දාහත්වෙනි දිගහැරුම ......

3.4K 586 211
                                    

SOLDIER ........👲👲

සායන් හියුන් රූම් එකට ඇතුල්වූවත් කැප්ටන් ආවේ නැත... ශාන්ගේ දෙනෙත් බිමට බරවී මුහුණ තවත් අඳුරුවන අයුරු බින් දුටුවේය ...එකවරම සායන්ගෙන් කිසිවක් අසන්නට බින්ට හැකියාවක් නැත...

" කැප්ටන් මේජර් යුන්ග් යේ එක්ක එළියෙ ඉන්නවා ආවම අපි යමු...."

සායන් හියුන් එසේ කියමින් ශාන් අසල පුටුවෙන් වාඩිවිය... පරවුනු මල් නැවත නොපිපුනත් මේ මලනම් බලා සිටිනවිටදී පිබිදෙන අයුරු බින් දුටුවේය ...මීට තත්ත්පර කිහිපයකට උඩදී අඩන්න සූදානමින් තිබුනු දෑස් දැන් දිලිසෙමින් ඇත... ශාන් ගේ හිත කෙනෙක් වෙනුවෙන් පිස්සු වැටුනු පලවෙනි අවස්ථාව මෙයයි...කුඩා කල පටන්ම ලඟින් සිටින බින් ඒගැන හොදින්ම දනී..

" කුවාන් ලට පනිෂ් කලා... මාස හයක් ෂැංහයි වල ස්පෙෂල් කෑම්ප් එකට යැව්වා.... "

සායන් හියුන් ශාන් දෙස බලාගෙන කිව්වේය ... ශාන්ගේ දෙනෙත්වල වේදනාවක් ඇදී යනු බින් දුටුවේය ... ඒ ඉතින් ශාන්ගේ හැටිය... එහෙම නොවූවානම් පුදුමයකි... හතුරෙකුටවත් වෛර කරන්නට ශාන්ට නොහැකිය ...

" කැප්ටන් නිවාඩු පිට ඉන්න නිසා ශාන් ලඟ ඉන්නවා කිව්වා.... ශාන් ඉක්මනින් හොදවෙන්න ... තේරුනාද ...."

සායන් හියුන් ශාන්ගේ උරහිසට තට්ටුවක් දාගෙනම කාමරෙන් පිටතට ගියේය ...

" ඒ බිනා..... අරුංට දීලා තියෙන දඩුවම වැඩි නැද්ද බං...."

" කටවහගෙන හිටපං ... වැඩිනෑ මදි ඔය... අතපය වෙලාගෙන ඉදලත් උන්ට අනුකම්පා කරනවනේ...."

බින් කෑගැසුවේය ... ඒත් සමගම කැප්ටන් සමග මේජර් යුන්ග් යේ කාමරය තුලට ආවේය ... ශාන්ට ඉතින් නැඟිට ගන්නට නොහැකිය ... බින් නම් සෘජුව හිටගෙන ආචාර කලේය ..

" දැන් කොහොමද ශාන් ...."

මේජර් ශාන් අසලට විත් ඇසුවේය ...ශාන් සිනහවකින් පමණක් පිළිතුරු දුන්නේය ...

" ලස්සන කොල්ලන්ට ඉතින් බේරිලා ඉන්න අමාරුයි දැං කාලේ... නේද කැප්ටන් ...."

මේජර්ගේ කතාවය ශාන් රතුවන අයුරු බින් සහ කැප්ටන් දුටුවේය ..

"පපාට කිව්වෙ නෑ ශාන් ... එයා බයවෙනවනේ.... අනික TS කෙනෙකුට මේක මහදෙයක් නෙවෙයිනේ... ආහ්... ෆිට් කොල්ලොනෙ නැද්ද ...."

SOLDIER ... 👲👲  ( yizhan ff.... Complete  )Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ