Taehuyng's pov
මට තවත් මාව පාලනය කරගන්න බෑ....
මට මගෙ හැගීම් ගැන හියුන්ග්ට කියන්න ඕන උනා....
කවුරුත් නැති වෙලාවක මම ජින් හියුන්ග් ව ඇදගෙන මගෙ ස්ටූඩියෝ එකට ආවා..
"ටේටෙ මොකද මේ...?"
ජින් හියුන්ග් ඇහුවා...
එයාව ඇදගෙන ආවට එයා ඉස්සරහා මම අසරණයි...
"මොකක් හරි ප්‍රශ්නයක් ද...?"
හියුන්ග් ආයෙ ඇහුවා...
මට දෙන්න උත්තරයක් තිබ්බෙ නෑ....
හැමදාම එයා දිහා ඈත ඉදන් බලන් ඉදලා මට ඇති වෙලා තිබ්බෙ...
එයා අනික් අයට වඩා මට ලගයි තමයි... ඒත් එයා මට සැලකුවෙ පොඩි දරුවෙක්ට වගේ.... සහෝදරයෙක් ට වගේ...
මට එහෙම බෑ... මන් ආදරෙයි එයාට... මට ඕන එයාගෙ ආදරේ...
"මං... මං ඔයාට ආදරෙයි ජින් හියුන්ග්..."
මම කිව්වා... එයා විනාඩි කීපයක් ඇස් ලොකු කරන් මන් දිහා බලන් හිටියා...
ඊලග මොහොතෙ එයා මාවත් තල්ලු කරලා ස්ටූඩියෝ එකෙන් එලියට ගියා....
♡︎♡︎♡︎
YOU ARE READING
𝙳𝙾𝙽𝚃 𝙱𝙴 𝙷𝙰𝙿𝙿𝙸𝙴𝚁 | ᴛᴀᴇᴊɪɴ
FanfictionⒸ︎Ⓞ︎Ⓜ︎Ⓟ︎Ⓛ︎Ⓔ︎Ⓣ︎Ⓔ︎Ⓓ︎ I'm selfish, I know, I can't let you go So find someone great but don't find no one better I hope you're happy, but don't be happier ㋛︎