🚫chapter 35🚫

826 233 52
                                    

අවුරුදු පහක්... ඔව්.. අවුරුදු පහක් ගත වුනේ හිතා ගන්නවත් බැරි විදිහට... ඒ මුලු අවුරුදු පහේම ජංකුක් මැරි මැරී ජීවත් උනා... එදා සිද්දිය වෙලා අවුරුද්දකට පස්සෙ Mr.Jeon නැති වෙලා තිබ්බා... drug deal එකක් කතා කර ගන්න චීනෙට ගියපු වෙලේ.. වෙනත් මාෆියා ටීම් එකක් විසින් mr.Jeonව අදුර ගන්න බැරි තරමටම විකුර්ති වෙන විදිහට ඝාතනය කරලා තිබ්බා... අප්ප නැති වුනා කිව්ව එක ජංකුක්ට දැනුනෙවත් නෑ... මොකද ඒ තරමටම ජංකුක් එයාගෙ අප්පට වෛර කරන්න පටන් අරන් තිබ්බා... JJK company  එක සම්පූර්නෙන්ම කඩන් වැටුනා... කම්පැනි එක බලා ගන්න කවුරුවත් හිටියෙ නෑ... ජංකුක් හිටියෙත් මල මිනියක් වගේ... අන්තිමට බැරිම තැන ජේහෝප් කම්පැනිය බලා ගන්න පටන් ගත්තා... බම්බම් එක්ක එකතු වෙලා කම්පැනිය කොහොම හරි වැටෙන්න නොදී තියා ගත්තා...

තවත් අවුරුද්දකට පස්සෙ ජංකුක් ටික ටික රියැක්ට් කරන්න පටන් ගත්තා... ඔව්.. ජංකුක් හිත හදා ගත්තා... ජිමින්ව අමතක කරන්න නෙමෙයි... ජිමින් වෙනුවෙන් නැගිටින්න... කවදා හරි ජිමින් තමන් ලගට එයි කියලා ජංකුක් හිතා ගත්තා.. ජිමින් කවදා හරි තමන් ලගට ආවම ආයේ කාටවත් එයාට කරදර කරන්න බැරි වෙන්න.. ජිමින්ව ආරක්ශා කරන්න පුලුවන් විදිහෙ තත්වයක් වටපිටාවක් හදා ගන්න ජංකුක්ට ඕන වුනා... ඒ නිසාම එයා කම්පැනිය බාර ගන්න කැමති වුනා... ඒ ජිමින් වෙනුවෙන්... ජංකුක් කම්පැනිය බාරගන්නවට වැඩියෙන්ම සතුටු වුනේ ජේහෝප්වුයි බම්බම්වුයි... අන්තිමට ජංකුක් කම්පැනියෙ chairman  විදිහටත් ජේහොප් CEO විදිහටත් බම්බම්ව ජංකුක් තමන්ගෙ සෙකට්‍රි විදිහටත් කම්පැනියට එකතු කර ගත්තේ.. දැන් තමන්ට ඉතුරු වෙලා ඉන්න එකම පවුල ඔවුන් නිසා.. ඔව්න්ව හැම මොහොතකම තමන්ගෙ ලගින්ම තියා ගන්න ඕන වුනු නිසා..

තවත් අවුරුදු තුනකට පස්සෙ ජංකුක්ට කොරියාවෙ ලාබාලතම වගේම සාර්තකම ව්‍යාපාරිකයා හැටියට සම්මාන රසක් හම්බ වුනා.. ඒ වගේම දැන් JJK group කියන්නෙ කොරියාවේ 1# faction designing company  එකක්... වෙනම හොටෙල් සංකීර්නයකුත් ජංකුක් පටන් ගත්තා... ඒකට නම් තිබ්බේ JJM කියලා.. දැන් බම්බම් තමා හොටෙල් සංකීර්නෙ බලා ගන්නේ... කොරියාවෙ තියෙන හොදම හොටෙල් සංකීර්නය තමයි ඒක... ජේහෝප් එයාගෙ CEO තනතුරෙන් ජංකුක්ගෙ සෙකට්‍රි තනතුරට මාරු වුනේ එයාගෙ අකමැත්තෙන්මයි... මොකද ජංකුක් වෙන කෙනෙක්ව සෙකට්‍රි විදිහට ගන්න කැමති වුනේ නෑ.. මුලදි girl කෙනෙක්ව අර ගත්තත් එ කෙල්ල ජංකුක්ගෙ ඇගේ ලගින්න ආව නිසා ජංකුක්ට හොදටම කේන්ති ගිහින් බැනලා එලෙව්වා.. ජංකුක්ගෙ සල්ලි නිසා හැමෝම බැලුවෙ ජංකුක්ගෙ කරේ ලගින්න... ඒ නිසා එයා සෙකට්‍රි කෙනෙක් නැතුවම තනියම වැඩ කරන් ගියා... සමහර දවස් වලට ජංකුක් off වෙන්නෙ රෑ 12ත් පහු වෙලා... අන්තිමට බැරිම තැන ජංකුක් එපා කියන්න කියන්න ජේහෝප් එයාගෙ සෙකට්‍රි වුනා... අවුරුදු පහ ඇතුලත ජංකුක් එයාගෙ ජීවිතේ සාර්තක කර ගත්තා.. අඩුම කාලයකින් අඩුම වයසකින් අතිසාර්තක වෙච්ච ලාබාලතම බිස්නස්මන් ජංකුක් වුනා... ගොඩක් අය ජංකුක්ගෙ සාර්තකත්වෙට ඊරිසියා කලා.. ජංකුක්ගෙ සතුට නැති කරන්න රාක්ශයො බලන් හිටියා... අනී තාමත් බලන් ඉන්නවා... තමන්ට වඩා බාල තමන්ගෙ දරුවොන්ගෙ වයස කෙනෙක්ට පරාද වෙන්න කවුරුත් කැමති නෑ... ඒ අය අතරෙ ජංකුක්ගෙ සාර්තකත්වෙට හදවතින්ම සුබ පතපු අයත් හිටියා... ජංකුක්ගෙ සතුට දැකලා සතුටු වුනු මිනිස්සුත් හිටියා...

🚫🔞 I'm sorry don't leave me 🔞🚫 🔞COMPLETED🔞Donde viven las historias. Descúbrelo ahora