Jin's pov
ඔයාව මම මගෑරලා ආපු එකේ තේරුම මම ඔයාට අකමැති කියන එක නෙමේ ටේටෙ... මන් එහෙම කලේ අපි හැමෝම ගැන හිතලා...
මම වැඩිමලා... මම හැමෝටම ආදර්ශයක් වෙන්න ඕන... තව දුර ගමනක් මේ හය දෙනාව ඇදගෙන මම යන්න ඕන... නම්ජූන් ට මම හයියක් වෙන්න ඕන... හැගීම් වලට වහල් වෙන්න මට පුළුවන් කමක් නෑ ටේටෙ...
ඒත් මම ආදරෙයි... ඈත ඉදන් ඔයා දිහා බලන් ඉන්න මට පුළුවන්... ජීවිත කාලෙම...
"ජින් හියොන් ටෙටෙ හියුන්ග් ට ගෑනු ලමයෙක් ඉන්නවා..."
ජන්කුක් ඇවිල්ලා කිව්වම මගෙ පපුව පිච්චිලා ගියා... වේගෙන් ඇහිපිල්ලම් ගහලා කදුලු එන එක නවත්ත ගන්න මට පුළුවන් උනා...
"ඇත්තද ටේහියොන්...?"
නම්ජූන් අහද්දි මමත් ඒ පැත්ත බැලුවා... ඔයා ඔයාගෙ ලස්සන හිනාව දාලා ඔලුව වැනුවෙ හරිම සතුටින් කියලා මට දැනුනා....
එයාගෙ සතුට මගෙත් සතුට... එතනින් නැගිටලා මම කාමරේට ආවෙ කොහොමද කියලා මට මතක නෑ... මට අඩන්න ඕන... මාව දාලා යන්න එපා ටේටෙ කියලා එයාව බදාගෙන මට අඩන්න ඕන...
ඒත් මට එහෙම කරන්න බෑ... ටේහියොන් ගෙ ගෙදර අය එයා ගැන ගොඩක් බලාපොරොත්තු තියන් ඉන්නවා... ටේහියොන් පිරිමි ලමයෙක් ට ආදරෙයි කියලා කිව්වොත් ටේහියොන් ගෙ ගෙදරින් එයාට ගොඩක් බලපෑම් කරයි...
මගෙ පුංචි කොල්ලට එව්වා දරාගන්න බෑ කියලා මම දන්නවා...
ඉතින් හොදම දේ මේක නෙමේද...?
ටේ වෙනස් උනා... ඉස්සර ඉදපු ටේට වඩා දැන් ඉන්න ටේ ගොඩක් වෙනස්... හිනා වෙන්නෙ අඩුවෙන්...
ආර්මිලා හිතුවෙ එයා ප්‍රශ්නෙක කියලා උනත් එයා වෙනස් වෙන්න ගත්තෙ ගෑනුලමයා නිසා... ටේ ගොඩක් හොද බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් වෙයි...
ඒ නිසාම දුර ඉදන් ටේ දිහා බලන එක මම නතර කලා... එයාට අවදානෙ දෙන එක මම නතර කලා... එයාට වැඩියෙන් සලකන එක මම නතර කලා... ඉස්සර වගේ නැතත් ටෙ සාමාන්‍ය තරමට මාත් එක්ක කතා කරන නිසා මම සතුටු උනා...
අපි ඩිස්බෑන්ඩ් වෙනකම්ම ටේ හිටියෙ එහෙම... එයාව කාටවත් තේරුම් ගන්න බැරි උනා... මට ඇර...
මම උවමනාවෙන්ම එයාව මගෑරියා...
මම නොදකිනවා නෙමේ ටේගෙ වේදනාබර ඇස්..
මට ඇහෙනවා එයා බාතෲම් එකට වෙලා අඩනවා...
ඒත් එව්වා දැක්කෙ නෑ වගේ ඇහුනෙ නෑ වගේ මම ජීවත් උනා... ටේ අඩන වෙලාවට මට යන්න බැරි නිසා මම ජිමින් ව යැව්වා...
ඇයි ටේ අඩන්නෙ ඇයි දුකින් ඉන්නෙ කියලා මට අහන්න ඕන උනේ නෑ....
කාලෙ වේගෙන් ගෙවිලා ගියා...,
අන්තිමට
අපි වෙන් උනා... ඩිස්බෑන්ඩ් උනා...
ඊටපස්සෙ අනික් හැමෝම මට කතා කලත් ටේ කතා කලේ නෑ... මන් එයා ගැන ඇහුවෙත් නෑ...
මට දුකයි...
මට පාලුයි...ඒත් මට තවත් මේක කරන්න බෑ...
මම හැමදේම අතෑරලා රට යන්න තීරණය කලා...
කාටවත්ම නොකියා මම එහෙන් ආවා...
කාටවත්ම
♡︎♡︎♡︎
YOU ARE READING
𝙳𝙾𝙽𝚃 𝙱𝙴 𝙷𝙰𝙿𝙿𝙸𝙴𝚁 | ᴛᴀᴇᴊɪɴ
FanfictionⒸ︎Ⓞ︎Ⓜ︎Ⓟ︎Ⓛ︎Ⓔ︎Ⓣ︎Ⓔ︎Ⓓ︎ I'm selfish, I know, I can't let you go So find someone great but don't find no one better I hope you're happy, but don't be happier ㋛︎