☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆
"හේයි!"
ඊයේ වගේම බිම ඉඳගෙන විල දිහා බලාගෙන ඉන්න දේවදූතයෙක් වගේ ලස්සන කොල්ලා හිටපු තැනට දෂම ගානක් මෙහායින් ජන්කුක් බිමට බර උනා. අද නම් එයාට අරමුණක් තියනවා.
"අදත් ආවද?"
"ඔයාගෙ නම කිව්වේ නෑ නේ මට."
"ඕන නෑ කිව්වේ."
"එවෙලෙනෙ. දැන් ඕන."
"මොකටද?"
"හරි අහගන්න. මම ජෝන් ජන්කුක්. ජෝන් දේවෑන්ගෙ පුතා වගේම ඊළඟ රාජ්‍ය පාලකයා."
"ඔහ් ඇත්තද? එහෙනම් ඔයාට පුළුවන් යූන්ගිව හිර කරන්න."
"මම ඒක කරනවා. ඊට කලින් ඔයාගෙ නම කියන්න."
"පාර්ක් ජිමින්. භාණ්ඩාගාරික පාර්ක් සේජුන්ගෙ එකම පුතා."
"ඔයාද පාර්ක් සේජුන්ගෙ පුතා?"
"ඇයි මොකද?"
"ඒක තමයි එයා දවස් කීපයක ඉඳලා එයාගෙ පුතාව හොයන්නෙ."
"අප්පා පව්."
දවස් අටක් පුරාවට ගෙදර යන්න නොලැබුන දුකට ජිමින් බිම බලාගත්තා.
"මට කියන්න ඔය යූන්ගි කොහෙද ඉන්නෙ?"
☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆
YOU ARE READING
ʙʟᴀᴄᴋ sᴡᴀɴ • ᴍɪɴɢᴜᴋ [ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ]
FanfictionNo longer make my heart vibrate... Then like this may be how?!