~Divorce papers - part 01~

455 91 57
                                    

නම්ජූන් සහ ජින් විවාහ වෙලා අදට මාස හයක්.... නම්ජූන්ගේ ඒකාකාරී ව්‍යාපාරික ජීවිතය නිසා ජින් ට නම් ගෙවන්න සිද්ද උනේ තරමක් දුරට කම්මැලි කාලයක්....නම්ජූන් හැදුනේ වැඩුනේ සම්ප්‍රදායික පව්ල් පරිසරයක නිසා.... ජින්ට කොහොමත් බෝරින්... මොකද ජින් කියන්නේ සල්ලිකාර පව්ලක අලුත් තාලෙකට... සෙල්ලක්කාර විදිහට හැදුනු කෙනෙක්... යාලුවෝ ගොඩක් ආශ්‍රය කරපු ජින්ට බැන්දට පස්සේ ඒ නිදහස තරමක් දුරට සීමා උනේ... පව්ලක වැඩරාජකාරිත් කරන්න උන නිසා.... ජින් කොච්චර සෙල්ලක්කාර විදිහට හැදුන කෙනෙක් උනත්... බැන්දට පස්සේ ජින් තරමක් නිවිච්ච චරිතයක් උනා... සමහර විට ඒක මවාපෑමක් වෙන්න ඇති... මොකද නම්ජූන් කිසිම දේකට තරහා යන්නේ නැති... ගොඩක් නිවිච්ච චරිතයක් නිසා .....

" හ්‍යුන්ග් ... මේ කෑම එක.. "

ජින්ට මුල් කාලේ හරියට උයා ගන්නවත් බෑ.... ගෙදර වැඩ තනියම කරන්න ආසයි කීව නිසා මේඩ් කෙනෙක්වත් ගෙදර හිටියෙ  නැ... දැන් දැන් නම් ජින්ට ටිකක් රසට කෑම
හදන්න පුලුවන් ... නම්ජූන් කෑම එක දිහා බලන් ඉදලා... කෑම එකත් අරගෙන ජින්ට ස්තූති කරලා ඔෆිස් යන්න පිටත් උනා...

" අහ් ජින්... මම අද එන්න ටිකක් රෑ වෙයි.. ඔයා කාලා නිදා ගන්න මම එනකන් ඉන්න එපා "

ජින්ට අද වෙනදට වඩා ටිකක් හැපී... නම්ජූන් එයාගේ ඩිම්පල් හිනාවත් එක්ක ජින්ට මේ කතා කලාමයි....මොකද මේ මාස ගානටම නම්ජූන් ජින් එක්ක කතා කලොත් ඒ මොකක් හරි වැදගත් වැඩකට විතරමයි... ඒ නැතුව නම්ජූන් හරියට ජින් ගේ මූනවත්  බලන්නෙ නෑ මුලින්නම් ජින් හිතුවේ ප්‍රපෝස් මැරේජ් එකක් නිසා ටික කාලයක් යද්දි ඒ දේ හරියයි කියලා... ඒත් කවදාවත් නම්ජූන්ගේ හැසිරීම වෙනස් උනේ නෑ..

📲

" හෙලෝ ජිමින් කියන්න .. "

" අප්පේ බැන්දට පස්සේ මේකව අල්ලන්න තියෙන අමාරුව... "

" අනේ නෑ ජිමින් ... එහෙම නෑ... මම දැක්කා මිස් කෝල් මම හ්‍යුන්ග් ව පිටත් කරලා ඔයාට ගන්නයි හිටියේ "

" මොකො නිකන් අවුලෙන් වගේ.. "

" අහ් නෑ.. එහෙම මොකුත් නෑ ජිමින් "

Us ~[oneshot collection ] || Namjin ||Where stories live. Discover now