02

738 199 47
                                    

පහුවදා උදයේ ජන්කුක් අවදි උනේ යුන්ගී හයියෙන් කෑ ගහන සද්දෙට.

"එලිවෙලා නැගිටින්න. මෙහෙම කම්මැලි මිනිස්සු දැක්කයින් දැක්කා මයි. අලුතෙන් පත් උන සෙබලු නෙවෙයිනෙ!!! දඬුවම් විඳින්න ආසා නැති නම් ඉක්මන් කරන්න"
යුන්ගී කෑ ගහද්දී ජන්කුක් ඉක්මනින් ඇඳෙන් බැහැලා ගියේ පිරිසිදු වෙන්න.

ඉක්මනින් නිළ ඇඳුම ඇඳ යත් ජන්කුක් කාමරයෙ අනෙකුත් සෙබලු සමග යුද පුහුණු පිටියට යනකොටත් වෙනත් සේනාංක වල සෙබලුන් පිටියෙ තැන තැන හිටගෙන හිටියා.

"කිසි පිලිවෙලක් නෑ, අපේ කඳවුර මීට වඩා පිලිවෙලයි"
නම්ජුන් අහංකාර ලෙස කියනකොට යුන්ගී ඔහු දෙස බැලුවා.

"ප්‍රධානියා එනකම් විතරයි."
කෙටියෙන් කිව්ව යුන්ගී තමන්ගෙ කණ්ඩායම දෙස උනන්දුවෙන් බැලුවා.

"තමන්ගෙ partner ව තෝරා ගන්න. ඉක්මන් කරන්න."
යුන්ගී කියද්දී සෙබලුන් වට පිට බලමින් තමන්ට වඩාත් සමීපතමයාට ලං වෙද්දී නම්ජුන් ජන්කුක්ට ලං උනා. නම්ජුන් සියල්ල දත්තෙක් ලෙස හැසිරෙන නිසා ඔහු සමග පුහුණු වීම් කිරීමට විශේෂ ආසාවක් ජන්කුක් ට නොතිබුනත්, නම්ජුන් ඔහුගෙ අතින් අල්ලා ගන්නා විට ජන්කුක් නිහඬව හිටියෙ මෙතැන වෙනත් කිසි කෙනෙක් ඔහු හරිහැටි අඳුරන්නෙ නැති නිසා.

"ඔය කොල්ලා. මාත් එක්ක එන්න"
යුන්ගී කිව්වෙ නම්ජුන් ව පෙන්වමින්.

"ඒ මොකද? මට පුලුවන් ජන්කුක් එක්ක පුහුණුවීම් කරන්න. ඇරත් අපි දෙන්නා දීර්ඝකාලීන ව එකට පුහුණු වීම් කරපු නිසා ඒක පහසුයි"
නම්ජුන් කියද්දී යුන්ගී ඔහු දෙස රවා බැලුවා.

"මේ කොල්ලා බොහොම අහංකාරයි වගේ. මාත් එක්ක හිටියොත් හදාගන්න පුලුවන්. එතකොට ටේහ්‍යුන්. මෙයත් එක්ක යන්න"
Partner කෙනෙකු නැතිව තනිවී බිම බලාගෙන හිටපු ටේහ්‍යුන්ට ජන්කුක්ව පෙන්වන ගමන් කිව්ව යුන්ගී නම්ජුන් ට ඔහු ළගට එන ලෙස සන් කලා.

යුන්ගී නම්ජුන්ව ඔහුගෙ සහකරු ලෙස ගත්තෙ , නම්ජුන් ගෙ අහංකාර බව නැති කිරීමට නොව දුර්වල ශරීරයකට හිමිකම් කියූ ටේහ්‍යුන් සමග ඔහුට පුහුණුවීම් කිරීමට අවශ්‍ය නොවන නිසා වග තේරුම් ගැනීමට ජන්කුක් ට අපහසු උනේ නෑ.

ɓεƒσɾε ƭɦε ωเɳƭεɾ | TK ✓Where stories live. Discover now