inside beauty

288 98 0
                                    

Taehuyng's pov

ජින් හියුන්ග් ලස්සනයි....

රූපෙන් වගේම ගතිගුන වලිනුත්...

එයා අම්මා කෙනෙක් වගේ අපිව බලාගත්තා... අපි අඩද්දි එකට අපි එක්ක ඇඩුවා... අපි හැමෝමව හිනා ගැස්සුවා...

මන් ජින් ට ආදරෙයි.... සමහර විට සහෝදරයෙක්ට වඩා...

ඒත් ජින් හියුන්ග් හිතන්නෙ මම පොඩි ලමයෙක් කියලා... කෙලින්ම නැතත් වක්‍රාකාරව මම මගෙ හැගීම් ගැන ජින් හියුන්ග් ට කියලා තියෙනවා... එහෙම හැසිරිලා තියෙනවා.... කැමරා ඉස්සරහා වගේම නැතුවත්...

එයාට එව්වා නොතේරුනාද නැත්නම් නොතේරුනා වගේ ඉන්නවද කියලා මම දන්නෑ...

එයා වැඩිය ගනන් ගත්තෙ නෑ....

අන්තිමට ජන්කුක් එක්ක මම මගෙ හැගීම් ගැන කතා කලා... ජන්කුක් කියන්නෙ මගෙ පොඩි සහෝදරයා... ජිමිනිට පස්සෙ මම වැඩියෙන්ම ලන් උනේ ජන්කුක් ට.... ජන්කුක් එක්ක ජින් හියුන්ග් ගැන කතා කරන එක හොදයි කියලා මට හිතුනා...

"කෙලින්ම කියන්න..."

ජන්කුක් කිව්වෙ එහෙම...

ඒත් මම බයයි...

මම ප්‍රතික්ෂේප වෙයිද...? ජින් හියුන්ග් මාත් එක්ක තරහා වෙයිද...?

මම ඒ ගැන දිගටම හිතුවා...

ඒත් මම කිව්වෙ නෑ...

මම පරිස්සම් උනා... හැමදේමට වඩා මට ජින් හියුන්ග් ව වටිනවා... මගේ බොලද හැගීම් නිසා මට එයාව නැති කරගන්න බෑ...

♡︎♡︎♡︎

𝙳𝙾𝙽𝚃 𝙱𝙴 𝙷𝙰𝙿𝙿𝙸𝙴𝚁 | ᴛᴀᴇᴊɪɴ Where stories live. Discover now