"කීදෙනෙක්ව ඔයාට පේනවද ජන්ග්කුකා?"
"දකුණු පැත්තෙ බිල්ඩින් එක ළඟ විස්සයි. එතකොට................ අහ්ම්........ දොළහයි, දහතුනයි...... අහ්ම්............. වම් පැත්තෙ වැට ළඟ ඔක්කොම දහඅට දෙනෙයි."
තව නගර දෙකක විතර දුරක් ඈතින් තියෙන ජේජු දූපත බලා යන ගමනේදී, bangtan ටීම් එකට ආයෙ වතාවක් වෝර්කර් පිරිසකට කොටුවෙන්න සිද්ධ වුණා. ඉතින් උස ගහක් උඩට නැග්ග ජන්ග්කුක්, අතේ තිබුණ binocular එකේ උදව්වෙන් එයාලගේ ගමන හරස් කරගෙන ඉන්න වෝර්ක්ර්ස්ලා ටික නිරීක්ෂණය කරන්න ගත්තා.
"එතන සේරම සීයකට කිට්ටුවෙන්න වගේ ගාණක් ඉන්නවා හ්යොන්.... මේ පාර නම් අපිට ලේසිවෙන එකක් නෑ වගේ."
"ඔය පාර ඇරෙන්න, අපිට යන්න වෙන එක පාරක්වත් පේන්න නැද්ද කුක්?"
ජන්ග්කුක්ට විතරක් ඇහෙන්න සද්දෙට කතා කරලා ටේ එහෙම අහනකොට, අතේ තිබුණ රෝඩ් මැප් එක තණ බිස්සෙ දිග ඇරපු යුන්ගි, සියයකට අධික වෝර්කර් පිරිස නිසා වැහැරිලා තිබුණු ඒ අතුරු මාර්ගයත් රතු පාටින් කතිරයක් ගහලා මාර්ක් කලා.
"අපිට යන්න තියෙන එකම පාර ඒක විතරයි ටේ. වෙන පාරක් නෑ."
ලොකු හුස්මක් අරන් අතෑරපු යුන්ගි, එයාගේ වටේටම එකතුවෙලා හිටපු හැමෝගෙම දිහා බැලුවේ අසරණවයි. මොකද ඒ වෙද්දිත් එයාලා යන්න උත්සහ කරපු Donghean ගඟේ පාලම විනාශවෙලයි තිබුණේ.
"අපිට යන්න තියෙන්නෙ එක පාරයි නම්, අපි ඒ පාරෙන්ම යමු."
ටේගෙයි ජිමින්ගෙයි උදව් ඇතුව නැඟලා හිටපු ගහෙන් බිමට බැහපු ජන්ග්කුක් කියපු ඒ කතාවට නම්, හැමෝම මේ මැක්නෙගේ පැත්තට හැරුණේ ලොකු ප්රශ්නාර්ථයකුත් එක්කයි.
"මෙතන ඉදන් මීටර දහයක් විතර ඈතින් LED ස්ක්රීන් එකක් තියෙන ට්රක් එකක් දැක්කා." ජන්ග්කුක් එයාගේ ඔළුවත් කස කසා එයා දැකපු දේවල් විස්තර කරන්න පටන්ගත්තා.
"මන් හිතන්නේ ඒක ෆුට්බෝල් ෆයිනල් එක පෙන්නන්න ගෙනාපු ට්රක් එකක්ද කොහෙද... ඉතින් අපිට ඒ ට්රක් එකේ සීක්රීන් එක on කරගන්න පුළුවන් වුණොත්---"
YOU ARE READING
The Walking Dead ‖ OT7 [6]
Fanfictionබන්ග්ටැන් කියන්නේ හත්දෙනෙක්. චරිත හතක්. පාට හතක්. ඒත්, 'එක කණ්ඩායමක්.' . . . . . . . . . . T H E W A L K I N G D E A D Awards: 🌟3RD PLACE in other category @ceylon_bloomers Award Ceremony 2021 Content ahead including Anger, Pain, Blood, Viol...