~Divorce papers - part 02~

480 91 55
                                    

වෙලාව හරියටම 11 ..නම්ජූන් හිතාමතාම ගෙදර යන එක පරක්කු කලේ ජින්ට මුහුන දෙන්න තරම් ශක්තියක් නැති නිසා... යුන්ගිට කියලා හදාගත්ත ඩිවොස් පේපර්ස් ටිකත් අරගෙන නම්ජූන් ගෙදර යන්න පිටත් උනේ ලොකු වේදනාවක් හිත ඇතුලේ හිර කරගෙන... නම්ජූන්ට දැනුනේ තමන්වම තමන්ට නැති වෙන්න යනවා වගේ... නම්ජූන්ට එතකොටයි තේරුනේ එයා ජින්ට කොච්චර ආදරේ කරනවද කියලා.

නම්ජූන් පලවෙනියටම ජින්ව දකින්නේ බිස්නස් පාටි එකක්දි... ජින්ගේ අප්පත්.. නම්ජූනුත් බිස්නස් පාට්නස් ලා නිසා.... එයාලා නිතර නිතර මුන ගැහුනා... ජින් ව දැක්ක ගමන් නම්ජුන්ගෙ හිතේ ජින් වෙනුවෙන් ඉඩක් වෙන්වුනා... ජින් ආකර්ශනීයයි... ජින් ලස්සනයි... මුලු පාටි එකේම ඇස් තිබ්බෙ ජින් ලග... ඊට පස්සෙයි නම්ජූන් ජින් ගේ අප්පට ජින් ගැන කියන්නේ.. අන්තිමේට නම්ජූන්ට ජින්ව හම්බවෙනවා... නම්ජූන් මේ වෙනකන් හිතන් හිටියේ ජින් ගේ කැමැත්තෙන්ම ප්‍රපෝසල් එකට කැමති උනා කියලා... ඒත් දැන් නම්ජූන්ගේ ඔලුවේ තියෙන්නේ බිස්නස් නිසා ජින්ව නම්ජූන්ට විවාහ කරලා දෙන්න ඇති කියලා.....

නම්ජූන් කල්පනා කර කරම ගෙදර ලගට ආවා... අද ගෙදර ගොඩක් කලුවරයි... එක ලයිට් එකක්වත් පේන්න නෑ... නම්ජූන්ට ජින් ගැන ටිකක් බයත් හිතුනා... ඉක්මනට කාර් එක නවත්තලා නම්ජූන් පුලුවන් තරම් වේගෙන් ගේ ඇතුලට දිව්වා...

" ජින්..... ජින් ඔයා ඉන්නවද "

මුලු ගෙදරම කලුවරයි... නම්ජූන් කලුවරේම ගිහින් අමාරුවෙන් ගෙදර ලයිට්ස් දැම්මා.... කිසිම සද්දයක් නෑ.... නම්ජූන් ජින්ට ගෙනත් දුන්න රෝස මල් පොකුර ටේබල් එක උඩ ඒ විදිහටම තිබුනා...

" එයා ගිහින්ද ? "

නම්ජූන්ට දුක හිතුනා. ජින් නොකියම ගියපු එකට නම්ජූන්ගේ හිත ගොඩක් රිදුනා... අතේ තිබ්බ ඩිවෝස් පේපර්ස් ටික දිහා බලපු නම්ජූන් තමන්ටම හිනා වෙලා... උඩට ගියේ එක පාරක් ජින් ගේ රූම් එකට ගිහින් බලන්න හිතුනු නිසා... මැරි කරල මාස හයක් උනත්... එයාලා හිටියේ වෙන වෙනම.... නම්ජූන් ජින්ගේ රූම් එකට ගිහින් එක පාරක් මුලු කාමරේ පුරා තමන්ගේ ඇස් අරන් ගියා... නම්ජූන්ට මැවිලා පෙනුනා.. ජින් ගේ මූන පුරා පිරිලා තිබුනු හිනාව... නම්ජූන් කාමරේට එන හැම සැරේම ජින් හිටියේ කන්නාඩිය ඉස්සරහා හැඩ වෙන ගමන්.... මිරර් ටේබල් එක උඩ ජින්ගේ කකුලට දාන පබලු වැල තිබුනා... ජින් හරි ආසයි ඒකට... ඒක ජින්ට ගොඩක් ලස්සනයි... ඒක නම්ජූන් ගොඩක් කාලෙක ඉදන් ජින්ට කියන්න උත්සහ කලා... " ඔයා ලස්සනයි... මම ඔයාට ආදරෙයි " ඒ වචන ටික කියන්න නම්ජූන් ගොඩක් උත්සහ කලා.. ඒත් අද ඒ හැමදෙයක්ම එයාගේ ඇස් ඉස්සරහම නැති වෙන්නයි යන්නේ... නම්ජූන් පබලු වැලත් එයාගේ කලිසම් සාක්කුවට දාගෙන කාමරෙන් එලියට ගියේ ජින් ගේ මතක එයාව රිද්දන නිසා....

Us ~[oneshot collection ] || Namjin ||Where stories live. Discover now