_2_

749 130 8
                                    

මරණයට දින ගනිමින් සිටින මට ඉතිරි වූයේ ඔහුගේත් මගේත් ඒ උණුසුම් මතකයන් පමණක් ය.සෑම දිනකම මෙන් අදත් මම ඒවා ඔස්සේ දැහැන් ගත උනෙමි.

"නාශ්.…."

ඔහු මට වඩා දෙවසරක් වැඩුමල් වීද මම ඔහුට ඇමතුවේ එසේය.

"නාශ්.…"

"ම්ම්ම්ම්.….."

කෙඳිරියෙන්ම ඔහු තවත් මා තුරුලට ගත්තේය.මෙයට වඩා දඬු අඬුවට හසු වීම සැප ඇතිය.කෙසේ හෝ දඟලා හිස පමණක් එළියට දමා ගැනීමට සමත් වුනෙමි.

"නාශ්.…"

"බූරුවෝඕඕඕ.…."

"එළදෙනෝඕඕඕ.…"

"කටුස්සෝඕඕඕ.….."

"නිදාගන්න දෙනව සුදූ.…මහන්සී.….."

ඉතින් ඔහු කෙඳිරිගායි.යක්කු ගස් නගින වෙලේ මිනිසුන් නින්දට යාම සාමාන්‍ය දෙයකි.ඒත් ඒවා මට අදාල නැත.

"ආආආආහ්හ්හ්හ්හ්.…………."

හැකි තාක් එසවී ඔහුගේ කන හැපුවෙමි..තරු පෙනෙන්නට ඇත.…

"සුදූ.….මොකද්ද වෙලා තියෙන්නෙ.…"

ඔය ගෝරනාඩුවට මම බය නැත.හුහ්.…

"ඉතින් කිව්ව වෙලේ නැගිට්ට නම් ඉවරනෙ.…එහෙනම් ඔහොම වෙන්නෙ නෑනෙ...කියන්නෙ නම් කොහොමද සුදූ මං ආදරෙයි ඔයා මගේ පණ කියල.ඒත් මේ මිනිහට මට වඩා නින්ද ලොකුයි.….හ්..ඈඈඈඈ.…….."

ඇඳ මත එරමිනියා ගොතාගත් මම බොරුවට හැඬුවෙමි.ඉතින් මේ දර්ශනය ඒ හිත උණු කරවන්නට සමත් බව මම දනිමි.

"හරි හරි සුදූ.….කෝ මේ බලන්නකො ශාකු.…මොකෝ වෙලා තියෙන්නෙ...ම්ම්ම්.….ඔලුව රිදෙනවද...බඩ රිදෙනවද.….කෝ කියන්නකො ඉතින්.….."

ඔහු තුරුලට ගෙන මා දෙපසට පද්දයි.

"එකක්වත් නෙමේ.…..හ්..ඈඈ.….."

"හා... ඉතින් කියන්නකො මොනාද ඕනෙ.….."

"මට.….."

"ඕ කියන්න.…."

"මට බඩගිනී.…..හ්...ඈඈඈ.…."

"සුදූ උඹ නම්.…."

ඔහු මදෙස බලා සිටියේ මාව කන්නේ කෙසේදැයි සිතමින් විය යුතුය.

JUST ONE MORE DAY  [BL] ( COMPLETED )Where stories live. Discover now