Chapter 04: Long Road Ahead

356 97 27
                                    

ටයර් පිච්චෙන ගඳත් එක්කම හැම පාරක්ම දුමෙන් වැහිලා තිබ්බ මොහොතක, සෝල් අහසට අදත් උදා උනේ ඊයේ වගේම හරිම මළාණික ඉරක්.

පැය විසිහතරකටත් අඩු කාලයක් ඇතුළත ලෝක ප්‍රසිද්ධ Lotte tower එකත් වෝර්කර්ස්ලාගේ ග්‍රහණයට නතුවෙද්දි, ඒ සුපෝපභෝගී shopping mall එක දැන් එකම ගිනි ජාලාවකින් වෙලාගෙන ඉවරයි.

ආයෙමත් අළුත් දවසක් උදාවෙන්නත් කලින් ලෝක බලවතෙක් වෙච්ච කොරියාවට වෙලා තියෙන මේ කාලකණ්ණි ඉරණම, කිසිම කෙනෙක් බලාපොරොත්තු නොවුණ විනාශයක්ම විතරයි. කොරියාව විතරක් නෙවෙයි, මේ දරුණු වෛරසය මේ වෙනකොටත් මුළු ලෝකෙ පුරාම අසුරු සැණින් පැතිරෙන්න අරන් තිබුණු විත්තිය දැනගන්නවත් දැන් කාටවත්ම හැකියාවක් නැති තරමටම හැම සාමාන්‍ය මනුස්සයෙක්ම දැන් අන්ත අසරණ වෙලා.

කිසිම ආයුධයකට මේ වෝර්කර්ස්ලා පැතිරෙන එක නතර කරන්න බැරි උනා වගේම කිසිම බෙහෙතකට මේ වෝර්කර්ස්ලා හැදෙන එකත් නතර කරගන්න බැරි උනේ, විසි එක්වෙන සියවසේ තියෙන විශිෂ්ඨතම තාක්ෂණික හැකියාවන්ගෙන් පවා කිසිඳු ප්‍රයෝජනයක් නැති වෙද්දියි.

වෝර්ක්ර්ස්ලාගේ කටින් පිටවුණූූ කොළ පාට ශ්‍රාවය නිසා වාහනවල එන්ජින් අක්‍රර්මණය වුණේ, මේ විනාශයට තවත් උදව්වක් වෙන්න වගේ. සිග්නල් කුළුණූ විතරක් නෙවෙයි, මේ වෙනකොට මුළු රටේම විදුලිය වගේම වතුර පෝම්පාගාර පවා වෝර්කර්ලා නිසා විනාශ වී ගිහින් හමාරයි.

ඉතින් මේ වෝර්කර් සපා කෑම්වලින් බේරිලා තවමත් හුස්ම ගන්න කිහිපදෙනාට සිද්ධ උනේ, තමන්ගේ සාමාන්‍ය ජීවිතය අතෑරලා දාලා මේ මිනිස්-සතුන්ගෙන් පුළුවන් තරම් ඈතට පලා යන්න විතරයි. මොකද මේ වෝර්කර් සේනාව දැන් එන්න එන්නම මුළු ලෝකයම තමන්ගේ අතට අරගෙන ඉවර නිසයි.

මේ දේවල් මෙහෙම වෙද්දි ඉල්සන් බලා යන තරුණ කොල්ලො තුන්දෙනෙක්, ගෑණු කෙනෙක් හා පුංචි දරුවෙක් මැදි කරගත්ත මැදි වියේ මිනිසෙක් තවමත් හුස්ම ගත්තේ, ජීවිතේ කොහොමහරි බේරගන්න පුළුවන් වේවි කියන පුංචිම පුංචි බලාපොරොත්තුවත් හිතේ දල්වාගෙනයි.

පාරෙ අයිනෙ තිබ්බ සුපර්මාර්කට්වල වගේම පුංචි පුංචි ග්‍රොසරිස්වල වීදුරුත් බිඳලා දාලා, ඒ කඩවල් ඇතුලේ තිබ්බ හැම කෑමක්ම වගේම තිබ්බ අන්තිම හාල් ඇටේ පවා මංකොල්ල කාලා තිබුණ විත්තිය මේ පුංචි කණ්ඩායමට ඉල්සන් බලා යන මේ ගමනෙදි දැකගන්න ලැබුණා.

The Walking Dead ‖ OT7 [6]Donde viven las historias. Descúbrelo ahora