමින් හිතේ ලියූ ගීයෙහි මුමුණන්නම් මා තනුව තනිවම... 🖤 දවසින් දවස දළුලන මට අහිමි මගේ ආදරය... 🥀 දුරින් හිඳ රකින්නම් ලං වෙන්න අවසර නොමැති හෙයින්... 🖤 පවසන්නම් මගේ හිතේ ඔබ ගැන තිබ...