12

474 144 18
                                    

"මාත් එක්ක එන්න මගෙ ජිමින්....."
යුන්ගී ජිමින්ගෙ අත් දෙකෙන්ම අල්ලා ගනිද්දී ජිමින් හිනා වෙන ගමන් යුන්ගී ගෙ පස්සෙන් ආවා.

"ආදරෙයි මගෙ යුන්ගීට"

"ආදරෙයි මමත් මගෙ ජිමින්ට"
යුන්ගී කියනකොට ලැජ්ජාව මුසු සිනහවකින් මුව සරසා ගත්ත ජිමින් යුන්ගී ට තුරුලු උනා.

"එන්න, අපි ඉක්මනට මෙතනින් යමු"














"කවුද ඔය? ඔහොම නතර වෙනවා"
යුන්ගී ජිමින්ගෙ අතින් අල්වාගෙන යෑමට සැරසෙද්දී ඒ ඇහුණ කටහඩත් සමග යුන්ගී හා ජිමින් නොසන්සුන් උනා.

අඩ අඳුරෙ උනත් හැරී බැලූ යුන්ගී දුටුවෙ ඔහු මුර සංචාරයෙ යෙදෙන සෙබළෙක් කියා. අනතුරක සේයාවක් දැනුන යුන්ගී මොහොතක් වත් කල්පනා නොකර ජිමින්ගෙ අතින් අල්වා ගෙන දිවීමට පටන් ගනිද්දී තමාගෙ ජීවිතයටත් වඩා යුන්ගී ගෙ ජීවිතය ගැන බියට පත් උන ජිමින් යුන්ගී පසු පස දුවගෙන ආවෙ ඔහුට හැකි උපරිම වේගයෙන්.

ජිමින්ගෙ නිරුවත් දෙපා ගල් පතුරු වලට කැපෙනා බව දැන දැනත් යුන්ගී ඔවුන් දෙදෙනාගේම ජීවිතය වෙනුවෙන් පුලුවන් උපරිම වේගයෙන් ජිමින්ව ඇදගෙන දිව ගියෙ ඔවුනගෙ නිදහස වෙනුවෙන්. විටින් විට ජිමින්ගෙ කෙඳිරිලි හඬ ඇසුනත් ඔහු ඒ පිලිබද තැකීමක් නොකලෙ ඔහුගෙ හදවත හඩමින් සිය දහස් වතාවක් ජීමින්ගෙන් සමාව වැඳ වැටී ඉල්ලද්දී.... තමාගෙ පසුපසින් සෙබලා පැමිණෙන වග යුන්ගී ට ඇසෙද්දී ඔහුගෙ හදවත වේගයෙන් ගැහුනා.




"කිව්වම අහලා නතර වෙනවා!!!!"

සෙබලා නියෝග කලත් ඔහුගෙ නියෝගය නොතකා යුන්ගී ඉදිරියට දිව ගියා.

මගෙ ජිමින් ජීවත් වෙන්න පටන් ගත්තා විතරයි!!

යුන්ගිගෙ හදවත කීවේ එපමනයි.....

එක් වරම වෙඩිල්ලක ශබ්දයක් සමග ඔහුගෙ හදවත එක් වරම නතර වෙද්දි යුන්ගී ආපසු හැරී බැලුව අතර ඔහු දුටුවෙ බිම වැටී සිටින ජිමින්.

"ජිමින් ජිමින්.... මගෙ ජිමින්......."

"යු...න්ගී"
කලබලෙයෙන් කෑ ගසන ගමන් යුන්ගී වේදනාවට කෙඳිරි ගාන ජිමින් ව තුරුලු කර ගනිද්දී ඔහු දුටුවෙ ඔහුගෙ පාදයෙන් ගලා යන රුධිරය.

ɓεƒσɾε ƭɦε ωเɳƭεɾ | TK ✓Where stories live. Discover now