දහතුන් වැනි මාසයක් උදා වෙනවා නම් ... 🥀
************* 🥀 • 🖤 • 🥀 *************
" මිස් ආරෝ.. මං ටිකක් කලින් යනවා. මගේ අද ඔක්කොම වැඩ ටික මම ඉවර කරා.. ආයේ මොනවා හරි හදිස්සියක් උනොත් මට කෝල් කරන්න.. "
" දේ මිස්ටර් කිම්.. පරිස්සමින් යන්න එහෙනම්.. "
ක්යූ යටතේ වැඩකරපු දෙවෙනි ප්රධාන නිලිධාරිනිය උනේ ආරෝ. 𝐎𝐟𝐟𝐢𝐜𝐞 එකේ ක්යූගේ කොයි දේටත් ඉස්සර වෙලාම උදව්වට එන්නේ ආරෝ. ඇත්තටම ආරෝ ගොඩක් හොඳ විශ්වාසනීය කෙනෙක් උනා. ඒත් ඒ කිසිම දේකින් ක්යූගේ හිත නම්මගන්න ආරෝට පුළුවන් උනේ නෑ.. ඒ දෙන්නගෙ බැඳීම රාජකාරී මට්ටමට පමණක් හැම වෙලාවෙම සීමා උනා.
" මින් කොහෙද ඉන්නේ ඉන්නෙ උබ.. අපිට තවත් පරක්කු වෙන්න බෑ.. දැන්ම ගියේ නැත්නම් ජොන්ජුවලට යද්දි හෙට පාන්දර වෙයි.. "
කොහේ කවදා කොයි ගමන යන්න ගියත් විනාඩි විස්සක්වත් පරක්කුවෙලා දුවගෙන එන එක මින්ගේ පුරුද්ද. අදටත් වෙනසක් නෑ ඒකේ.." හම්මෝහ්හ්.. මං ගොඩක් පරක්කු නෑ නේද.. මං කලින් ආවා.. මගට ආවමනෙ මතක් උනේ මගේ 𝐩𝐡𝐨𝐧𝐞 එක ගෙදර දාලා ඇවිත් කියලා.. ආයේම ගියා ඒක ගේන්න ඉතින්... "
ක්යූගේ අපාර්ට්මන්ට් එකේ පහළ ක්යූ බෑග් එකකුත් එල්ලගෙන ඉන්නවා දැකපු මින් දුවගෙන ඇවිත් හති ඇර ඇර කියවන්න ගත්තා.." නෑ නෑ ගොඩක් පරක්කු නෑ.. පැය බාගයක් විතර... අඩුම ගානේ වෙඩින් එක දවසටවත් වෙලාවට එනවා.. නැත්නම් උබේ මගුලත් ඉවරයි එදාට.. "
ක්යූ ඊටවඩා දෙයක් නොකිව්වේ කොච්චර කිව්වත් මින්ගේ ඔය පුරුද්ද හදන්න බැරි බව දන්න නිසයි." හරි හරි දැන් යමුද... "
" හරි හරි තමා... 😒 "
කියපු ක්යූ ගිහින් බෑග් එක වාහනේ පිටිපස්සෙ සීට් එකෙන් තියලා ගිහින් නැග්ගා. මිනුත් ක්යූව අනුගමනය කරලා ගිහින් අනිත් පැත්තේ සීට් එකෙන් ඉඳගත්තා." මේ අපි මොනාද යනකොට අරන් යන්නේ.. ඔම්මායි අප්පයි ආස දෙයක් තියෙනවාද.. ??? "
" ම්ම්ම්ම්ම්ම්.... 𝐓𝐭𝐞𝐨𝐤𝐛𝐨𝐤𝐤𝐢..! ඔම්ම නම් 𝐓𝐭𝐞𝐨𝐤𝐛𝐨𝐤𝐤𝐢 කන්න ගොඩක් ආසයි.. එයා මෙහේ ආවම මම හැමදාම එක්කන් යන තැනක් තියෙනවා 𝐓𝐭𝐞𝐨𝐤𝐛𝐨𝐤𝐤𝐢 කන්න.. එතනින් අපි අදත් අරගෙන යමු.. අප්පා නම් ඔය කොයි දේටත් ආසයි. එහෙම විශේෂ දෙයක් නම් නෑ... "
කියපු ක්යූ වේගෙන් සෝල් මැදින් ජොන්ජු පැත්තට කාර් එක 𝐝𝐫𝐢𝐯𝐞 කරා...
KAMU SEDANG MEMBACA
🥀🖤 𝐔 𝐧 𝐝 𝐞 𝐜 𝐞 𝐦 𝐛 𝐞 𝐫 𝐖 𝐢 𝐧 𝐭 𝐞 𝐫 🖤🥀 [ ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ ]
Fiksi Penggemarඔබ නමින් හිතේ ලියූ ගීයෙහි මුමුණන්නම් මා තනුව තනිවම... 🖤 දවසින් දවස දළුලන මට අහිමි මගේ ආදරය... 🥀 දුරින් හිඳ රකින්නම් ලං වෙන්න අවසර නොමැති හෙයින්... 🖤 පවසන්නම් මගේ හිතේ ඔබ ගැන තිබ...