~ saranghae ~

583 108 208
                                    

පරිසරය හරිම නිහඩයි..... 

සුදු හිම මල් මල් ටිකෙන් ටික පොලොවට පතිත වෙද්දී..... හන් ගග පාමුල කෙලවරටම වෙන්න වැටෙන හිම මල් අතින් අරන් එහෙ මෙහෙ දුවන කොල්ලො කුරුට්ටෝ කිහිපදෙනෙක්......

" ම්ම්ම් සීතලයි "


කිම් සෙයොක්ජින් නම් මැදි වයසේ තරුනයා අසල තිබුනු බංකුවෙන් වාඩි ගත්තේ.... ඈත පේන හිමෙන් වැහුනු මේපල් ගහ දිහා බලාගෙනමයි...

" කිසිම වෙනසක් නෑ ... මම හරි නම්... දැන් එයා එන්න ඕනේ.... ගොඩක් කාලෙකට පස්සෙ "

සෙයොක්ජින් ගේ මතකය ගියේ මීට අවුරුදු ගානකට කලින් ගෙවුනු හොදම කාලයට... ජින් ගේ හදවත තාමත් ගැහුනේ ඒ මතකය නිසා..... ඒ බලාපොරොත්තු ව නිසා.... එයාගේ ආදරය නිසා....

පසුපසට ~

" ඒයි .... ඔව් ඔව් තමුන්ට තමා කතා කලේ..... ඔලුව උස්සනවා......

විශ්වවිද්‍යාලයේ නවක වදයට අහු උනු පලමු වසරේ ලමුන් කිහිප දෙනෙක් තමන්ගේ ජ්‍යෙෂ්ඨ ශිෂය්‍යන් ඉදිරිපිට දනගහගෙන හිටියා.....

" ම... මටද ? "

" ඔව් ඔහේ තමා.... මොකක්ද නම "

" ජින්..... කිම් සෙයොක් ජින් "

ජින් ට තිබුනේ ගැහැණු ලමයෙකුටත් වඩා අගනා රුවක්..... පිරුනු තොල්... රෝසපාට කම්මුල්... පලල් උරහිස්.. මේ හැමදෙයක්ම ජින් ට අරගෙන  ආවේ... අමුතුම ලස්සනක්....

" මම්..... මම .... මොනාද කරන්න ඕනේ හ්‍යුන්ග් "

දැන් මිනිත්තු කිහිපයක වෙලේ ඉදන් තමන්ගේ ජ්‍යෙෂ්ඨයා ඇස් පිය නොහෙලා තමන් දිහා බලන් ඉන්න නිසාත්..... ඒ හේතුවෙන් දැනුනු අපහසු තාවය නිසාත්... හිතේ රැදි චකිතයෙන් ..... ජින් කතා කලා.....

" නම්ජුනා......."

" නම්ජුනා....... මේකට මොකද මේ වෙලා තියෙන්නේ... "

" ඕයි නම්ජුනා......"

" අහ්... හෝසොක්....."

" දැන් පැයක් විතර ඉදන් උබ මේ ලමයගේ මූන දිහා බලාගෙන ...... මොකටද කතා කලේ "

" අහ් නෑ.... මොකුත් නෑ... ඔයාට යන්න පුලුවන් "

" ඒත් හ්‍යුන්ග් "

Us ~[oneshot collection ] || Namjin ||Where stories live. Discover now