SOLDIER ......👲👲
" හෙලෝ මේජර් ෂූ හුයැන් ...."
"ඔව් කියන්න හෙන්රි ...."
" සර් අර ළමයා ඒ හොස්පිට්ට්ල් එකේ නෑ.... හොස්පිට්ට්ල් එක කිසිම විස්තරයක් දෙන්නෙත් නෑ..... "
" මොනවා..... දවස් කීයක් වෙනවද කියලා බැලුවද...."
" ඔව් සර් දවස් පහක් වෙනවලු...."
" කිසිම තොරතුරක් ගන්න බැරිද ඒ කියන්නෙ ...."
" කලින් අපිට උදව් කරපු මේල් නර්ස්ලා දෙන්නවම අස්කරලා ... කිසිම තොරතුරක් ගන්න විදිහක් නෑ..."
" තව ටිකක් උත්සාහ කරන්න ... ලූ හන් ගෙ ඇරස්ට් එකත් මට සැකයි..."
" හරි මේජර් මම තව ටිකක් ට්‍රයි කරන්නම් ..."
මේජර් ෂූ හුයැන් වියරුවෙන් මෙන් තවත් ඇමතුමක් ගත්තේය ....
" Good morning ...... මේජර් "
" ඩේව්.... මේ දැන්ම බෙයිජිං MC හොස්පිට්ට්ල් එකට ගිහින් මේ මම එවන රූම් එකේ ඉන්නෙ කවුද කියලා මට පැයක් ඇතුලත තොරතුරු දෙන්න ඕනෙ...."
" ඕකේ බොස් ....."
" ලොකු කාලයක් ගන්න බෑ තේරුනාද ... ඉක්මනින් ..."
සමහර විට මේ හැමදේම පිටුපස මේජර් සෙන් සිටිය හැකියැයි ෂූ හුයැන් කල්පනා කලේය ... එදා අවසන් වරට ලූ හන් ඔහුට කතාකල අයුරු ෂූ හුයැන් සිහිකලේය ...
" හෙලෝ මේජර් ..."
"ඔව් කියනවා කවුද හොස්පිට්ට්ල් එකේ ඉන්නෙ .."
" මේජර් මම හිතන්නෙ ශාන් කියන්නෙ කැප්ටන්ගේ රිලේෂන් කෙනෙක්.... එයාගෙ පපා තමයි හොස්පිට්ට්ල් ඉන්නෙ..."
" ලූ හන් ..... මට කියනවා ඒ අපි හොයන කවුරුත් නෙවෙයිද කියලා ...."
" නෑ මේජර් ... එතන ඉන්නෙ ටිකක් වයසක පිරිමි කෙනෙක් ... "
",හරි එහෙනම් තමුසෙ කෑම්ප් එකට යනවා...."
මේජර් ෂූ හුයැන් එක් අතකින් නලල අතගාමින් ඒ සිදුවීම සිහිකරමින් ඔහු ඉදිරියේ තිබුනු මේසයට වැරෙන් පහරක් එල්ල කලේය...
" ලූ හන් ... ඒ කියන්නෙ උඹ මට ද්‍රෝහි උනාද..... උඹේ ළමයත් අතුරුදන් ... හරි බලමු උඹ නයාට තමයි ගැහුවේ..."
BẠN ĐANG ĐỌC
SOLDIER ... 👲👲 ( yizhan ff.... Complete )
Fanfiction❤️...... නපුරු උනත් ඔයා සංවේදී මනුස්සයෙක් බෝ.... 💚..... ආහ්.... ඒ ඇස්... මාව හොල්ලනවා..... ඉතින් නුඹ මට වෙන්න හෙවනක්.... ඉමක් නොපෙනෙන කතර අභියස ....