ජන්කුක්ගේ ඩෑඩ් උදේම හොස්පිටල් එකට ආවා... එයා ඩොක්ටර් කෙනෙක්.. ඇවිත් රූම් එකේ ඉදගෙන අදට තියෙන appointments චෙක් කර කර ඉන්නකොට දොරට තට්ටු කරාම ජන්කුක්ගේ ඩෑඩ් ආව කෙනාට ඇතුලට එන්න් කිව්වා...
"ගුඩ්මෝනින් මිස්ටර් ජොන්" එහෙම කියාගෙන ඇතුලට ආවේ බෙලාගේ මම්.. බෙලාගේ මම්, ජන්කුක්ගේ ඩෑඩ් හොදම යාලුවෝ කාලෙක ඉදන්.. එකම හොස්පිටල් එකේ වැඩ කරපු නිසා ඒ යාලුකම තවත් දුරදිග ගිහින් තිබ්බේ... බෙලා ජන්කුක් එක්ක ඉන්න එකට බෙලාගේ මම් ගොඩක් කැමති වුනා.. ජන්කුක්ගේ මම් නැති නිසා බෙලාගේ මම් නිතරම වගේ ජන්කුක් ගැන හොයලා බැලුවා...
"ඔහ්හ්හ් ජෙනී ගුඩ්මෝනින් එන්න"
"ඊයේ පාටි එක හොදට තිබිලා බෙලා ආව ගමන් මට ෆොටෝස් පෙන්නුවා මේ බලන්න, මට ශුවර් බනී ඔයාට ඒවා පෙන්නලා නැතුව ඇති" අතේ තිබ්බ ටැබ් එක ජන්කුක්ගේ ඩෑඩ්ට දීලා ජෙනී කිව්වම මිස්ටර් ජොන් හිනාවුනේ ජන්කුක්ව මතක් වෙලා..
පොඩි කාලේ ඉදන්ම තනියෙන් ඉන්න පුරුදු වෙලා හිටිය ජන්කුක් ගොඩක් නිහඩයි... මතක ඇති කාලෙක ඉදන් ජන්කුක්ට හිටිය එකම යාලුවා බෙලා.. බෙලා එක්කම ඇරුනම ජන්කුක් ඩෑඩ් එක්කවත් වැඩිය කතා කරන කෙනෙක් නෙමෙයි.. ඩෑඩ් අහන ප්‍රශ්න වලට උත්තර දෙනවා මිසක් ජන්කුක් ඩෑඩ්ගෙන් ප්‍රශ්න අහනවා කතා කරනවා හරිම අඩුයි..
ජන්කුක්ගේ ඩෑඩ් බෙලාගේ ඉන්ටර්ග්‍රෑම් එකවුන්ට් එකේ දාලා තිබ්බ ෆොටෝ බලාගෙන පහලටම ගියා.. බෙලා එක්ක ජන්කුක් එක එක විදියට අරන් තිබ්බ ෆොටෝ වල ජන්කුක් ගොඩක් සතුටින් ඉන්නවා... ඒ අතරම තිබ්බ තව ෆොටෝ එකක් දැකලා ජන්කුක්ගේ ඩෑඩ්ගේ ඇස් ලොකුවුනා... ඒ ෆොටෝ එක zoom කරලා හොදට බලාගෙන ඉන්න මූණේ ඉරියව් එකපාරටම වෙනස් වුන මිස්ටර් ජොබ් දිහා ජෙනී බැලුවා...
"ජෙ.. ජෙනී ඔයා මේක දැක්කද"
"මොකද්ද" ජෙනී අත දික් කරලා ටැබ් එක ඉල්ලුවම මිස්ටර් ජොන් ජෙනී අතට ටැබ් එක දීලා අත්දෙක මේසෙට තියාගෙන කොණ්ඩේ අතර ඇගිලි අරන් ගියා...
"මේ.. මේ බනී නේද"
"ඒ මොකද්ද එතන වෙන්නේ ජෙනී"
"මේ අහන්න ජොන් කලබල වෙන්න එපා අපි බනීගෙන් අහලා බලමු ඒක ගැන" ජෙනී බය වුනේ ජන්කුක්ගේ ඩෑඩ් ජන්කුක්ට ගහයි කියලා...
ඒ එක්කම නර්ස් කෙනෙක් ඇවිත් පේශන්ට් බලන් ඉන්නවා කිව්වම ජෙනී ජොන්ගේ අතින් අල්ලලා ඒක ගැන වැඩිය හිතන්න එපා කියලා රූම් එකෙන් එලියට ගියා...
ගෙදර ආව ගමන් ජන්කුක්ගේ ඩෑඩ් ජන්කුක්ව හොයාගෙන ජන්කුක්ගේ රූම් එකට ගියා... ජන්කුක් නිදාගෙන ඉන්නවා දැක්ක ජොන් ගිහින් ජන්කුක් ලගින්ම ඇදෙන් වාඩිවුනා...
"මයි සන්" ජන්කුක්ගේ ඔලුව අතගෑව ජොන් අනිත් පැත්ත හැරිලා ඉන්න ජන්කුක්ගේ මූණට එබුනම ජන්කුක් තව තවත් ඩුවට් එක ඇතුලට ගුලිවුනා... කදුලු අලුත් වෙනකොට ජන්කුක් නොදැනිම ඉකි ගහන්න පටන් ගත්තා...
"මයි සන්, මොකද මේ"
"මගේ බනී බබා මේ අහන්න ඩෑඩ් එක්ක කතා කරන්න ඒක ඇත්තද" හිමින් ජන්කුක් බය නොවෙන විදියට ජොන් ඇහුවම ජන්කුක් ඩෑඩ්ගේ පැත්තට හැරුනා... ජන්කුක්ගේ මූණ දැක්කම ඩෑඩ්ට කියාගන්න බැරි දුකක් එක්ක තරහක් ඇතිවුනා.. එහෙමම නැවිලා ජන්කුක්ව බදාගත්ත ඩෑඩ් කතා කරා...
"කවුද ඔයාට ඔහොම කරේ බනී මට කියන්න මොකද්ද හේතුව" ජන්කුක්ගේ ඇඩිල්ල එන්න එන්නම වැඩි වුනාම ජොන්ගේ ඇස් වලිනුත් කදුලු එන්න ගත්තා...
"මේ අහන්න සන් මට කියන්න ඒක ඇත්තක්ද ඔයා නේද එතන ඉන්නේ, කවුද ඒ අනිත් කෙනා" ඩෑඩ් ඇහුවත් ජන්කුක් කරේ ඩෑඩ්ට තුරුලු වෙලා අඩන එක.. පැය ගානක් ඩෑඩ්ගේ තුරුලේ ඇඩුව ජන්කුක්ට එහෙම්ම නින්ද ගිහින් තිබුනා.. ජන්කුක්ගේ ඩෑඩ් ජන්කුක්ව අයින් කරලා ඩුවට් උඩට වෙනකන් දාලා ජන්කුක්ගේ මූණ දිහා බලන් හිටියා.. පාලනයක් නැතුව කදුලු එන්න ගත්තම ජන්කුක්ගේ නලලට පුංචි හාදුවක් දීලා ජොන් රූම් එකෙන් එලියට ගියා...
________________________________
මේක fanfiction එකක් බව මතක තබාගන්න 😌
ටේව ඊලග එකේ බලාපොරොත්තු වන්න 😁 ශෝර්ට් එකක්නේ ඉක්මනට දෙන්නම් හරිද..
ඇත්තටම ඔයාලා මගේ කතා වලට ආදරේ කරන එකට මම සතුටින් ඉන්නේ අප්පා 😭 මට ගොඩක් අය මැසේජ් කරලා හිත හැදුවා ආදරෙයි පැලෙන්න ❤️
මම ටික දවසක් කතා ටික නවත්තන්න හැදුවේ ඒත් ඔයාලා නිසාම දිගටම අප්ඩේට් දෙන්නම්..
Love you all 😘
Bella 🥀

YOU ARE READING
bottom boy ||vkook||
Fanfiction"He is fucking queer!!!" "No he is not" "No he is" "shut up you bitches!! ජන්කුක් එන්න මාත් එක්ක" Taekook Short story