☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆
"විශ්වාසකයින්ගේ යැදුම්. ඔබගේ පිළිතුර.."
පූජාවෙන් බාගයක්ම ඉවරයි. මට දැනුනෙවත් නෑ. ඉස්සර මට මේ වෙලාවට නින්ද යනවා. පැයක් එක විදියකට ඉන්නවා කියන්නෙ හරිම කම්මැලියි. ඒත් දැන් මම ආසාවෙන් පූජාවට එනවා. හේතුව මොකක් කියලද හිතන්නෙ?
අලුතෙන් ආපු බ්‍රදර්..
එයා ගොඩක් ලස්සනයි. දගකාරයෙක් වගේ පේන්නෙ. බ්‍රදර් කෙනෙක් නිසාම වැදගත් විදියට හැසිරෙනවා වෙන්න පුළුවන්. එක පාරක් බැලුවත් තේරෙනවා තැන්පත් පාටට ඉන්නෙ හරිම අමාරුවෙන් කියලා.
ෆාදර් කෙනෙක් වෙයි ළඟදිම..
මම දන්නවා එයා දිහා මෙහෙම බලන් ඉන්න එක වැරදි කියලා. කොටින්ම මෙහෙම හිතන එකත් පවක් වෙන්න ඇති. මම පූජාව පුරාවටම කරන්නෙ බ්‍රදර්ගෙ ලිප්ස් කිට්ටුව තියන බර්ත් මාර්ක් එක දිහා බලාගෙන ඉන්න එක. කිසිම දෙයක් ඔලුවට යන්නෙ නෑ.
දවසක් එයා පඬුරු එකතු කරන්න එනකොට මම කාසි දැම්මෙත් එයා දිහා බලාගෙන කියලා එයා දැක්කා.
ලැජ්ජාව පැත්තක තියලා ආයෙත් බැලුවේ ෆාදර් කෙනෙක් වෙලා මෙහෙන් ගියාම දකින්නවත් නැති නිසා.දැනුත් එදා වගේම පඬුරු එකතු කරන්න එන වෙලාව. එයා ළඟට එනකොට මාව නිකම්ම සීතල වෙලා ගියා. මොනා කරන්නද?
ආදරේ කියන්නෙ ලබාගැනීම ම නෙමෙයි කියලා තමයි මම හිත හදාගන්නෙ.
"දරුවො ඔයා දාන්නෙ නැද්ද?"
අයිගෝ! මම කාසිය අතේ තියාගෙන එයා දිහා බලන් ඉඳලා. වස ලැජ්ජාව.
නෑ නෑ ලැජ්ජ වෙන්නෙ මොකටද? එයා බ්‍රදර් කෙනෙක්. මුකුත් හිතන්න නැතුව ඇති.
එයා මාත් එක්ක පළවෙනි පාරට කතා කරා!!!
මම කොච්චරක් නන් කියලා සතුටු වෙන්නද?
හිතාගන්නත් බෑ.
එයා දිහා දුර ඉඳලා බලාගෙන සැනසෙන මට ඒ ඇහෙන එක වචනෙත් හොඳටම ඇති..
☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆
VOCÊ ESTÁ LENDO
sᴏ ᴡʜᴀᴛ • ᴍɪɴɢᴜᴋ [ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ]
FanficIn the middle of the road, in the moment you want to give up, Shout out louder... So What!