Chapter 02

1.8K 435 29
                                    

ඊලග දවසේ උදේම කොලේජ් ආව ජන්කුක් සාමාන්‍ය විදියටම ගේට් එකෙන් ඇතුලට ඇවිත් කොරිඩෝ එක දිගේ ක්ලාස් රූම් එකට ඇවිදගෙන ගියා.. ජන්කුක් ගොඩක් සතුටින් හිටියේ.. වටේම ඉන්න අය එක්ක වෙනදා වගේම හිනා වුනත් ඒ හැමෝම ජන්කුක්ට ඔරවලා අහක බලාගෙන කණ්ඩායම් විදියට හැදිලා කුටු ගාන ගානවා ජන්කුක්ට ඇහුනා...

ඒක ගනන් නොගෙනම ක්ලාස් එකට ආවම ක්ලාස් එකේ අයත් දෙන්නා තුන්දෙනා විදියට එකතු වෙලා ජන්කුක් දිහා අමුතු විදියට බැලුවම ජන්කුක්ට ඒ ඇයි කියලා නොතේරුනත් ජන්කුක් ගිහින් තමන්ගේ පුටුවෙන් වාඩිවුනා...

"ශිට් මෙහෙමත් උන් ඉන්නවනේ"

"මට හිතුනා එයා එහෙම තමයි කියලා"

"ඔහ්හ් ශිට් මම එයා එක්ක කෑමත් කෑවා"

"එතකොට එයා gay ද"

එක එක ඒවා අතරේ ඒ වචනේ ඇහුනම ජන්කුක් ඉක්මනට පිටිපස්ස බැලුවා... කතා කර කර හිටිය ගෑනු ලමයි ටික ජන්කුක් දිහා ඔරවලා බැලුවම ජන්කුක් බයවුනා... ජන්කුක්ගේ කන් දෙකේ ඉදන් මුලු මූණමත් බෙල්ලත් රතුවුනා... ඒ කියන්නේ තමන්ටද කියලා විස්වාස නැති වුනත් ජන්කුක් ආයේ ඉස්සරහට හැරිලා පොතක් පෙරලගත්තා...

"ඒයි නැගිටිනවා" මේසේ උඩ තියෙන පොත දිහා බලන් හිටිය ජන්කුක්ගේ ඔලුවට ක්ලාස් එකේ පිරිමි ලමයෙක් තදින් ගැහුවා.. ජන්කුක්ට ඒ ගැහුව පාරට ඇස්වල කදුලු පිරුනම ජන්කුක් ඔලුව උස්සලා බැලුවා... උස මහත ක්ලාස් එකේ ඉන්න හැන්ඩ්සම් පිරිමි ලමයි කණ්ඩායමේ එක කෙනෙක් වුන ජෝසප් ජන්කුක් ඉස්සරහා හිටගෙන හිටියා... "නැගිටිනවා" ජෝසප් ජන්කුක්ගේ ශර්ට් එකේ කොලර් එකෙන් අල්ලලා ජන්කුක්ව නැගිට්ටුවා...

"ජෝ.. ජෝසප් ඇ.. ඇයි මේ" වෙන කිසිම දෙයක් හිතාගන්න බැරුව ජන්කුක් ඇස් වල කදුලු පුරවගෙන බලන් හිටියා...

"ඔයා gay නේද" ජෝසප් ඇහුවම ජන්කුක් ඇස් ලොකු කරගෙන බැලුවා...

"මො... මොකද්ද"

"ඔයා කැමති පිරිමි අයට නේද" ජෝසප් ඇහුවම ක්ලාස් එකේ අනිත් අයත් හිනාවෙවී මේ ඩ්‍රාමා එක දිහා බලන් හිටියා...

bottom boy ||vkook||Where stories live. Discover now