ජංකුක් තම දෑස් ඉතා තදින් වසා ගෙන දෙවියන් වහන්සේ ඉදිරිපිට දන නමාගෙන කුමක් හෝ ඉල්ලා සිටිනා ආකාරය දෙස ටේහ්‍යුන්ග් බලාසිටියේය..
" ඒක අනිවාරෙන්ම දිග ප්‍රාර්තනාවක් "
විනාඩි කිහිපයක්ම දෙවියන් වහන්සේගෙන් කුමක් හෝ ඉල්ලා සිටි ජංකුක් තම දැස් විවර කොට මුවගෙහි සිනහවක් නංවාගෙන ටේහ්‍යුන්ග් දෙස බලනා විට ටේහ්‍යුන්ග් පවසන්නට විය..
" මම හිතන්නේ ඒක එහෙම නෙවෙයි. "
තමා අසල සිටිනා ටේහ්‍යුන්ග් ගේ උරහිසට තම හිස හේත්තු කොට ගත් ජංකුක් තව දුරටත් තම දැස් තමා ඉදිරිපිට වූ සුදු පැහැති දෙවියන් වහන්සේගේ පිලිරුව දෙසටම යොමු කලේය..
" එහෙනම් ඒ මම හිතන එක වෙන්න බෑ ජංකුක් ..
තම උරහිස මත හිස තබාගෙන සිටිනා ජංකුක් ගේ හිස සිප ගත් ටේහ්‍යුන්ග් විශාල වූ සුසුමක්ද බැහැර කොට දෙවියන් වහන්සේ ගේ පිලිරුව දෙසටම දෑස් යොමු කොටගෙන සිටිනා ජංකුක් දෙස බල සිටියේය..
" මම එතුමන්ගෙන් ඉල්ලුවා.. මාව ස්වර්ගයට එක්ක ගෙන යන්න එපා කියලා.."
මෙතරම් වේලාවක් දේව පිලිරුව දෙසටම යොමු කොට ගෙන සිටි තම දෑස් ටේහ්‍යුන්ග් දෙසට හරවා ගත් ජංකුක් මද සිනහවක්ද සමගම සිනහාසුනේය..
ඒත් සමගම ජංකුක් ගේ ඉන වටා තම එක් අතක් පටලවාගෙන ඔහුව තව තවත් තමට ලං කොට ගත් ටේහ්‍යුන්ග් තම දෑස් කදුලින් පිරෙනා විටෙම ජංකුක් ගේ හිස සිප ගන්නට විය..
ට්..ටේහ්‍යුන්ග් ..
ටේහ්‍යුන්ග් ගේ දැසෙන් කදුලු වැටෙනා බවද නමුදු ඔහු එම කදුලු තමා හට පෙන්වීමට අකමැති බවද දැන සිටි නිසාම තම දෑස් නැවත වරක් දේව පිලිමය වෙතට යොමු කල ජංකුක් ඉතා මෘදු වූ කටහඩකින් ටේහ්‍යුන්ග් ව අමතන්නට විය..
මයි ලව්..
තම දෑසෙන් ගලාගෙන යන කදුලු තමා හට නවතා දැමිය යුතු වුවද එය එලෙසට කිරීම ඉතා අපහසු වූ ටේහ්‍යුන්ග් තම හිස පිටුපසට බර කොට පල්ලිය තුල වූ විශාල සුදු පැහැති වහලය දෙස බලා සිටියේය..
YOU ARE READING
My White calla Lily [ Completed ]
Romanceවසර 1970 සිට කොරියාවේ සිදු වූ ආත්මීයගත ආදර කතාවක් වටා ගෙතුනු කතාවකි.. අසීමිත ආදරය.. බැදීම් වල ඇති සංකීර්නත්වය... රාගයේ ඇති පිපාසී බව මෙන්ම ඇතැම්විට දෛවයේද සරදමට ලක් වූ jeon jungkook සහ kim taehyung වටා ගෙතුනු ආත්මීය බැදීම මෙහි නිරූපනය කරයි..