Taehyung pov
යුද්ධය යනු ශාපයක්!!
යුද්ධය මිනිසුන්ට හැමදේම අහිමි කරනවා
දන්නෙ නෑ යුද්ධයෙදී කවුද නිවැරදි කවුද වැරදි කියලා
ඇත්තටම කවුද වැරදි? කවුද නිවැරදි?
යුද්ධයෙ පිල් දෙකෙ වැරදි කාරයෙක් ඉන්නවද? නිවැරදි කාරයෙක් ඉන්නවද?
ඇයි පරදින පිලට දඬුවම්? ජ්‍යග්‍රහනය කරපු පිල මැරුවෙ නැතිද අහිංසකයන්?
යුද්ධය කියන පුලුල් ජාලය ඇතුළෙ දෙපිළක් මරාගන්නවා විතරයි? යම් යම් පටු අරමුණු වෙනුවෙන් දෙපිලකගෙ මරා ගැනීම්
කිසිවක් නොදන්න අහිංසකයන්ට දිවි අහිමි වීම්
දරුවෙකුට පියෙක් , බිරියකට සැමියෙක් , සහෝදරයෙකුට සහෝදරයෙක්
කෝ සාධාරණත්වය?
කෝ යුක්තිය?
යුද්ධයෙන් ලැබෙයි දේශ සීමා , රට රටවල් ,ධනය , බලය
ඒත් කොහෙද ලියලා තිබුණෙ මිනිස් ජීවිතයකට වඩා ඒ බලය වටිනවා කියලා
කොහෙද තියෙන්නෙ ඒ ලැබෙන බලය එක් දරුවෙක්ගෙ සිනා හඬකට වඩා වටිනවා කියලා
කාටද ඇහුනෙ වෙඩි හඬක් හුස්ම වැටෙන සද්දෙ කට වඩා ලස්සනට?
කොහෙද ලියලා තියෙන්නෙ ?
කවුද ලිව්වෙ ?
එදා ජපානය ජර්මනියට විරුද්ධව නැගී සිටිනකොට යුරෝපයට සීමා උන යුද්ධය ලෝක යුද්ධයක් උනෙ ආගම්, ජාති, කුල, මල කියලා මරා ගත්ත සේරම ජාති එක යුධ බයක ගිල්වලා
ඇමරිකාව ජපානයෙ හිරෝෂීමාවට නාගසාකි වලට පරමාණු බෝම්බ දැම්මා. දහස් ගානක වපසරියක් විනාශ උනා. අහිංසක මිනිස්සු සුන දූවිලි උනා.
අදටත්
අදටත්
ඒ වායෙ විකිරණ නිසා මිනිස්සු විඳවනවා
අදටත් යුදෙව් වදකාගාර දිහා බල බල මිනිස්සු හූල්ලනවා
කවුද වැරදි?
නිලධාරියන්ගෙ පව් වලට වන්දි ගෙවන්න ඕනෙ අහිංසකයොද ?
දහස් ගානක සෙබලු අනතුරෙ වැටුනා
ESTÁS LEYENDO
ɓεƒσɾε ƭɦε ωเɳƭεɾ | TK ✓
Fanficමූසල ශීත ඍතුව අපේ බලාපොරොත්තු ගල් කරලා විනාශ කරලා දාන්න කලින් මේ අපායෙන් ගැලවිලා යන්න මාත් එක්ක එන්න ටේහ්යුන්, ශීත සෘතුවට කලින් අපි අපේම මතක දිගෙ අනන්තයට අත් අල්ලගෙන පියාඹමු. - ජන්කුක් - •දෙවන ලෝක යුධ සමයෙ සිදු උන ආදර කතාවක්. •Taekook love •Soldi...