ඒ 1993 වර්ශයේ සීතල දෙසැම්බර් මස විය..
දෙතොල් අතර දුම් වැටියක් ද රදවාගෙන තමා ඉදිරිපිට ඇති ජේසුස් වහන්සේ කුරුසය මත ඇණ ගසා සිටිනා පිලිරුව දෙස බලාගෙන දහසක් දෑ පිලිබදව කල්පනා කල ටේහ්‍යුන්ග් විවර වන පල්ලියේ ප්‍රදාන ගේට්ටු පියන් ඇතුලෙන් ඇතුලු වන කලු පැහැති නවීන මෝටරථයද, එහි වූ පුද්ගලයන්ද හදුනා ගත් නිසාම ඉක්මනින්ම අසල වූ විශාල පයින් ගස පිටුපසින් සැගවුනේය..
තමා දකිනා දර්ශනය තමා විශාල වූ ගින්දරක් මත පුලුස්සා දමනා බවක් දැනුනද , ඒ දෙසටම තම දෑස් යොමු කොට ගෙන සිටි ටේහ්‍යුන්ග් අන් අය ඉදිරිපිට දුර්වල වීමට තිබූ අකමැත්ත මතම තම දෑස් වලින් වැටෙනා කදුලු සගවාගෙන් හිතින් හඩන්නට විය..
සුදු පැහැති කමිසයක් ඇද, එක් පසෙකට වන්නට පිලිවෙලට පීර තිබූ කෙන්ඩයද සමගින් ඉතාමත් විඩාබර දෑස් ද සහිතව , මැලවුනු මුහුනකින් යුතුව ජිමින්ගේ උපකාරයෙන් යුතුව ඉතා පරිස්සමට අඩි තබමින් හෙමි හෙමින් ඉදිරියට ගමන් කරනා තම ආදරවන්තයා ව දකිනා විට මුලු සිරුර පුරා මෙන්ම හදවත පුරාම ගලා ගිය දැඩි වේදනාවත් සමගින් ටේහ්‍යුන්ග් තව තවත් එකදු කදුලක් හෝ දෑසෙන් පිට නොකොට හදවතින් හඩා වැටුනේය..
සුදු පැහැති කමිසය අතරින් පෙනෙනා ඔහුගේ දුර්වල වූ අනවශ්‍ය ලෙස කෙසඟ වූ සිරුරද, එහි පෙර තිබූ ආකර්ශනීය පිරිපුන් බව නොමැතිව සිරුරෙහි වන අස්ති පිටතට පෙනෙනා තරමින්ම ඒ හම සිරුරට ඇලී ඇති ආකාරයද, පෙරදී රතු පැහැයෙන් සැරසුනු ඒ දෙතොල් මේ වන විට තද දම් පැහැයකින් සැරසී ඇති ආකාරයද ජිමින් ගේ සිරුරට බර වී ඉතා අපහසුවෙන් හෙමිහෙමින් අඩි තියනා විට ඇවිදීමට හෝ නොකැකි ලෙස ඔහු තුල වූ ශක්තිය පිරිහී ඇති ආකාරයද දකිනා විට තමා පිලිබදවද, දෛවය පිලිබදවද මෙන්ම සියල්ලන් පිලිබදවම පිලිකුල් සහගත වූ වෛරයක් මෙන්ම කෝපයක් හැගුනු ටේහ්‍යුන්ග් , තම අතීතයද, තමා එහි කල කී දැද මතකයට නැගුනු නිසාම තම ආදරවන්තයා අසලට ගොස් ඔහුව තම පපුවට තුරුලු කර ගන්නා ලෙස පවසනා ඔහුගේ සිතුවිලි මඟ හැරියේය..
නමුදු ජිමින්ගේ උපකාර සමගම පල්ලිය වෙතට තම ආදරවන්තයා ගමන් ගන්නා ආකාරයද , ප්‍රදාන දොර පසු කරමින් පල්ලිය තුලට ඔහු ඇතුලුවන ආකාරයද බලා සිටි ටේහ්‍යුන්ග් ජිමින් පල්ලියෙන් ඉවතට පැමින මෝටරථයේ නැග පල්ලි භූමියෙන් ඉවත් වි යන තුරුම ඉතා ඉවසිල්ලෙන් රැදී සිට ඔහු පිටව ගිය පසු පල්ලිය වෙත ගමන් කලේය..
![](https://img.wattpad.com/cover/288595880-288-k274475.jpg)
YOU ARE READING
My White calla Lily [ Completed ]
Romanceවසර 1970 සිට කොරියාවේ සිදු වූ ආත්මීයගත ආදර කතාවක් වටා ගෙතුනු කතාවකි.. අසීමිත ආදරය.. බැදීම් වල ඇති සංකීර්නත්වය... රාගයේ ඇති පිපාසී බව මෙන්ම ඇතැම්විට දෛවයේද සරදමට ලක් වූ jeon jungkook සහ kim taehyung වටා ගෙතුනු ආත්මීය බැදීම මෙහි නිරූපනය කරයි..