" අප්පා.. අප්පා මේ දොර අරින්න.. ප්ලීස්..ප්ලීස් මට යන්න දෙන්න.අප්පා."
තම කාමරයෙහි ජනේලයෙන් කිම් මහතාගේ මෝටර් රථය නිවස දෙසට පැමිනෙන බව දුටු ජංකුක් පිටතින් අගුලු දා වසා තිබූ කාමරයෙහි දොරට වැරෙන් පහර දෙන අතරතුර කෑ ගැසුවේය..
දොර අගුලු විවර කරනා ලෙසටද , තමා හට යාමට ඉඩ දෙන ලෙසටද ඉල්ලා ජංකුක් කෑ ගැසුවේය.... සමාව අයදිමින් උගුර ලේ රස වන තුරුම කෑ ගසන්නට විය.. දින කිහිපයකින් හරි හමන් වූ ආහාරයක් නොගෙන අඩපන වී තිබූ තම ශරීරයෙහි අවසාන ශක්තියද නැසී යන තුරුම ජංකුක් කෑ ගසන්නට විය..
නමුදු තමාගේ වදන් කිසිවෙකුට නොඇසෙනා බවද තමාට උපකාර කිරීමට කිසිවෙකු නොපැමිනෙනා බවද මද වේලාවකින් තේරුම් ගත් ජංකුක් දොර අසල වාඩී වීම තම මුහුන පපුව වෙත වන පිරිදි නවා ගත් දෙපා වල සගවාගෙනම හඩන්නට පටන් ගත්තේය..
දින කිහිපයකින් ටේහ්යුන්ග් ගේ හඩ නොඇසීමද , එම දෑස් නොදැකීමද , ඔහුගේ ස්පර්ශයක් හෝ නොලැබීම ද, ඔහුට කුමක් සිදු වූ යේ දැයි නොදැනීමද නිසාම ඔහු වෙලාගෙන තිබූ කාන්සිය , පල්ලුව සහ තනිකම සමගම ජංකුක් හඩන්නට විය.. තම පියා හටද ඔහුගේ ආදිපත්යටද විරුද්ධ වීමට තමා හට ඇති නොහැකියාව පිලිබදව සිතමින් තමා පිලිබදවම ඇති වූ අසරණ සහගත සිතුවිලි සමගම ඔහු හඩන්නට විය..
නමුදු මද වේලාවකින් බස්තමයක් වැනි යමක් ලී පොලවෙහි ගැටෙනවා වැනි වූ හඩක් කාමරය ඉදිරිපිටින් ඇසීමත් සමගම එක් වරම නොසන්සුන් වූ ජංකුක් නැවත වරක් දොර විවර කරනා ලෙසට කෑ ගසමින් අයදින්නට විය..
" අප්පා.. අප්පා.. මේ දොර අරින්න.. ප්ලීස්.. ඒක.. ඒක මගේ වැරැද්දක් .. ටේහ්යුන්ග් ට දඩුවම් කරන්න එපා.. එයා කිසිම වැරැද්දක් කරේ නෑ.. ඒ.. ඒ හැම දේම බොරු.. කෙමී කියන හැම දේම බොරු.. මාව විශ්වාස කරන්න.. ටේහ්යුන්ග් එහෙම දෙයක් කරේ නෑ.. මාව විශ්වාස කරන්න.."
දින කිහිපයකට පසුව කිම් මහතා තම කාමරය අසලට පැමින ඇති බව නිරන්තරයෙන්ම ඔහු අත වූ බස්තමය ලී පොලවෙහි වැදෙනා ශබ්දයෙන් හදුනා ගත් ජංකුක් තම සිත තුල වූ සිතුවිලි ඉතා කලබලයෙන් යුතුවම වචන බවට පෙරලන්නට විය.. ඔහු අයදින්නට විය.. ටේහ්යුන්ග් වරදක් කර නොමැති බවද එකම වරද කරු තමා බවද පවසා ඔහු ටේහ්යුන්ග් හට දඩුවම් නොකරනා ලෙස පවසමින් හඩා වැටෙන්නට විය.. තමාට හැකි උපරිමයෙන්ම දොරට පහර දෙමින්ම ඔහු තම සිත තුල වූ වේදනාව පිට කරන්නට විය... නමුත් කිසිවෙකුගේ හඩක් හෝ ප්රතිචාරයක් ඔහු හට නොලැබෙන්නට විය..
![](https://img.wattpad.com/cover/288595880-288-k274475.jpg)
YOU ARE READING
My White calla Lily [ Completed ]
Romansaවසර 1970 සිට කොරියාවේ සිදු වූ ආත්මීයගත ආදර කතාවක් වටා ගෙතුනු කතාවකි.. අසීමිත ආදරය.. බැදීම් වල ඇති සංකීර්නත්වය... රාගයේ ඇති පිපාසී බව මෙන්ම ඇතැම්විට දෛවයේද සරදමට ලක් වූ jeon jungkook සහ kim taehyung වටා ගෙතුනු ආත්මීය බැදීම මෙහි නිරූපනය කරයි..