-Chapter 17-

783 197 177
                                    

ටේට එයාලා එහෙම කියපු දේවල් තදින්ම හිතට වැදුනා.එයාලා එතනින් ගියාට පස්සෙ ටේ එක දිගටම අඩන්න ගත්තෙ හිතින් එයා එයාටම දොස් පවරගෙන...

"ඇයි මං මෙච්චර මෝඩ වැඩක් කරේ?වැරද්දැක් නොකර ඇයි මට එයාලා මෙහෙම කරන්නෙ මං එයාට මොනවා කරාටද?මගේ තිබ්බ අසරණකමට මං එයාව බැන්දෙ නැතුව එයත් එක්ක තියන තරහකට නෙමේ.මට කිසි දෙයක් නෑ තමයි ඒත් හැමතිස්සෙම ඇයි එයාලා ඒක මතක් කරලා මාව පහත් කරන්නෙ මේ තරම්?ඇයි හැමෝම මට අනුකම්පා කරන්නෙ?මාව නිකන් හැමෝටම සෙල්ලම් බඩුවක් වගේද?ඇයි මාත් මනුස්සයෙක් කියලා කාටවත් නොතේරෙන්නෙ?"

එයා කාගෙවත් ඉස්සරහා එයාගෙ කදුලු පෙන්නන කෙනෙක් නෙමේ.හැමදේම එයා තනියෙන් ඉවසන්නෙ.එදා කවුරුත් නොහිටපු නිසා එයා එයගේ දුක අඩු වෙනකන්ම ඇඩුවා...

ඔන්න ඉතින් එදා හවස් වෙද්දි ආයෙත් වීරයා ගෙදර ආවා.හැබැයි ටේ නම් පේන්න හිටියෙ නෑ.ජන්කුක් ශේප් එකේ ටේගෙ කාමරේ පැත්තට ගියේ එයා ඉන්නවද බලන්න.ඒ යනවත් එක්කම එයාට සද්දයක් ඇහෙනවා ටේ කාත් එක්කද මන්දා කතා කරනවා...

"ඔයා කොහෙද යනවා කිව්වෙ?එහේ ගොඩක් කල් ඉන්න වෙයිද?මොනවා වුනත් පරිස්සමින් ගුමී...ඉක්මනට ආපහු ගිහින් එන්න.ඒක මොන වගේ මෙහෙයුමක්ද?බයානක එකක් නෙමේ නේ?ඔයා විතරයි මෙහෙම හරි මං ගැන බලන්නෙ.මට හැමදේම කියන්න ඉන්නෙත් ඔයානේ.මොනවා වුනත් කමක්නෑ පරිස්සමින් ගිහින් එන්න ඉක්මනටම."

Jungkook's p.o.v.

ආ...හා...එහෙනම් එයාට මොකක් හරි එකක් තියනවා.මෙයා මගේ වැඩේ තවත් ලේසි කරනවා වගේ.බලමුකො ඉතින් ඔහොම යමුකෝ...ආ...පොඩ්ඩක් ඉන්න?ගුමී...?ඒ කිව්වෙ අර කොල්ලා නේද?ඒ අර camp එකේ කොල්ලා.එයාලව අර අමාරු mission එකට යවලවත්ද?ඒත් එයාලා තාම අලුත්?

මගේ හිතට ඒ පාර කොහෙන්වත් නැති අලුත් ප්‍රශ්නයක් ආවා.මං ඒ වෙලාවෙම යුන්ගිට කෝල් එකක් ගන්න ගියා මේක හරියටම දැනගන්න...

"ඒ...බන් උඹගෙ camp එකේ අලුත් සෙට් එකව අර mission එකට යැව්වද?"

"ආ...ජන්කුකා...උඹද?...මාවත් ආයේ ඔහෙට එවනවා."

"මොකද්ද වුනේ කියපම්කො?"

"අර blast එක ගැන තාමත් පරීක්ෂණ කරන නිසා වෙන කෙනෙක්ව camp එක භාරව එව්වා.මට ආපහු සෝල් එන්න වෙනවා ප්‍රධාන මූලස්ථානෙන් කැදවීමක් ලැබුනා.ඒත් නාම්ජුනා තාම එහේ ඌත් එයි ඊළඟ සතියෙ."

A Story Of Tears |TK Ver🍂 ✔Where stories live. Discover now