♡ 05

261 98 19
                                    

☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆

"ජිමින්! ජිමින්! යාහ්! පාර්ක් ජිමින්!"

යූන්ගි මාව රවට්ටලාද? එයා කිව්වනෙ මාලේ වෙනුවට ජිමින්ව අතාරින්න කැමතියි කියලා.

"මැණික ඔයා කොහෙද?"

ශිට්! මාව රැවැට්ටුවා නම් ඒක තමයි ඔයා ජීවිතේට කරපු ලොකුම මෝඩකම මින් යූන්ගි!

"ආහ් එපා.."

"පිටිපස්ස හැරුනොත් බෙල්ල විල ඇතුලේ තියෙයි."

ජන්කුක් විල ඉස්සරහ වෙනදා තැනම වාඩි වෙලා කේන්තියෙන් බිම හූරන්න ගත්තේ දවල් වෙද්දි ජිමින්ව ආයිත් සාමාන්‍ය කෙනෙක් කරනවා කියලා යූන්ගි පොරොන්දු වෙලත් තාම ඒක කරපු බවක් පේන්න නැති නිසා.

නිකම්ම ජිමින්ව දුන්නා නෙමෙයි. එයාට ජන්කුක්ගේ කරේ තිබුන ගොඩක් වටින රත්තරන් මාලේ ඒ වෙනුවට ලැබුනා. රත්තරන් පාස්සපු මාලෙකට මොනවද කරන්න බැරි? 

යූන්ගිට ජිමින්ව මාලේ තරම් වටින්නෙ නැති නිසාත් මේ වගේ වටින මාලයක් රජ පවුලේ කෙනෙක්ගෙන් ඇරෙන්න සාමාන්‍ය කෙනෙක්ගෙන් ලැබෙන්නෙ නැති නිසාත් ජිමින්ව දෙන්න කැමති උනා.

ජන්කුක් දවල් කිට්ටුව විලට යනකොට ජිමින් සුපුරුදු මනුස්ස ස්වරූපයෙන් ඉඳියි කියලා යූන්ගි දිවුරුවා. නමුත් තවම ඒක ඇස් දෙකට බලාගන්න ජන්කුක්ට බැරි උනා.

"ඇස් දෙක වහගන්නවා."

මීට කලින් අහලාම නැති ගැඹුරු කටහඬ නිසා වගේම බෙල්ල ගාවින් දැනුනේ කඩුවක් කියලා හිතපු නිසා ජන්කුක් ඇස් තද කරලා පියාගත්තා. එයා ළඟත් ආයුධයක් නොතිබුනා නෙමෙයි. ඒක පාවිච්චි කරන්න ඕන උනේ නැත්තෙ ජිමින් දැක්කොත් තමන්ට බය වෙන නිසා.

ඇස් වහගත්තත් හරි මුලු වට පිටාවම නිසල උනා. ජන්කුක්ට දැනුනේ තොල් වල ඇලෙන සීතල ස්පර්ශය විතරයි.

"ම්ම්හ්.. ජිමින්?"

විනාඩි ගානක් ජිමින් දිහා ඇහි පිල්ලම් නොගහා බලන් හිටපු ජන්කුක් සිහියට ආවේ ජිමින් බෙල්ල පැත්තට නමලා එහා මෙහා කරන අතට පින් සිද්ධ වෙන්න.

එතකොට ජිමින්ද අර විකාර කටහඬකින් කතා කරේ? කෝ දැන් කඩුව? ඒත් එහෙම එකක් ජිමින්ට කොහෙන්ද?

වටේට ඇස් රෝල් කලාම ජන්කුක්ට පෙනුනේ ජිමින්ගෙ අතේ තිබුන දිගම දිග කෝටු කෑල්ල.

තවත් විනාඩියක් නිශ්ශබ්දව ගෙවෙන්න ඇරපු ජන්කුක් යූන්ගිව මතක් වෙලා කට කොනට හිනා උනා.

"මොකද?"

"යූන්ගි පොරොන්දු රකින්නත් දන්නවා."

"ඔයා මොනාද එයා එක්ක කතා කලේ? පුදුමයි එයා මාව අතෑරියා කිව්වම."

"ඉස්සරහට ඔයාට සප්‍රයිස් ගොඩක් තියනවා පැටියෝ."

හිනාවේ වෙනසක් නොකරම ජන්කුක් ජිමින්ව කරට ගත්තා. 

"යාහ්! බිමින් තියනවා. මට කකුල් තියනවා."

"ඔය පුංචි කකුල් මහන්සි කරවන්න එපා බබා. අපිට ගොඩක් දුර යන්න තියනවා."

"මොනවද කියවන්නෙ? අපේ ගෙදර මේ ළඟ."

"අශ්වයෝ බලාගන්න කෙනාගෙ කටවත් මෙච්චර සද්දේ නෑ ඇත්තමයි."

"මොකද්ද?"

☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆☆

ʙʟᴀᴄᴋ sᴡᴀɴ • ᴍɪɴɢᴜᴋ [ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ]Onde histórias criam vida. Descubra agora