තවමත් රිදුම් දෙන තුවාල එක්ක අවදි වුන ජන්කුක් හිමින් නැගිටලා බාතෘම් එකට ගියා... කණ්නාඩියෙන් පේන තමන්ගේ රූපේ දිහා බලාගෙන තුවල පැල්ලම් උඩ ඇගිලි අරන් ගිය ජන්කුක් තොලේ තියෙන තවමත් ලේ කැටි වෙලා තියෙන තුවාලේ ඇගිල්ල තද කරා... "අහ්හ්හ්" ඒ වේදානාව එක්කම හිතට දුකක් දැනෙනකොට ජන්කුක් එතනම තිබ්බ ටූත්බ්‍රශ් එක අරගෙන තොල උඩ තදින් එහා මෙහා කරා... ලොකු වේදනාවක් එක්කම ආයේ තුවාලෙන් ලේ එන්න ගන්නකොට ජන්කුක් ටූත්බ්‍රශ් එක විසි කරලා දැම්මා...
ඔලුව බිමට නවාගෙන අඩන්න ගත්ත ජන්කුක් බාත්ටබ් එකට බැහැලා ශවර් එක ඇරලා බිමින් ඉදගෙන කෑගහලා ඇඩුවා... පැයකට වඩා එහෙම හිටිය ජන්කුක් ඇදුම් මාරු කරගෙන පහලට යනකොට ඩෑඩ් කෑම මේසේ වාඩිවෙලා ඉන්නවා දැක්කා... ඩෑඩ්ට මූණ දෙන්න අපහසුතාවයක් දැනුන නිසා ජන්කුක් ඔලුව බිමට නවාගෙනම ආයේ යන්න හැරුනා...
"ගුඩ්මෝනින් බනී" ඩෑඩ්ගේ කටහඩ ඇහුනම ඇස් පිල්ලම් ගහලා ජන්කුක් ආයේ හැරුනා...
"ගුඩ්මෝනින් ඩෑඩ්"
"එන්න ඉදගන්න අපි බ්‍රෙක්ෆස්ට් ගමු"
වෙනදටත් ඩෑඩ් පරක්කු වෙලා හොස්පිටල් යන දවසට දෙන්නම එකට කෑම ගන්න නිසා ජන්කුක්ට ඒක මග අරින්න විදියක් තිබුනේ නෑ... ඔලුව නමාගෙනම ජන්කුක් ඇවිත් වාඩිවුනා...
"බනී ඔයාගේ තුවාල වලට මම බෙහෙත් දාන්නම් කාලා ඉන්න"
"මම හොදින් ඩෑඩ්"
"නෑ ඔයාගේ මූණ සුදුමැලි වෙලා එතකොට තොල් තුවාල වෙලා ඔයා හොදින් නෙමෙයි මයි සන්" නිවුන හඩකින් ඩෑඩ් කිව්වම ජන්කුක් ඔලුව ඉස්සුවා...
"මම ඊයේ ඇහුව ප්‍රශ්නෙට ඔයා උත්තර දුන්නේ නෑ බනී, ඔයත් ඒක අනිවාරෙන් දකින්න ඇති මට කියන්න ඒ අනිත් කෙනා කවුද, ඒක විහිලුවක් නේද" ජන්කුක්ගේ මූණේ ඉරියව් දිහා හොදට බලන ගමන් ඩෑඩ් කෝපි එක බොන්න ගත්තා... ජන්කුක් මුකුත්ම නොකිය පාන් පෙත්තක් කන්න පටන් ගත්තම ඩෑඩ් හුස්මක් පහතට දැම්මා...
"අද කෝලේජ් යනවද" ඩෑඩ් ඇහුවම ජන්කුක් ඔලුව වැනුවා... "මම එන්නද ඔයා එක්ක"
YOU ARE READING
bottom boy ||vkook||
Hayran Kurgu"He is fucking queer!!!" "No he is not" "No he is" "shut up you bitches!! ජන්කුක් එන්න මාත් එක්ක" Taekook Short story