_4_

699 124 15
                                    

ක්‍රමයෙන් මගේ දෑස් දොර අගුල මට්ටමේ සිට පැමිණ සිටින්නාගේ මුහුණ දෙසට දිව ගියේ ප්රශ්නාර්ථයෙනි.

දෙවියනේ ඔහු......

එය.....

එය සිහිනයක්ද......

අත් හැර පැමිණි දා පටන්ම ඔහු සිහිනෙන් නොදුටු දිනක් නොමැති වුවද මෙවන් ජීවී සිහිනයක් කෙදිනකවත් නොදුටුවෙමි.නොවේ නම්.......
මා දැනටම මිය ගොසින්ද........
එය එසේ නම් මෙලෙස හෝ ඔහු දකින්නට ලැබේ නම් මරණය පිළිබඳව වද විය යුතු නැත.

"ශාකු......."

අනේ ඔහු මා සොයයි.කොට්ට හා ඇඳ ඇතිරිලි වලට මැදිව සිටින ඇටකෝටු මා තවමත් ඔහුගේ දෙනෙතට ලක් නොවුනා විය යුතුය.

"ශාකු කොහෙද මැණික......."

මෙපමණ කල් මා සිදුකළ සියල්ලම අපතේ ගියේ මවිසින් සිදු කල ඒ අනුවණ ක්‍රියාව නිසාය. අනේ ඔහු දෑසින් පවා සිනහසෙයි.එහෙත් තව මොහොතකින් මා දැකි පසු....???

එය ඔහුට අමතක කළ නොහැකි දර්ශනයක් වනු ඇත.මා නොමැති කළ ඔහු මුළු ජීවිතයම සිතින් දුක් විඳිමින් ජීවත් වනු ඇත.මොහොතක සැනසුම සොයා මා කළ ආත්මාර්තකාමී වැඩෙන් අන්තිමට දුක් විඳින්නේ ඔහු පමණක් නොවේය.මා නමින් වැලපෙන ඔහු වෙනුවෙන් සිත හදාගෙන මිය යාමට මට තව දුරටත් නොහැකි වනු ඇත.

ඉතින් මුලු කාමරය පුරාවටම ගමන් කළ ඒ දෑස් අවසානයේ සයනය මතට යොමු විය.මුලින් ඔහු කිසිඳු හැඟීම් වෙනස් වීමක් පෙන්නුම් නොකළද,දෙවනුව ඒ දෑස් කුහුලින් කුඩා විය.තෙවනුව ඒවා විසල් වූයේ බියෙන් මෙන්ම අපිරිමිත වේදනාවකිනි.

"ශා...කු....."

ඔහු හුන් තැනින් අඟලක් හෝ සෙලවුනේ නොවේ.දෙතොල් සෙලවුණද ඒවායින් හඬ පිටවූයේ නොවේ.ඔහු සුදුමැලි ව සිටියේය.

මා ඉතින් කුමක් කරන්නද.......?අසරණව දුර්වලව,කිසිවක් කරගත නොහී ඔහු දෙස බලා සිටිනවා හැරෙන්නට....ඉතින් එසේම ගල් වී සිටියෙමි.

ඔහු සෙමෙන් පියවර තැබුවේය.අඩියක්....දෙකක්.....අඩි කිහිපයක්......අවසන ඔහු මා ළඟය.ඒ සුවඳ,ඒ උණුසුම මා අසලමය.

සයනය පාමුල දණගසාගත් ඔහුගේ වෙවුලන අතක් මගේ මුහුණ මතට ආවේය.අනේ ඔහුගේ දෑස්.....ඒවා කඳුලින් පිරී බොහෝ කඩවසම් කම්මුල් කඳුලින් පෙඟෙන්නට ගියේ මොහොතකටත් අඩු කාලයකි.

JUST ONE MORE DAY  [BL] ( COMPLETED )Where stories live. Discover now