ටේහ්‍යුන් ව තමන්ගෙ ශක්තිමත් දෑත් අතරට ගත්ත ජන්කුක් ඔහුව අරගෙන ගියේ ඕක් ගසට ටිකක් එහාට වෙන්න තිබුණු තණ පිට්ටනියට.
මුර සංචාරයෙ යෙදෙන සෙබලුන් සිටිය හැකි නිසා ඔවුන්ට නොපෙනෙන්න ජන්කුක් ටේහ්‍යුන්ව ඔසවාගෙන විශාල ලී කොටයකින් හා මල් පඳුරු කීපයකින් වැසුනු තරමක් ආවරණය උන ස්ථානයකට ගියා.
තෘණ බිම උඩින් ටේහ්‍යුන්ව තිබ්බ ජන්කුක්, තමන්ගෙ කබාය ගලවා බිම අතුරා ඒ මත දැනටමත් ජන්කුක් දෙස පුදුමයෙන් බලාගෙන ඉන්න ටේහ්‍යුන්ව වැතිරුවෙ ඔහුගෙ දෙතොල් සිප ගන්නා ගමන්. ජන්කුක් ටේහ්‍යුන්ගෙ දෙතොල් සෙමෙන් සිප ගනිද්දී ඔහුගෙ ගෙල වටා ටේහ්‍යුන්ගෙ දෑත් එතෙන වගත් , ටේහ්‍යුන් ඔහුව පෙරලා සිප ගන්නා බවත් ඔහුට දැනුනා.
ඒ සමගම කෙමෙන් කෙමෙන් ඔහු ටේහ්‍යුන්ට දුන්නු ආදරය පිරී ගිය හාදුවහි ආදරය කෙමෙන් යටපත් කරමින් ආදරය හි අනුරාගය පිරුණු හාදුවක් බවට පත් කරද්දී ජන්කුක් ගෙ පහසට මත් උන ටේහ්‍යුන් කෙඳිරි ගෑවා.
"මගෙම වෙන්න මැණික.... ජන්කුක් ගෙම විතරක්"
ටේහ්‍යන්ගෙ පිරිපුන් දෙතොලුත්, තමාගෙ පහස නිසා වැසී ගිය දෑසුත්, නලල් තලයත්, සඳ එලිය වැටී දිලිසෙන රෝස පැහැති කම්මුලුත් සිප ගත් ජන්කුක් ටේහ්‍යුන්ව කෙමෙන් කෙමෙන් ඔහු ඉදිරියෙ සම්පූර්ණයෙන්ම නිරුවත් කර ඔහුත් ටේහ්‍යුන් ඉදිරියෙ නිරුවත් උනා.ඒ ගත වූ මුලු කාලය තුලම ජන්කුක් ටේහ්‍යුන්ව ඔහුගෙ පහසින් මත් කල අතර, ටේහ්‍යුන් ඒ පහස විදිමින් තමාගෙ දෑස් වසාගෙන සිටිනු දුටු ජන්කුක් මද සිනාවක් මුහුණට නංවාගෙන ඔහුගේ කම්මුල් වලට තට්ටු කලා.
සඳ කිරන වැටී දිලිසෙන ජන්කුක් ගෙ පිරිපුන් නිරුවත් ශරීරයත් ඔහුගෙ රිදි පැහැයෙන් දිලිසෙන මුහුණට වැටුන හිස කෙසුත් දුටු ටේහ්‍යුන් හට සිහි ගැන්වූයේ එක් ශක්තිමත් ග්‍රීක දෙවියෙක්.
ටේහ්‍යුන් තමා දෙස ඇස් පිය නොහෙළා බලා සිටිනු දුටු ජන්කුක් ටේහ්‍යුන්ගෙ නිරුවත රසවිඳින ගමන් ඔහුගෙ දෙතොල් මත හාදුවක් තබා එක් වරම ඔහුට ඇතුලු වූයේ වේදනාවට ටේහ්‍යුන් ජන්කුක් ගෙ අත අතින් මිරිකා ගනිද්දී.
YOU ARE READING
ɓεƒσɾε ƭɦε ωเɳƭεɾ | TK ✓
Fanfictionමූසල ශීත ඍතුව අපේ බලාපොරොත්තු ගල් කරලා විනාශ කරලා දාන්න කලින් මේ අපායෙන් ගැලවිලා යන්න මාත් එක්ක එන්න ටේහ්‍යුන්, ශීත සෘතුවට කලින් අපි අපේම මතක දිගෙ අනන්තයට අත් අල්ලගෙන පියාඹමු. - ජන්කුක් - •දෙවන ලෝක යුධ සමයෙ සිදු උන ආදර කතාවක්. •Taekook love •Soldi...