ජිමින්..
කවුරුන් හෝ තමාව සිර කොට ගෙන සිටිනා කුටියෙහි දොර එක් වරම විවර කොට ගෙන ඉන් ඇතුලු වන ජිමින් දුටු ජංකුක් ,තමාව මින් ගලවාගැනීමට ඔහුව දෙවියන් වහන්සේ විසින් එවා ඇති බව විශ්වාස කරමින් ඔහු වෙත දිව ගොස් ඔහුව වැලද ගන්නට විය..
නමුදු ජංකුක් නොසිතු ලෙස තම ඉන වටා ඔහුගේ අත යැවූ ජිමින් තම සිරුර ඔහු වෙතට දැඩි ලෙස ලං කොට ගැනීම නිසා තරමක වූ නොසන්සුන්තාවයක් ජංකුක් තුල ඇති විය.. ඒත් සමගම ජංකුක් ඔහුගෙන් ඉවත් වීමට සැරසුනද ජිමින් ඔහුව අත නොහැරීම සහ ඔහුගේ තොල් දෙස බලාගෙනම හිස සෙමි සෙමින් පහත් කොට තාමාගේ දෙතොල් සිප ගැනීමට සැරසීම නිසාම ජිමින් තම තොල් බලහත්කාරයෙන්ම සිප ගැනීමට උත්සාහ කරනා බව තේරුම් ගත් ජංකුක් , ඉතා වැරයෙන් ජිමින්ගේ කම්බුලට පහරක් එල්ල කලේය..
ඒ පහරත් සමගම නොසන්සුන් වූ ජිමින් ලග වූ බිත්තියට ජංකුක් ව සිර කොට ගෙන ඔහුගේ දෑත් ඔහුගේ පුටුපසින් සිර කොට ගත්තේය..
ජිමින් .. මොකද මේ.. ම.. මට යන්න දෙන්න.. ටේහ්යුන්ග් මම එනකන් බලාගෙන ඉන්නවා..
ප්රතමයෙන්ම ජිමින් දකිනා විට ඔහු යනු තමා මින් ගලවා ගැනීමට පැමිනි අයෙක් යැයි ජංකුක් විශ්වාස කලද ,අන් කිසි දිනක නොවූ ඔහුගේ අද දින හැසීරීම දකිනා විට තමාව සිරකොට ගෙන සිටිනුයේ ජිමින් බව වටහා ගත් ජංකුක් තමා හට යාමට ඉඩ දෙන මෙන් ඉල්ලා සිටියේය.. තම ආදරවන්තයා තමා නොමැතිව බිය වී ඇති බවද උමතුවෙන් මෙන් ඔහු තමා සොයනා බවද හොදින් දැන සිටි ජංකුක් , ජිමින් ඉදිරිපිට ඔහු වෙත යාමට ඉඩ දෙන මෙන් ආයාචනා කලේය..
" නවත්තනවා ඔය ඇඩිල්ල ජංකුක් .. මෙච්චර කල් මම බලාගෙන හිටියා.. ඒත් දැන් ඇති.. මේ සෙල්ලම අපි මෙතනින් ඉවර කරමු... මේ තමයි ඒ සෙල්ලමේ අවසානය.. මගේ ආදරේ මගේම වුනු ඒ සෙල්ලමේ සුන්දර අවසානය.. "
ඉදිරිපිට වු බිත්තියට හේත්තුකොටගෙන ජංකුක් ගේ කම්බුල් මිරිකා අල්ලාගත් ජිමින් ,ඔහු තුල වූ හැගීම් වචන කරන්නට විය.. මෙතරම් කල් ඒ සියල්ල සගවා ගෙන දමාගත් බොරු වෙස් මුහුනක් සමගින් සිදු කල රංගනය අත් හැර ඔහු තම සැබෑ ප්රතිරූපය ජංකුක් හට පෙන්වූයේය..
![](https://img.wattpad.com/cover/288595880-288-k274475.jpg)
YOU ARE READING
My White calla Lily [ Completed ]
Romanceවසර 1970 සිට කොරියාවේ සිදු වූ ආත්මීයගත ආදර කතාවක් වටා ගෙතුනු කතාවකි.. අසීමිත ආදරය.. බැදීම් වල ඇති සංකීර්නත්වය... රාගයේ ඇති පිපාසී බව මෙන්ම ඇතැම්විට දෛවයේද සරදමට ලක් වූ jeon jungkook සහ kim taehyung වටා ගෙතුනු ආත්මීය බැදීම මෙහි නිරූපනය කරයි..