10

519 154 15
                                    

"ටේ මැණික"
කුරුල්ලන්ගෙ නාදය ඇසෙද්දී දෑස් ඇර බැලූ ජන්කුක් දුටුවේ නිරුවතින්ම තමන්ගෙ පපුවට ගුලි වී සිටින ඔහුගේ ප්‍රේමය - ටේහ්‍යුන්.

ඔහුගේ වැසුනු දෑස් වසා වැටී තිබෙන ඔහුගෙ හිස කෙස් ඔහුට අමුතු සුන්දරත්වයක් සේම සරාගී බවක් ගෙන ආවා.

"මගෙ මැණික... කෝ නැගිටින්නකෝ. අපි කඳවුරට යන්න ඕනෙ"
ජන්කුක් ටේහ්‍යුන්ගෙ උරහිසට තට්ටු කරන ගමන් කෙඳිරුවේ හිරු එලිය වැටුනොත් ඔවුන් දෙදෙනාව වට පිට සැරි සරන සෙබලුන්ට දර්ශනය වනවා පමණක් නොව, ඔවුන් දෙදෙනා කඳවුරට යෑම ප්‍රමාද උවොත් ඔවුන් හට දඬුවම් විදීමටත් සිදු වන නිසා.

"කුකී........"
සෙමින් දෑස් විවර කල ටේහ්‍යුන් දැක්කෙ ඔහු දෙස ආදරයෙන් බලා ගෙන ඉන්න ජන්කුක්. ජන්කුක් හට සිනහවක් සංග්‍රහ කල ටේහ්‍යුන් කෙලින් වෙද්දී ජන්කුක් ඔහු සමගම කෙලින් වී ඉඳ ගත්තා.

"ඇඳුම් ඇඳ ගන්න මැණික. අපි යන්න අවශ්‍යයි ඉක්මනින්"
ජන්කුක් කිව්වෙ පෙර දින රාත්‍රියේ ඔහු ඉවත් කල  , පොලොව පුරා විසිරී තිබුණු ටේහ්‍යුන් ගෙ නිල ඇඳුම් ඔහුගෙ අතට නැවත ලබා දෙමින්.

"ජන්කුක්... අනේ බලන්නකො... ඔබේ ඇදුම් අපිරිසිදු වෙලා....."
ටේහ්‍යුන් කණගාටුවෙන් කිව්වෙ ඔවුන් දෙදෙනා පෙර දින රාත්‍රියේ වැතිරුණු ජන්කුක් ගෙ නිල ඇඳුම පෙන්වමින්.

"අපිරිසිදු ඇඳුම් ඇන්දොත් ඔබට දඬුවම් විදීමට සිදුවේවී මගේ කුකී"

"ආ... ඒකට කමක් නැහැ. තව එකක් තියනවා නේ. ගිහින් මේක හෝදන්නම්.... ඇඳුම් ඇඳ ගන්නකො මැණික"
ජන්කුක් කියද්දී ඔහුව නොසලකා හැරපු ටේහ්‍යුන් ජන්කුක් ගෙ නිරුවත් පපුව ට හේත්තු වී ඔහුගෙ හදවත ගැහෙන රිද්මයට සවන් යොමු කලෙ දෙතොල් මත සිහින් සිනාවක් ඇඳෙද්දී...

ජන්කුක් ගෙ තුරුලෙ ඉඳගෙනම ජන්කුක් ගෙ දෑත් ගෙන ඔහුගෙ දෑත් තමාගෙ පපුවට තද කලෙ ඔහුගෙ හදවතෙ රිද්මය ජන්කුක් ට දැනෙන්නට සලස්වන්න.

ඔවුන්ගෙ ප්‍රේමය වෙනුවෙන්ම ගැහෙන ඒ හදවත්!

මොහොතක් එකිනෙකාගෙ තුරුලෙ සැනහුන ජන්කුක් හා ටේහ්‍යුන් නැවතත් එකිනෙකාගෙ දෙතොල් සිපගෙන ඇඳුම් ඇඳගෙන එකිනෙකාගෙ දෑත් පටලවාගෙන යලි කඳවුර බලා පිටත් උනෙ සිනා සෙමින්.

ɓεƒσɾε ƭɦε ωเɳƭεɾ | TK ✓Tempat cerita menjadi hidup. Temukan sekarang