💖Listen to my heart 💖
Ep 04අවුරැදු එකොළහකට පස්සෙ...අායෙමත් මං මගෙ අම්මයි තාත්තයි එක්ක.මං මොනවද කරන්න ඔ්නෙ?මට ඔ්නේ දේ.....කෙලින්ම අහනවද?එ්ත් මොකටද?එ්ක අහලා හිත රිද්දගන්න එක විතරයි වෙන්නෙ.සමහරවිට එයාලා මාව මරලා දාන්නත් බැරි නෑ.!
"මේ....ඔය ළමයගෙ වයස කීයද?"
"21යි"
" එතකොට...නම?"
"කං ම්යොන්ග් හී!"එහෙම එකපාරටම කිව්වොත්...එ් අය මොනවා හිතයිද?"මිරේ.සොන් මිරේ....මගේ නම"
"දෙමව්පියො??"
"එයාලා...නැතිවෙලා."
"එහෙමද,අපිට හරිම කණගාටුයි."
"මම....හිඟන්නෙක් නෙවෙයි.හදිස්සියෙම මගේ රස්සාව නැති වුණා.එ්කයි මට එතනට එන්න වුනේ.දැං නං ඉතිං .....හිඟන්නෙක් වගේ තමයි."
"මං හිතුවා!ඔයාට එ් වගේ පෙනුමක් නෙවෙයි තියෙන්නෙ.මොකක්ද කරකර හිටපු රස්සාව?"
"අනේ එ්ක....මහලොකු එකක් නං නෙවෙයි.රෙස්ටුරන්ට් එකක .....ක්ලීනින් සර්විස්!"
"අාහ් ඉතිං මොකද?එ්වා කරන්නත් කට්ටිය ඉන්නෙපෑ.අැත්තටම පිරිසිඳු කිරීමේ අංශයෙ ඉන්න අය තමයි මේ රටට වැඩිම සේවයක් කරන්නෙ."
"කම්සාහම්නිදා"
"අා....ඉතිං මෙයාට පුළුවන්නෙ....අපේ ගෙදර නැවතිලා...එ් වැඩ ටික කරන්න."
එහෙම කියපු තාත්තා බැලුවෙ අම්මාගෙ මූණ දිහා.එයාගෙ මූණෙනුත්....අකමැත්තක් පේන්න නෑ වගේ.එ්ත් .....මං හිටියෙ නං ටිකක් කලබල වෙලා.
"හොඳයි.මමත් කැමතියි.ඔය ළමයා මොකද කියන්නෙ?"
"අා......මම........"
එකපාරටම දෙන්න ඔ්නේ උත්තරේ මොකක්ද?මම එහෙම යන එක මෝඩ කමක් නෙවෙයිද?
"මම කැමතියි."
"හරි එහෙනං.අපි ඔයාට හොඳ සැලරි එකකුත් දෙනවා.වැඩි විස්තර ගිහින්ම කතා කරමුකො."
"අැමතිතුමාටයි මැඩම්ටයි.....බොහොම ස්තුතියි."
මං එ්ක කලේ ලේසියෙන් නෙවෙයි.එ්ත් මට.....අයියව බලන්න පුළුවන්නෙ.එ්කම කොච්චර දෙයක්ද?⚛⚛⚛⚛⚛⚛⚛⚛⚛⚛⚛⚛⚛⚛⚛⚛⚛⚛⚛⚛⚛⚛⚛⚛⚛⚛⚛
එහෙනං ....මේක තමයි එ් ගෙදර.!
අවුරැදු එකොළහකට ඉස්සර අපි හැමෝම සතුටින් හිටපු එ් ගෙදරයි මාවයි අතෑරලා....එ්ගොල්ලො පදිංචියට අාව ගෙදර තමයි මේ.
"අා...එන්න ඔයාට මම කෙනෙක් අඳුන්වලා දෙන්නම්."
අම්මා මාව අඳුන්වලා දෙන්න හදපු කෙනා....එ් අපේ ගෙදර ඉස්සර වැඩට හිටපු නැන්දාමයි.!ඉස්සරට වඩා ..දැන් එයා ටිකක් වයසට ගිහින් වගේ.මාව දැකපු ගමන් එයා නං මං දිහා ටිකක් අමුතු විදිහටයි බලන්න ගත්තෙ.
"මේ ඉන්නෙ අපේ ගෙදර ප්‍රධාන ගෘහ පාලිකාව සුන් ඉම්.මේ ඉන්නෙ සොන් මිරේ.අද ඉඳන් ඔයාට මෙයාව භාර කරනවා.හොඳට පුහුණු කරලා ගන්න.මිරේ ,සුන් ඉම් ඔයාගෙ කාමරේ පෙන්නයි."
එ්කත් නරකම නෑ.සුන් ඉම් නැන්දා මං නොදන්න කෙනෙකුත් නෙවෙයිනෙ.
" මේ.....ඔය ළමයාගෙ නම සොන් මිරේ කිව්වා නේද?"
"ඔව්"
"අපි මීට කලින් හම්බෙලා එහෙම නැද්ද?"
"මං හිතන්නෙ....මේක තමයි පළවෙනි වතාව."
"එහෙමද?"
"අැයි ....එහෙම අහන්නෙ?"
"නිකං,මං දන්න දරුවෙක් හිටියා...හරියට ඔයා වගේමයි.අනේ හිටියනං මේ වයසෙම නේද?"
YOU ARE READING
LISTEN TO MY HEART
Romanceඑයාලට එපා වෙනකොට මට වයස අවුරැදු දහයයි.එ් නිසා වැඩි දෙයක් මතක නොතිබුනත් මම මතක තියාගන්න ඔ්න එක දෙයක් තිබ්බා."මට ඉන්නෙ මං විතරයි."එ් වචන හතර අස්සෙ මට හිතන්න දේවල් ගොඩක් තිබුනා.කොහොම වුනත් මට එ්ක දැන් පුරැදුයි.ළඟ නොහිටියත් ළඟ ඉන්නවා වගේ දුර ඉ...