After 2 years
Taehuyng's pov
අපි වෙන් වෙලා අවුරුදු දෙකක් ගිහින්...
වෙන් වෙන්න කලින් වගේම ඊටපස්සෙත් ජින් හියුන්ග් මට කතා කරයි කියලා මම බලාපොරොත්තු උනා..
එයා මට ආදරේ ඇති කියලා මම හිතුවා...
ගෑනුලමයෙක් ඉන්නවා කිව්වමවත් ඉරිසියා වෙලා මාව ඕන කියයි කියලා හිතුවා...
ඒත් ඒම උනේ නෑ... හියුන්ග් මට ආදරේ කරලා නෑ...
මම ඇඩුවා... දුක් උනා... ජිමින් ඇර එ ගැන කවුරුත් දැනන් හිටියෙ නෑ....
ඒත් තවමත් ජින් හියුන්ග් වෙන්වෙන් මම බලන් ඉන්නවා.... ඉන්න තැනක් වත් නොදැන මොනා කරනවද නොදැන් උනත් මම එයාව තවමත් බලාපොරොත්තු වෙනවා...
එයා මැරි කරලා ඇති... මාව අමතක වෙලා ඇති...
මම එයාව හැමතැනම හෙව්වා... එයාපෝර්ට් එකෙන් දැනගන්න ලැබුනා අවුරුදු දෙකකට කලිම් එයා ඇමෙරිකාවට ගියා කියලා... එයාව හොයාගෙන යන්න ඕන උනත් වදයක් වෙන්න් මම බය උනා...
ආදරේ නැති කෙනෙක්ව හොයන් යන එක මෝඩකමක්... මට එහෙම හිතුනා...
හැමදාම හවසට මම අපේ ඉස්සර ඩොම් එක ඉස්සරහා තියෙන පාර්ක් එකට ඇවිදින්න එනවා... මේ අවුරුදු දෙකේම මම එකදිගටම ආවා....
සමහර විට මම මෙතන ජින් හියුන්ග් කවදාහරි ඉදී කියලා බලාපොරොත්තු වෙන්නැති... ඉස්සර එයත් එක්ක ඉදගෙන කියව කියව ඉදපු බන්කුවෙ හැමදාම වාඩි වෙලා ඉන්න මම පුරුදු උනා....
අප්පගෙ අසනීපෙත් එක්ක සති තුන හතරකින් මට පාර්ක් යන්න බැරි උනා... අප්පට හොද වේගෙන ආවට පස්සෙ ගොඩ දවසකින් මම පාර් එකට ආවා...
පාර්ක් එකේ වෙනදට මම ඉදගන්න බංකුව උඩ උඩ අද වෙන කෙනෙක් වාඩි වෙලා හිටියා... ඈත ඉදන් මම ඒ දිහා බලන් ඉද්දි එ කෙනා මන් දිහා බැලුවා...
අවුරුදු ගානක් ගෙවිලා ගියත් මට එයාව අදුරගන්න අමාරු උනේ නෑ...
"ජින්හියොන්..."
මගෙ කකුල් ලොක් වෙලා වගේ මට දැනුනා... ඉස්සරහට ගිහින් එයාව බදාගන්න මට ඕන උනා... ඒත් මට ඉස්සරහට යන්න බැරි උනා....
හැමදාම වගේ එයා මාව නොදැක්කා වගේ අහකබලාගත්තා... ලාවට නැගුන හිනාවත් එක්ක මම එයා ලගට ආවා...
" ගොඩ කාලෙකින්..."
ජින් හියුන්ග් කිව්වා... මන් එයා ලගින් වාඩි උනා...
"ඔයා හොදින්ද...?"
මම ඇහුවා... එයා මන් දිහා බැලුවෙ නෑ... ඒ ඇස් මාව මගාරිනවා...
"තාමත් මම එනකම් බලන් ඉන්නවද...?"
මාව පුදුම කරලා ජින් හියුන්ග් ඇහුවා...
"අනියාහ්... මම නිකම්..."
ජින් හියුන්ග් හිනා උනා... මටද කියලා මම දන්නෑ... ඒත් මම එයාගෙ හිනාවට ආදරෙයි...
ඊටපස්සෙ අපි අතරෙ දිග නිහැඩියාවක් තිබුනා... ගොඩක් දිග එකක්... එන්න එන්න කලුවර වැටෙද්දි අප්පගෙ බෙහෙත් දෙන්න ඕන කියලා මතක් වෙද්දි මම නැගිට්ටා...
"යනවද...?"
"ඔව්... අප්පට අසනීපයි..."
"හ්ම්ම්ම්... පරිස්සමින්..."
ජින් හියුන්ග් කිව්වා... කවදාවත් එයා මං යද්දි මාව නැවැත්තුවෙ නෑ... මට යන්න දිලා බලන් හිටියා විතරයි...
බාගයක් දුර ගිහින් මම හැරිලා බැලුවා... එයා එතනම ඉදගෙන ඈත බලාගෙන හිටියා...
මම එයාට යන්න දෙන්න ඕනද...?
තවත් එයා වෙනුවෙන් බලන් ඉන්න එක තේරුමක් නෑ නේද...?
එයා එකපාරටම මන් දිහා බැලුවා... එයා පුදුම උනේ නෑ... හිනා උනා... හරියට මම හිතපු දේ ඇහිලා වගේ...
මමත් එයා එක්ක හිනා උනා....
සමහර විට අන්තිම පාරට...
Oh, I hope you're happy, but not like how you were with me
I'm selfish, I know, I can't let you go
So find someone great but don't find no one better
I hope you're happy, but don't be happier...🌷But i still want you...💔
End❤️
♡︎♡︎♡︎
හැම කතාවටම අවසානයක් ඕන කියලා මම හිතන්නෑ... අවසානයක් නැති කතා ඕනතරම් ලෝකෙ තියෙනවා... 😓❤️
YOU ARE READING
𝙳𝙾𝙽𝚃 𝙱𝙴 𝙷𝙰𝙿𝙿𝙸𝙴𝚁 | ᴛᴀᴇᴊɪɴ
FanfictionⒸ︎Ⓞ︎Ⓜ︎Ⓟ︎Ⓛ︎Ⓔ︎Ⓣ︎Ⓔ︎Ⓓ︎ I'm selfish, I know, I can't let you go So find someone great but don't find no one better I hope you're happy, but don't be happier ㋛︎