කිම් මහතා පැවසූ දෑ නිසාම දහසක් වූ ගැටලු තම හිත නතු කරගෙන අවසන් අවස්තාවක නැවත වරක් ටේහ්යුන්ග් ගේ කාමරය වෙත ගිය ජංකුක් කාමරයෙහි දොර අගුලු දමා කාමරය කොනක වූ මේසය අසලට වී කුමක් හෝ සටහන් කරමින් සිටිනා ටේහ්යුන්ග් දෙස බැලුවේය .." ඇයි මෙච්චර වෙලා ගියේ ජංකුක් ? "
මලානික වූ මුහුනක් ද සහිතව සුලු මොහොතකින් කඩා හැලීමට නියමිත කදුලු සහිත දෑස් ද සමගම තමා දෙස බලා සිටිනා ජංකුක් ගෙන් ටේහ්යුන්ග් විමසන්නට විය..
නමුත් තමා ඇසූ පැනයට කිසිදු පිලිතුරක් නොදීම කාමරය තුල වූ ජනෙල් කවුලුව දෙසට ජංකුක් තම හිස හරවා ගන්නා විට , ඔහු එලෙස සිදු කරනුයේ ඊලග තත්පරයේදී කඩා හැලීමට නියමිත කදුලු කැට තමාගෙන් සැගවීමට ඔහුට අවැසි නිසා බැව් තේරුම් ගත් ටේහ්යුන්ග් තමා සිටි තැනින් නැගිට ජංකුක් වෙතට ගමන්කලේය.
" මුලින්ම අඩලා පස්සේ වුන දේ කියනවද .. නැත්තම් වුන දේ කියලා පස්සේ අඩනවද කියන එක ඔයාගේ තෝර ගැනීමක් ජංකුක් "
තම දෑත් ජංකුක් ගේ ඉන වටා පටලවා ගනිමින් පිටු පසින් ඔහුව තමාට තුරුලු කර ගන්නා අතරතුරම ජංකුක් හට සරදම් කිරීමේ අදහසින් යුතුවම ටේහ්යුන්ග් පැදසුවේය ..
නමුත් ජංකුක් ගෙන් එයට කිසිදු ප්රතිචාරයක් නොලැබෙනා විට තම සරදම තේරුම් ගැනීමට හෝ ඔහුට මේ වෙලෙහි හැකියාවක් නොමැති බව තේරුම් ගත් ටේහ්යුන්ග් තම හිස ඔහුගේ ගෙල මත රදවා තම උනුසුම් හුස්ම ඔහුගේ ගෙලෙහි වැදෙනා ලෙස හුස්ම ගන්නට විය.. එය ජංකුක් හට ඔහුගේ සිත සැහැල්ලු කිරීමට නියත වශයෙන්ම උපකාර කරනා බව ටේහ්යුන්ග් විශ්වාස කරන්නට විය..
මොකද වුනේ කියලා ඔයා කියන්නේ නැත්තම මම ඒක ගැන දැනගන්නේ කොහොමද my love...
තවදුරටත් ජංකුක් ගේ මුවින් කිසිදු වචනයක් පිට නොවෙනා නිසාම තම දෑත් තද කර ජංකුක් ව තව තවත් තමාට ලංකර ගන්නා අතරතුරම ටේහ්යුන්ග් විමසුවේය..
නමුත් එයටද ජංකුක් ගෙන් කිසිදු ප්රතිචාරයක් නොලැබෙනා විට ඔහුට ඒ සදහා කාලය අවැසි බව තේරුම් ගත් ටේහ්යුන්ග් වෙනත් කිසිවක් නොකියාම ඔහු අසලට වීම සිටියේය..
YOU ARE READING
My White calla Lily [ Completed ]
Romantikවසර 1970 සිට කොරියාවේ සිදු වූ ආත්මීයගත ආදර කතාවක් වටා ගෙතුනු කතාවකි.. අසීමිත ආදරය.. බැදීම් වල ඇති සංකීර්නත්වය... රාගයේ ඇති පිපාසී බව මෙන්ම ඇතැම්විට දෛවයේද සරදමට ලක් වූ jeon jungkook සහ kim taehyung වටා ගෙතුනු ආත්මීය බැදීම මෙහි නිරූපනය කරයි..