06

612 169 50
                                    

කලින් ඒවගෙ notification ආවෙ නැති නම් එවා බලලා ඉන්න ☹️




ටේහ්‍යුන්ගෙ අත් අල්වාගෙන කඳවුර බලා ගිය ජන්කුක් ඔහු දෙස විටින් විට බැලුවෙ අඩ අඳුරේ උවත් කඳවුරෙ තැනින් තැන දැල්වුන එලි නිසා පෙනෙන ටේහ්‍යුන්ගෙ ලස්සන විඳ ගන්න.

ඇත්තෙන්ම ටේහ්‍යුන් හමුදා නිල ඇඳුම ඇදගෙන නොහිටියා නම් ඔහු බොහෝ කඩවසම් වන්නට තිබුනා. ඔහුගෙ යටි කය පමණක් සුදු පැහැති සිල්ක් සලුවකින් වසා , තමා ඉදිරෙයේ ඔහුව සයනයක් මත සතපවා ඔහු දෙස ආදරයෙන් හා රාගයෙන් තමා බලාගෙන සිටින අයුරු මවා ගන්නට ජන්කුක් උත්සාහ කලා.

"කුකී.........."
ටේහ්‍යුන් කතා කරද්දී ජන්කුක් ඔහු දෙස බලා සිනා සුනා.

"කුකී.... ඇත්තටම මට ආදරෙයි නේද? පුංචි කාලෙ හම්බුනාට පස්සෙ දැනුයි අපි නැවත හමුඋනේ.. ජන්කුක් ඇත්තටම මට ආදරෙයි ද?"

ටේහ්‍යුන් බිම බලාගෙන අහනකොට ජන්කුක් ඔහුගෙ කම්මුල් ස්පර්ශ කලෙ අපමණ සෙනෙහසින්. ඔහුව වයසින් වැඩුනු පසු දුටු මුල් දිනේදී ම ජන්කුක් ගෙ හදවත ඔහුට නිරායාසයෙන්ම ආදරය කිරීමට පෙලඹුන අයුරු ඔහු ටේහ්‍යුන් හට විස්තර කරද්දී චකිතයකින් වැසී තිබුන ටේහ්‍යුන්ගෙ තොල් මත මද සිනහවක් ඇදුනෙ ඒ දෙතොල් සිප ගන්නා ලෙස ජන්කුක් ගෙ හදවත ජන්කුක් ට බල කරද්දී.

ටේහ්‍යුන් ව කඳවුර මැදම තමා දෙසට ඇදගෙන ඒ දෙතොල් සිප ගැනීමට යද්දී උගුර පාදන ශබ්දයක් නිසා ජන්කුක් හැරී බැලුවා.

"මොකද මෙතන වෙන්නෙ"
තමා දෙස සිනා වෙමින් බලා සිටින යුන්ගී දෙස බලන ගමන් ජන්කුක් ටේහ්‍යුන්ගෙ අතින් අල්ලාගෙන බිම බලා ගත්තෙ ඒ වන විටත් ටේහ්‍යුන් ලැජ්ජාවෙන් බිම බලාගෙන ඉන්නා අතරතුර.

"අපි..... මේ...."

"පිරිමි විතරක් පිරිලා ඉන්න තැන් වලදී ඔහොම වෙන එක සාමාන්‍ය යි"
සමච්චල් සහගත ලෙස සිනා උන යුන්ගී ජන්කුක් ගෙ පිටට තට්ටු කර එතැනින් පිටත්ව යන අයුරු ජන්කුක් බලා සිටියෙ පුදුමෙන්.

"යුන්ගී.......?"
ටේහ්‍යුන් දෙස බලා ජන්කුක් කියද්දී ටේහ්‍යුන් අපහසුවෙන් දෙව්ර සෙලෙව්වා.

ɓεƒσɾε ƭɦε ωเɳƭεɾ | TK ✓Onde histórias criam vida. Descubra agora