SOLDIER .......👲👲
ෂූයීෂී පැයක් පමණ දිගු දේශනයක් දුන්නේය... අද දේශනය පැය හතරක් පුරා පැවැත්වේ... මුල් පැය ශාන් නිහඩව අසා සිටියේය ...
" එහෙනම් ප්‍රථමාධාර කරුවෙකු ලඟ තිබියයුතු මූලික ගුණාංග ගැන අපි කතාකලා.... මම කියපු මොනවහරි නොතේරුනු කෙනෙක් ඉන්නවනම් දැන් අහන්න පුලුවන් ..."
දිගු දේශනයකින් පසුව ඇය කීවේය ...
" මට තේරුනේ නෑ....."
වතුර ටිකක් බොන්නට යීබෝ සිටින තැනට යන්නට හැරුනු ෂූයීෂී ට ඇසුනි... ඇයට පුදුම සිතුනි... සාමාන්‍යයෙන් ඇය ඉතා පැහැදිලිව හැමදේම විස්තර කරන්නේය... යීබෝ හිස ඔසවා බැලුවේ මෙය බලාපොරොත්තුවෙන් සිටි නිසාය..... නැඟිට සිටියේ ශාන් ය..
" කොතනද නොතේරුනෙ...."
ෂූයීෂී මදක් හඩින් ඇසුවේය ...
" ඉවසීම කියන තැන ඉදලා තේරුනේ නෑ...."
ඇයට සුසුමක් හෙලුනි... පැයක් පුරාවට කියාදුන් දේ තේරී නැත..
" තව කවුරුහරි ඉන්නවද නොතේරුනු ..."
ඇය ඇසූවේය... ශාන් බින්ගේ සහ මයික් ගේ කකුල් පෑගුවේය ... ඔවුන් සිටියේ ශාන්ට දෙපසිනි.....
" මටත් ...... මටත්.... මටත් ....."
තවත් පහක්... නැඟිට්ටේය ... ශාන්ගේ මුවඟට සිනාවක් නැගුනි... සායන් හියුන් කැප්ටන් දෙස බැලුවේය ... ඔහු නිහඩය....
" හරි එහෙනම් ආපහු මම එතන ඉදලා විස්තර කරන්නම්.... නොතේරෙන තැන් ඒ වෙලාවෙම අහන්න ඕනෙ..."
පැයක් ඇතුලත ෂූයීෂී ට දේශනය එපාවිය... ශාන් ,බින්, චෙන් ,ෆැන්ග් සහ තව පිටුපස පෙලේ සිටි කිහිපදෙනක් ද මෙයට හවුල් විය...
" එතකොට ඇයි එහෙම වෙන්නෙ..."
" මට ඒ ටික පැහැදිලි නෑ.."
" ඇයි අත ඔලුවට උඩින්ම උස්සන්න ඕන..."
" ඇයි ලෙඩාව වම් ඇලයටම හරවගෙන යන්න ඕන...."
විනාඩි තුන හතරකට වතාවක් ශාන් හෝ අනෙක් කිහිපදෙනා ප්‍රශ්න ඇසුවේය ... අවසානයේ හෙම්බත්වී සිටි ඇය
" අපි විනාඩි පහලවක බ්රේක් එකක් ගමු ...."
යැයි පවසා යීබෝ අසලින් අසුන්ගත්තේය ... ශාන් මේවන තුරු යීබෝ දෙස බැලුවේ නැත...
![](https://img.wattpad.com/cover/286704421-288-k647913.jpg)
KAMU SEDANG MEMBACA
SOLDIER ... 👲👲 ( yizhan ff.... Complete )
Fiksi Penggemar❤️...... නපුරු උනත් ඔයා සංවේදී මනුස්සයෙක් බෝ.... 💚..... ආහ්.... ඒ ඇස්... මාව හොල්ලනවා..... ඉතින් නුඹ මට වෙන්න හෙවනක්.... ඉමක් නොපෙනෙන කතර අභියස ....