එහෙට මෙහෙට වැනෙන වෝර්කර්ස්ලා සියදෙනෙක්ගෙන් විතර කොටු උන නිසා, දැන් සති දෙකක් තිස්සෙම බුසාන්වලම පුංචි motel එකකට කොටුවෙලා ඉන්න මේ පුංචි Bangtan team එකට සිද්ධ උනා. මොකක්හරි හේතුවක් නිසා ඒ වෝර්කර්ස්ලා, මේ අටදෙනා නැවතුන මේ පුංචි motel එක ළඟින් අඩියක්වත් හෙලවුණේවත් නෑ. හරියට මෙයාලගේ ඇඟේ රස්නෙ දැනිලා වගේ. ඉතින් දැන් සති දෙකක් තිස්සේම ජේජු යන ගමන නතර කරලා, මේ බිත්ති හතරට කොටුවෙලා ඉන්න තමයි මේ team එකට අකැමැත්තෙන් වුණත් කරන්න සිද්ධ උනේ.
"අපිට තව කොච්චර කාලයක් මෙතන හිරවෙලා ඉන්න වේවිද PD? අපි ගාව තියෙන කෑම ටිකත් හෙට අනිද්දා වෙද්දි ඉවරවෙයි. අනික... අපේ කට්ටියත් වැඩි නිසා motel එකේ ටැංකියේ තිබුණ වතුරත් තව දවස් දෙක තුනකට විතර තමයි ඇතිවෙන්නේ."
දවස් ගාණක්ම නම්ජුන්ගේ හිතේ තිබ්බ ප්රශ්න, දැන් දැන් යථාර්තයක් වෙන්න පටන් අරන් තිබුණ නිසා එයා හිටියේ මොනවා කරන්නද කියලා හිතාගන්න බැරුවයි.
"ඒක තමයි නම්ජුනා... මමත් මේ දහඅතේ කල්පනා කරන්නේ, කොහොමද මෙතනින් පැනගන්නෙ කියල තමයි. අපි මෙතනටම හිරවෙලා දැන් සති දෙකකටත් ළඟයි. අපිට මෙතන තවත් නම් ඉන්න බෑ. මේකට මොකක්මහරි කරන්න වෙනවා.."
"අපි අනිත් අයත් එක්කත් කතා කරලා, එයාලට මොනවද කියන්න තියෙන්නේ කියලත් අහලා බලමු නේද..??"
දැනටමත් leader කෙනෙක් වගේ මේ අටදෙනා ගැනම හොඳ අවධානෙන් ඉන්න එක නම්ජුන් කලේ කවුරුවත් එයාට බල කරලා නෙවෙයි. ඒත් PDnim එක්ක එකතුවෙලා මේ හැමෝමව එකතු කරගත්තේ එයා නිසා, මේ කණ්ඩායමේ හැම වගකීමක්ම නම්ජුන් එයාගේ කරට අරන් එයාලාගේ ආරක්ෂාව ගැන හොයල බලන්න තීරණය කලේ ස්ව කැමැත්තෙන්මයි. අනිත් අයත් ඒකට කිසිම විරුද්ධත්වයක් නොපෙන්වා නම්ජුන්ට උදව් කරපු එක තමයි, මේ කණ්ඩායමේ තිබුණ ලොකුම ශක්තිය කියලා කිව්වත් වැරදි නෑ.
ඒත් ඒක එහෙමයි කියලා නම්ජුන් එයාගේ තනි මතේට වැඩ කලෙත් නෑ. PDnim උනත් තීරණයක් ගන්න අමාරුවෙන් ඉන්න වෙලාවක එයා අනිත් අයගෙනුත් අහලා කරන්නේ මොකද්ද කියලා තීරණය කරන්න පුරුදුවෙලා හිටියා.
YOU ARE READING
The Walking Dead ‖ OT7 [6]
Fanfictionබන්ග්ටැන් කියන්නේ හත්දෙනෙක්. චරිත හතක්. පාට හතක්. ඒත්, 'එක කණ්ඩායමක්.' . . . . . . . . . . T H E W A L K I N G D E A D Awards: 🌟3RD PLACE in other category @ceylon_bloomers Award Ceremony 2021 Content ahead including Anger, Pain, Blood, Viol...