SOLDIER .....👲👲
යීබෝ ගියපසු ශාන් යලිත් ඇදට වැටුනේ තනිකම පාලුව මෙන්ම ඒ සුවදත් හදවතට තුරුලුකරගනිමින් ය... එමෙන්ම පෙරේදා රාත්‍රියේ කල දඟකම් වලට පින්සිද්ද වන්නට ඇඟටත් අපහසුවක් දැනිනි...තවම ඉර පායා තිබුනේද නැත... මහ රෑ දහයට පමණ දුවගෙන ඇවිත් එළිය වැටෙන්නටත් පෙර යලිත් ගිය යීබෝ ගැන සිහිවී ශාන්ගේ දෙනෙත් තෙත්විය..
" මගෙ බෝ බෝ.....ඔයා පව්....."
ශාන් තනිවම මිමිනුවේය ..තෙත්වී තිබුනු දෑස් වලින් කදුලු කඩා වැටුනේ යීබෝ ගැන දරාගන්නට බැරි ආදරයක් පපුව තුල වැඩෙද්දීය...ඒත් සමඟම ශාන්ගේ දුරකතනයට මැසේජ් එකක් ආවේය...
" baba mama awa.... parissamen inna.. thawa tikak nidiyanna ...."
ශාන් එය දෙවරක් කියවා.....
" mata palui bo bo.... i love you ... i miss you ..... 😘"
යනුවෙන් කෙටි පණිවිඩයක් තැබුවේය ... ඒත් සමඟම ශාන්ගේ දෙනෙත් පියවුනි...
⏰ ⏰⏰⏰
" පපා ඊයෙ රෑ බෝ බෝ ඇවිත් ගියා... පපා නිදි නිසා අවදිකලේ නෑ...."
ශාන් පියාට උදැසන ආහාර ලබාදීමෙන් පසු ඖෂධ ලබාදෙන අතරතුර කීවේය ...
" මට ඇහුනා යනවා... ඒත් මම කතාකලේ නෑ... පාන්දරම යන්න ඕනෙ නිසා...."
මේජර් සෙන් කීවේය ....
" බෝබෝ පව් පපා.... එයා අපේ ප්‍රශ්න නිසා දුක්විදිනවා...."
එය කියද්දීම ශාන්ගේ දෙනෙත් යලිත් තෙත්විය...
" කෝ මගෙ ලඟට එන්නකො වස්තුව..."
ශාන් සෙන් අසලින්ම ඇදෙන් වාඩිවිය...
" දෙන්නෙක් ආදරේ කරනවා කියන්නෙ දුක සැප දෙකේදීම ලඟින් ඉන්න එකට තේරුනාද .. ඔයාගෙ බෝබෝ ඔයාට කොච්චර ආදරෙයි ද කියලා බලාගෙන ඉන්න අපිට හොදට තේරෙනවා ..... ඔයා ඒ අතින් වාසනාවන්තයි ... ඔයාගෙ මමත් මට හුගාක් ආදරේ කර.... "
සෙන් ශාන්ගේ හිස පිරිමදිමින් කීවේය ...
" පපා...."
" හ්ම්ම්ම්...."
ශාන් සෙන් අසලින්ම හාන්සිවී පපාගේ සුවද විදින අතරම කතාකලේය ...
" ඔයාලගෙ මිෂන් එක ඉවරවුනාමත් අපි මෙහෙම ඉමුකො...."
" ඇයි ඒ මැණික ... මේ පැත්ත දුෂ්කරයිනේ...."
YOU ARE READING
SOLDIER ... 👲👲 ( yizhan ff.... Complete )
Fanfiction❤️...... නපුරු උනත් ඔයා සංවේදී මනුස්සයෙක් බෝ.... 💚..... ආහ්.... ඒ ඇස්... මාව හොල්ලනවා..... ඉතින් නුඹ මට වෙන්න හෙවනක්.... ඉමක් නොපෙනෙන කතර අභියස ....