dont be happier

274 92 2
                                    

Jin' pov

ටේටෙ...

මගෙ පන...

එදා... මට එහෙම නොකර ඉන්නයි තිබුනෙ...

එදා මට ඔයාට ඇත්ත තේරුම් කරලා දෙන්න තිබුනා...

අපි ඉන්න සමාජෙ ගැන... අපි වටේට ඉන්න අය ගැන... අපේ රසිකයො ගැන... හැමදේම ගැනම මට ඔයාට තේරුම් කරලා දෙන්න තිබ්බා...

මම බොලද උනා...

එකපාරටම ඔයා මට ආදරෙයි කිව්වම මම අසරණ උනා... මම මෝඩ විදියට හැසිරුනා...

මන් දැනන් හිටියා ඔයා මට ආදරෙයි කියලා...

ඈත ඉදන් මන් දිහා බලන් ඉන්නවා කියලා...

මන් ගැන මට හොරෙන් හොයලා බලනවා කියලා...

මම හැමදේම දැනන් හිටියා...

කවදාහරි ඔයා ඕක කියයි කියලා මම බය උනා... එදාට දෙන්න උත්තරයක් හිතාගන්න බැරුව මම අසරණ උනා...

ඒ ගැන හරියටම හිතන්න කලින් ඔයා ඒක කිව්වම අනික් කවරදාකටත් වැඩිය මම අසරණ උනා ටේටෙ...

ජින් හියුන්ග්ට සමාව දෙන්න... වගකීමක් නැති කෙනෙක් විදියට හැසිරුනාට...

මම මෝඩයෙක්....

මට මගෙ ආදරේ පරිස්සම් කරගන්න බැරි උනා...

මාත් ඔයාට ආදරෙයි ටේටෙ කියලා ඔයාව බදාගන්න ලැබෙන දවසක් එනකම් මම ඉවසුවා...

මම පරක්කු වැඩී....

ඒත් මම ඔයාට ආදරෙයි ටේටෙ... කවදාවත් කියන්න බැරි උනත් ඔයාව දැක්ක දවසෙ ඉදන්ම මම ඔයාට ආදරේ කලා...

ඔයා මට විශේශයි... අනික් හැමෝටම වැඩිය...

♡︎♡︎♡︎

𝙳𝙾𝙽𝚃 𝙱𝙴 𝙷𝙰𝙿𝙿𝙸𝙴𝚁 | ᴛᴀᴇᴊɪɴ Where stories live. Discover now