" ඔයාට තිබුනා වෙන එකක් ඇදගෙන එන්න ටේහ්යුන්ග් ..
ටේහ්යුන්ග් ගේ පිට මත සිට අයිෆල් කුලුන වෙත ගමන් කරමින් සිටි ජංකුක් , ඉදිරියෙන් පැමිනෙන පිරිස් ද , පාර දෙපස සිටිනා පිරිස් ද ටේහ්යුන්ග් දෙස ඉතා වුවමනාවෙන් බැලීම නිසාම සිතෙහි ඇති වූ මද නොසන්සුන් කමත් සමගම පැවසුවේය..
අලු පැහැති සැහැල්ලු පෑන්ට් එකකට ලා නිල් සහ තද නිල් පැහැයෙන් වූ කොටු කමිසයක්ද, තද කලු පැහැති trouser braces එකක්ද හැද , Newsboy cap එකක් සහ ඉතා මිල අදික පාවහන් යුවලක් සහ blackpain අත් ඔරලෝසුවක්ද පැලද දෙතොල් අතර දුම් වැටියක්ද සිර කරගෙන සිටිනා ටේහ්යුන්ග් ප්රමානයටත් වඩා කඩවසම් වීමත්, එනිසාම අවට වූ සියල්ලන්ම විශේශයෙන්ම කාන්තාවන් ඔහු වෙත තම අවදානය යොමු කිරීමත් නිසා ජංකුක් සිත තුල වූ නොසන්සුන් බවක් සමගින් සිටින්නට විය..
" ඔයාට පුලුවන් ආඩම්බර වෙන්න මයි ලව්.. "
සුපුරුදු පරිදි අද දිනද තමා අන් අයගේ අවදානය වුවමනාවටත් වඩා වැඩියෙන් ලබා ගෙන ඇතිබවද , එනිසාම ජංකුක් තරමක පමන කනස්සල්ලෙන් පසු වෙන බවද තේරුම් ගත් ටේහ්යුන්ග් තම පිට මත සිටිනා ජංකුක් දෙසට මද පමනින් තම හිස හරවා තම ඉන දෙපස වන ඔහුගෙ පාද තව තවත් දැඩි ලෙස අල්ලා ගනිමින් පැවසුවේය..
" එයාලා හිතනවා ඇති අපි සහෝදරයෝ කියලා.. නැත්තම් මම ඇවිදින්න බැරි කෙනෙක් කියලා.. "
හිතෙහි ඇති නොසන් සුන් කම නිසාම නෝක්කාඩු ස්වභාවයෙන් ජංකුක් එසේ පැවසුවද, ජංකුක් ගේ සිත මේ වන විට සම්පූර්ණයෙන්ම ඉරිසියාව නම් වූ සිතුවිල්ලෙන් පිරී ඉතිරී ගොස් ඇති බව ඒ වචන තුලින් හදුනා ගත් ටේහ්යුන්ග් සිනහාසෙන්නට විය..
"එහෙනම් අපිට පුලුවන් ඒක ඔප්පු කරලා පෙන්නන්න.. මම කිව්වේ අපේ සම්බන්දේ මොන වගේද කියලා ඒයාලට ඔප්පු කරන්න.. "
ජංකුක් ගේ හැසිරීම සහ තමා දෙස බලනා සමහරෙකු දෙස ජංකුක් කේන්තියෙන් යුතුව බලනා ආකාරය දෙස විනෝදයෙන් යුතුව බලා සිටිනා අතරතුර අවසානය තෙක්ම දැල්වී අවසන් දූ තම දෙතොල් අතර වූ දුම්වැටිය විසිකර දැමූ ටේහ්යුන්ග් පැවසුවේය..
![](https://img.wattpad.com/cover/288595880-288-k274475.jpg)
YOU ARE READING
My White calla Lily [ Completed ]
Romanceවසර 1970 සිට කොරියාවේ සිදු වූ ආත්මීයගත ආදර කතාවක් වටා ගෙතුනු කතාවකි.. අසීමිත ආදරය.. බැදීම් වල ඇති සංකීර්නත්වය... රාගයේ ඇති පිපාසී බව මෙන්ම ඇතැම්විට දෛවයේද සරදමට ලක් වූ jeon jungkook සහ kim taehyung වටා ගෙතුනු ආත්මීය බැදීම මෙහි නිරූපනය කරයි..