-Chapter 26 (END)-

1.5K 226 572
                                    

ජන්කුක් හුගක් කේන්තියෙන් එයාගෙ කාර් එක ඩ්‍රයිව් කරන් යන්න පිටත් වුනේ black wolf ඉන්න තැන හොයාගෙන.කොහොම හරි එයා ගිහින් කාර් එක නැවැත්තුවෙ වරාය පැත්තට වෙන්න තිබ්බ ගබඩාවක් ගාවින්.ඊට පස්සෙ එයා වට පිට බලලා ආපහු එතනින් වෙන තැනකට ගියා.එයා ගියේ තවත් ටිකක් ඈතට වෙන්න තිබ්බ පරණ building එකක් ගාවට.හැබැයි එතන අතෑරලා දාපු තැනක් වගේ මිනිස් පුලුටක් පේන්න වත් තිබ්බෙ නෑ.ජන්කුක් ආපහු වට පිට බලලා ඒ building එක ඇතුළට ගියා.ඒ අතර ටේට ටික,ටික සිහිය එන්න ගත්තා...

Taehyung's p.o.v.

මගේ ඔලුව නිකන් ගිණි ගන්න වගේ.හුගක් අමාරුයි ඇස් අරින්න ඕන වුනත් ඉබේටම ආපහු පියවෙනවා.මං හුගක් අමාරුවෙන් ඇස් ඇරලා වටපිට බැලුවෙ ඒ තැන මොකද්ද?මං කොහෙද ඉන්නෙ?කවුද මාව මෙහෙට ගෙනාවෙ?කියලා.ඒක හුගක් අමුතු තැනක්.හුගක් අදුරු තැනක්.ඒත් එක්කම මගේ වටේටම කලු ඇදගෙන මූණත් වහන් තුවක්කු උස්ස ගත්ත මිනිස්සු.මට ඒ වෙලාවෙ හුගක් බය හිතුනා.ඇත්තටම ආපහු සැරයක් මට මරණ බයක් ඇති වුනේ ඒ තුවක්කු උස්සන් ඉන්න මිනිස්සු මං දිහාම බලාගෙන හිටපු නිසයි.ඒත් එක්කම එතනින් මං නැගිටින්න උත්සාහ කරද්දියි තේරුනේ මගේ අත්,කකුල් හොල්ලන්න වත් බෑ කියලා.ඇත්තටම කිව්වොත් එයාලා මාව පුටුවට තද කරලා ගැටහලයි තිබ්බෙ හෙල්ලෙන්න වත් බැරි වෙන්න.ඒත් එක්කම දෙයක් මගේ ඔලුවෙ සීතලට වගේ දෙයක් හැප්පෙනවා වගේ තේරුනා.ඒක ටික,ටික මගේ නළල පැත්තට කෙනෙක් ඇදගෙන එද්දියි තේරුනේ ඒ pistolක් කියලා.ඒක අල්ලන් හිටපු කෙනාගෙ මූණ හරිම භයානක පාටයි.කේන්තියෙන් ගිණි ගන්න ඇස් දෙකක් එයාට තිබ්බෙ...

ටේගෙ නළලට ඒ විදිහට තුවක්කුවක් දික් කරන් හිටියෙ black wolf.එයා ටේ දිහා එහෙම බලන ගමන් අමුතු විදිහට හිනා වෙලා මෙහෙම කිව්වා...

"සිහිය ආවා නේද කොල්ලො?පුදුම වුනාද ආ?"

"කොහෙද මේ?ඇයි මාව මෙහෙට ගෙනාව.ඔයාලා කවුද?"

ටේ හුගක් බයෙන් වගේම,දගලමින් එහෙම කියද්දි...

"ආ...ඔයා ඉතින් මේ මුකුත් දන්නෑනේ...?තව ටිකකින් ඔයාගෙ අර husband කියන එකා ආවම ඔක්කොම දැන ගන්න පුලුවන්."

A Story Of Tears |TK Ver🍂 ✔Where stories live. Discover now