Chapter 11: Thicker Than Blood

320 102 79
                                    

කොරියාව විතරක් නෙවෙයි මුළු ලෝකෙ පුරාම හිටිහැටියේ ව්‍යාප්ත වෙන්න ගත්තු Z-ONE නම් දැරූ විද්‍යාගාරයක් ආශ්‍රිතව නිර්මාණය වුණූ දරුණු වෛරසය අන්තිමේදි නතර වුණේ, මේ මුළු ලෝකෙම මිහිපිට අපායක් කරලයි. වෙනදාට ඇහුණ වාහනවල හෝන් වගේම මිනිස්සුන්ගේ අතොරක් නැති කියවිලි, දැන් අමෘතය හදන්න ඔින කරන බෙහෙතක් වගේ. ඒ තරම් 'සාමාන්‍ය ජීවිතයක්' කියන වචන දෙකම 'අසාමාන්‍ය ජීවිතයක්' කියන වචන දෙකත් එක්ක වෙනස් වුණා. වෛරසය ආසාධනය වුණු එක් පුද්ගලයෙකුගේ සපාකෑමක්, විනාඩි කිහිපයක් වැනි සුළු කාලයක් ඇතුළතදි මිනිස් ශරීර තුළ ප්‍රතිචාර දැක්වුවේ, පණුවො හැලෙන, මුහුණින් එළියට නෙරූ ඇස් දෙකත් ලේ රතු පාටට හැරුණු, විකෘති මුහුණක් තියෙන, අමුතු අමනුස්සයෙක් බවට පරිවර්ථනය කරලයි.

ඉතින් මේ මිනිස් සමූහ විනාශය පටන් අරන් මේ වෙනකොට මාස පහකට ආසන්න කාලයක් ගතවෙලා තිබුණත් ඇමරිකාව ප්‍රමුඛ ලෝක බලවතුන් ලෙස නම් දැරූ කිසිම රටකටවත්, මේ දරුණු වෛරසය තාම මෙල්ල කරගන්න බැරි වුණා. මේ වෙද්දිත් ලෝකය නායකයන් බොහෝදෙනෙක් සොම්බී ආක්‍රමණයේ අවාසනාවන්ත ඉලක්ක වෙලා තිබුණ මොහොතක, කොරියාවේ දකුණූ මුහුද මධ්‍යයේ පිහිටි ජේජු දූපතේ තිබුණූ හමුදා කඳවුරක, මේ වෛරසයෙන් ජීවිත බේරාගත්තු මිනිසුන් වෙනුවෙන් ඉඩකඩ වෙන්වෙලා තිබුණා කියලා මේ වෙනකොටත් පණ බේරාගෙන ඉන්න හැමෝම දන්න කතාවක් වුණා.

ඉතින් ජේජු දූපතේ තිබුණු ඒ ආමී කෑම්ප් එක හොයාගෙන යන bangtan කණ්ඩායම, මාස පහක් තිස්සේ ගත කරපු දුෂ්කර වගේම වේදනාබර ගමනකට පස්සේ ඩෙගු කියන වෙළඳ නගරයට එන්න පුළුවන් වුණා. හැම ප්‍රධාන නගරයකටම වෙලා තිබුණු සෙතේම ඩෙගුවලටත් අත්වෙලා තිබුණු විත්තිය හොඳාකාරව පේන්න තිබුණේ, මංකොල්ලකාලා තිබුණු සුපෝපභෝගී වෙළඳ සංකීර්ණ වගේම පාරවල්වල තැනින් තැන කුණු වෙලා වැටිලා තිබුණූ මිනිස් ශරීරත් මියගිය වෝර්කර් සිරුරුත් නිසාමයි.

ඒ අස්සේ, මීට සති කිහිපයකට කලින් පටන් ගත්තු සීත සෘතුව නිසා මේ අයගේ ජේජු බලා යන ගමන් තව තවත් දුෂ්කර වුණ එක විතරයි වුණේ. ඒත් ගමනට අත්‍යවශ්‍ය කරලා තිබුණු රයිෆල්ස්, ශොට් ගන්ස්, උණ්ඩ, සීත කාලෙන් බේරිලා ඉන්න ඔින කරපු හිම කබා, බූට්ස් වගේම ඉටිපන්දම්, ටෝච් වගේ දේවල්, මේ වෙනකොට නිල් දියමන්තියකටත් වඩා වටිනාකමක් තියෙන දේවල් කියලා හැඳින්වුවත් වරදක් නෑ. ඉතින් මේ අයට යුන්ගිගේ මින් බංගලාවේ තිබුණු සේෆ් ලොකර් එකකින්, නිල් දියමන්තියටත් වඩා මිල කල නොහැකි මේ දේවල් අන්තිමේදි හොයාගන්න පුළුවන් වුණා.

The Walking Dead ‖ OT7 [6]Where stories live. Discover now