ටේහ්යොන්ගේ කකුල හොඳටම හොඳවෙනකල් ජේජු camp එක හොයාගෙන යන ගමන දවස් කිහිපයකට කල් දාපු නිසා, තවමත් Bangtan team එකම නැවතිලා ඉන්නේ දැන් සති තුනක් විතර තිස්සෙම කරදරයක් නැතුව ඉන්න පුළුවන් උන බුසාන් motel එකෙයි.
ජන්ග්කුක්ගේ plan එකක් විදිහට motel එකේ ගේට්ටුව වැහෙන්නම වෝර්කර් ලේවලින් විතරක් තවරපු bed sheets දාලා cover කරලා තිබ්බ නිසා, මීට කලින් motel එක ඉස්සරහ හිටපු වෝර්කර්ස්ලා සේරම වගේ ටිකෙන් ටික එතනින් ඈතට ගියේ, වෝර්කර් ලේවලට එයාලව distract වුණ නිසයි. ඉතින් ඒ නිසා Bangtan team එක හිටියේ හුඟක් සතුටින්. ඒ වුණත් වටපිටාව ගැන සෝදිසියෙන් ඉන්න කියන එක නම් පීඩීගෙන් මේ තරුණයන්ට ලැබුණ එකම අවවාදෙ උන නිසා, එයාලත් පීඩීට අවනත වෙන්න දෙපාරක් හිතුවේ නෑ.
ඉතින් ජන්ග්කුක් වගේම යුන්ගි දෙන්නා එයාලගේ motel එකේ security එක භාරව හිටපු දෙන්නා විදිහට night shift එක කර කර හිටපු වෙලාවක, පාන්දර එක පහුවුණු හැටියේ එකපාරටම ඇහුණු වෝර්කර් කෑගැහිලි නිසා දෙන්නාම ඉද්දගහලා වගේ ඉඳගෙන හිටපු තැනින් නැඟිට්ටේ වෙන්නෙ මොකද්ද කියලා තේරුම් ගන්න බැරුවයි.
දැන් දවස් දෙකක් තිස්සෙම වෝර්කර් කෑගැහිල්ලක් ඇහුනෙම නැති නිසා ළඟින්ම වගේ ඇහෙන්න ගත්ත වෝර්කර්ස්ලගේ ඒ මහ සද්දෙත් එක්ක, නිදාගෙන හිටපු අනිත් අයත් කලබලවෙලා එළියට දුවගෙන ආවෙ එයාලගේ ඇසුත් බය කියන අකුරු දෙකෙන් අරක් අරන් තිබුණු වෙලාවකයි.
"මොකද්ද මේ වෙන්නේ හ්යොන්..??"
"මමත් දන්නෙ නෑ හොසොකා... අපි දෙන්නා මෙතන ඉඳගෙනයි හිටියේ.. එකපාරටම උන් ටික--"
යුන්ගි කියන්න ගියපු දේ සම්පූර්ණ කරන්න නොදී, කවුරුහරි motel එකේ ගේට්ටුවට ඒත් එක්කම හයියෙන් ගහන්න ගනිද්දි නම් කොල්ලො ටික එයාලගේ ඉණේ රඳවන් හිටපු guns ටික අතට ගත්තා.
"අ.......අ.....අපිට.... අහ්හ.... අපිට උදව් කරන්න චෙබාල්......."
ආයෙමත් ගේට්ටුවට හයියෙන් ගහන ගමන් ඇහුණ ඒ ගොරෝසු පිරිමි කටහඬ නිසා, කට්ටියම එක්කෙනාට එක්කෙනාගේ මූණවල් දිහා බලන්න පටන්ගත්තේ කිසිම දෙයක් හිතාගන්න බැරුවයි.
YOU ARE READING
The Walking Dead ‖ OT7 [6]
Fanfictionබන්ග්ටැන් කියන්නේ හත්දෙනෙක්. චරිත හතක්. පාට හතක්. ඒත්, 'එක කණ්ඩායමක්.' . . . . . . . . . . T H E W A L K I N G D E A D Awards: 🌟3RD PLACE in other category @ceylon_bloomers Award Ceremony 2021 Content ahead including Anger, Pain, Blood, Viol...