10.♡

477 150 8
                                    

දින කිහිපයක් ඉදලම ඉදලා ජිමින්ගේ මුණ හරි වෙනස්..

නිතරම වගේ වමනේ දානවා අසනිපේන් හිටියත් මට එයාව මග ඇරුනේ රෝහලේ වැඩ නිසා.

ඒ ගැන නම් මට කනගාටුයි.

එත් අද මම කලින්ම ආවේ එයාව රෝහලට එකකගෙන යන්න..

මම යනකොටත් කුරුළු පැටියෙක් වගේ ඇදේ ගුලි වෙලා හිටිය ජිමින්ව දැක්කම මට නැගිට්ටවන්න ලෝබ උනත් මම එයාව ඇහැරෙවූවෙ බෙහෙත් ගන්න යන්න ඕනි නිසා.

"පැන්චෝ.."

"ම්ම්හ්හ්"

"නැගිටිමු නේද අපි බෙහෙත් අරගෙන එමු."

"තව ටිකක් ඉමුකෝ හියුන්ග්"

"මම බෙහෙත් ගන්න ගියාම මම වැඩ කරන තැනත් පෙන්නම්"

ඒ පාර නම් එයා ඇදෙන් නැගිටලා ගියේ මගේ කම්මුලකුත් සිප ගෙන..

ටික වෙලාවකින් රෝහලට ඇවිත් වෙද්‍යවරයෙක් හම්බවුනු මටත් ජිමින්ට ත් දැන ගන්න ලැබුනේ

ජිමින්ට දරුවෙක් ලැබෙන්න ඉන්න බව

මට ගොඩක් සතුටූයි...

මම දන්නවා මේ දරුවා මගේ නෙවෙයි කියලා එත් මට සතුටූයි

මට‍ බලා ගන්න පැන්චෝ දෙන්නෙක්.

එත් ජිමින්ගේ මුනේ තිබුනෙ වේදනාවක්..

මම කතා කරත් ජිමින්ට කතා කරන්න උවමනාවක් තිබුනෙ නෑ..

මට තේරෙනවා එයා ඉන්න තත්වේ..

ගෙදරට ආපු ගමන් ජිමින් කාමරේට දුවගන ගියේ එයාට අඩන්න ඕනි නිසා..

"පැන්චෝ"

"හි.. යූ.. න්.. ග්.."

එයා ඉකි ගගහම මට තුරුල් උනා

"අනේ.. හියූන්ග්.. මම පිරිමි ළමයෙක් උනත් දරුවෙක් හදන්න පුලූවන් කියලා දැන ගත්ත නිසා තමයි මට අප්පා වෙනස් කම් කරේ"

"පැන්චෝ එකට කමක් නෑ.. ඔයා වසනා වන්තයි.හියූන්ග් ඉන්නවා ඔයාට"

"හියුන්ග් මේ දරුවා ඒ අර මිනිහාගේ.. මාව විනාස කරපු මිනිහාගේ.. එත් මගේ දරුවාව මට නැති කරන්න කියන්න එපා... මම වදින්නම්.."

ජිමින් මගේ ළග වැද වැටුනා.මට පලවෙනි වතාවට අම්මා කියන කෙනා හිතන්න බැරි තරම් දේවල් කරන කෙනෙක් කියලා තේරුනා..

"පැන්චෝ අපි මේ දරුවව හදමු.මේ අපේ දරුවා මම ඔය දෙන්නාටම ආදරෙයි..ඔයාටවත් මටවත් නොලැබුණු හැමදේම  අපේ දරුවට දෙමු"

"හියුන්ග් මම හියූන්ග්ට ආදරෙයි."

"මම දන්නවා ජිමිනි... මාත් ගොඩක් ආදරෙයි  "

"අපි කසාද බදිමු.. අපේම ලෝකයක් හදා ගමු."

මම එහෙම කියලා ජිමින්ගේ තොල් සිප ගත්තා..

ඒ තොල් හරිම රසවත්

මගෙන් කවුරු හරි ඇහුවොත් වැඩියෙන්ම සතුටු දවස මොකක්ද කියලා මම කියන්නේ අද දවස ගැන..

Blue roses ♡..completed Where stories live. Discover now