_6_

1K 162 88
                                    

මා දෑස් හැරියේ හිස් ලොවකටය.ඔහුගෙන් තොර හිස්ම හිස් ලොවකටය.තවත් ජීවත් වන්නේ කෙසේදැයි නොදන්නා හිස්ම හිස් ලොවකටය.

දෑස් හැරි මොහොතේ සිට පෙනෙනා සිංහල උළු වහලය දෙස හැඟුමින් තොර හිස් බැල්මෙන් බලාන සිටියෙමි.මේ මොහොතේ පටන් මා කුමක් කරන්නද, කොහේ යන්නද පිළිබඳව කිසිඳු අදහසක් සිතේ කොණකවත් තිබුණේ නැත.

ඔහු.….මට ඔහු ළඟ සිටීමට අවශ්‍ය විය.සීතල වුවද, ප්‍රාණයක් නොවූවද මට ඔහු තනිකිරීමට අවශ්‍ය නොවුනි.වැතිරී සිටි ඇඳෙන් බිමට පැන්නේ ඔහු සිටි කුටියට යාමටය.තවමත් කැරකිලි ගතියක් තිබුණත් මම මාවම නොසලකා හැරියෙමි.
ඔහු නැති ලොවක මගෙන් මට පලක් නැත.හැඟීමෙන් මා ඈත් වී තිබූ තරමට දෙනෙතේ එකඳු කදුලක් වත් නොවුනි.ලෝකයටම ඇසෙන්නට කෑගසා මැරී වැටෙන තුරු හැඬීමට අවශ්‍ය වුවද,නොවේ...මට හැඬෙන්නේ නැත.ඔහුගේ වෙන්ව යාම එතරම්ම මා හැඟීමෙන් ඈත් කර තිබිණි.මතකයේ වූයේ ඔහු පමණය.ඉතින් ඔහු සොයා ගියෙමි.

ඔහු සිටි කාමරයට ඇතුල් වූ මා කම්පනයට පත්වූයේ ඔහුගේ සීතල නිසල සිරුර එහි නොතිබූ නිසාය.මා...මා...කුමක් කරන්නදැයි මට නිනවු නැත.කාට කතා කරන්නද, කාගෙන් අසන්නද,කොහේට යන්නද,කුමක් කරන්නද යන්න මට නිනව් නැත.ඔහු මෙහි නැත.තව දුරටත් නැත.වෙවුලන දෙපයින්ම ඔහු වැතිරී සිටි ඇඳ මත්තේ වූ ඔහුව ඔතාගෙන පැමිණි අතිරිල්ල අතට මිරිකා ගතිමි.එය තුල මුහුණ ඔබාගත්තේ ඔහුගේ සුවඳ සෙවීමටය.මගේ මුලු ජීවිත කාලයේම මා වැඩියෙන්ම ප්‍රිය කල සුවඳ,මා ජීවත් වනවා යැයි මට දැනවූ සුවඳ එහි විය.නමුදු අදින් පසු එය විඳින්නට වන්නේ නැත.ඒ සිතුවිල්ලත් සමග එය තවත් තදින් මුහුණට ඔබා ගතිමි.ඔහුගේ සුවඳ සදහටම මගේ හද තුල නිධන් ගත කිරීමට සිතා.….....

මා හැරගොස් තිබූ මගේ කඳුළු,මගේ ඉකි නැවත මා සොයා ආවේය.ඔහුගේ සුවඳ රැඳුනු ඇතිරිල්ල හැකි තරම් මුහුණට තද කරගෙන හැඬුවෙමි.කෑ ගසා හැඬුවෙමි.කුඩා කුටිය දෙවනත් වන තෙක් විලාප දී ලතෝණි දී හඬුවෙමි.අනේ ඔහු යලිත් එන්නේ නැත.ඔහු.…ඔහු.…..

"අවී.…...."

ඒ හඬ කවීශ්ගේය.මගේ දෙඋරහිසට දැනුනු ස්පර්ශය ත් ඔහුගේය.හිස නොඑසවූයමි.

JUST ONE MORE DAY  [BL] ( COMPLETED )Where stories live. Discover now