EPISODE 16

192 40 0
                                    

💖LISTEN TO MY HEART💖

Ep 16

       "සන්හුන් ඔප්පා,ඔයා කවදා වෙනකං ම්යොන්ග්හී එක්ක ඉන්නවද? මගෙත් ඉවසීමේ සීමාවක් තියෙනවනෙ.අපි marry කරලත් මාස තුනක් විතර වෙනවා.එ්ත් අපි ටිකක් නිදහසේ කතා කරපු දවසක්වත් මතක නෑ.මට දැන් අැති වෙලා!"

         "සේ යොනා,ටිකක් ඉවසන්න.දන්නවනෙ එකපාරටම එයාගෙන් අෑත්වෙන්න මට බෑ."

         "අැයි එයා බබෙක්ද?මට දැන් නං එයා දකිද්දිත් කේන්තියි.!මොකටද ඔයා මාව marry කලේ එහෙනං අහ්?"

         "සේයොනා....."

         "අපි වෙන් වෙමු."

                 සේයොන් අක්කා කේන්තියෙන් දමලා ගහලා යද්දි අයියගෙ අැස්වලින් කඳුලු බේරෙන්න ගත්තෙ නිකං දිය අැල්ලක් වගේ.මං හින්දනෙ මේ ඔක්කොම!

      "ඔප්පා,සේයොන් ඔන්නිට ගොඩක් කේන්ති ගිහින් වගේ."

           මං කිව්වෙ අැත්තටම දුකින් වුනත් ඉක්මනට කඳුලු පිහදාගත්ත අයියා මං දිහා බැලුවෙ මාව පුච්චලා දාන්න වගේ බැල්මකින්.

    "තමුසෙ හින්දා තමයි ඔක්කොම !! ඉන්නවා මම හොඳ වැඩක් කරන්න!! මම තමුසෙව අල්ලපු ගෙදර කොට ජුන් ට බන්දලා දෙනවා!!! එතකොට ඔක්කොම කරදර මෙතනින් ඉවරයි ! "

        කේන්තියෙන් වගේම අතපයත් එහෙට මෙහෙට විසි කරකර කියාගෙන කියාගෙන ගියපු අයියා කෙලින්ම ගිහින් අල්ලපු ගෙදර හිටපු කොට ජුන්ව අැදන් අපේ ගෙදරට අාවෙ පුදුම හදිස්සියකින්.

      "අා....මේ ඉන්නෙ ම්යොන්ග් හී! ජුනා ...මෙයාව බඳින්න කැමතිද?"

      "අැත්තටමද කියන්නෙ මස්සිනා? දැන්ම උනත් උස්සන් යන්න කැමතියි."

       මගෙන් බාගයක්වත් උස නැති කොට බූරැවා පැණි හිනාවක් එහෙම දාලා කියද්දි අයියා මං දිහා බලන් කට කොනකින් හිනා වුනේ සල්ලි මිටියකුත් අතට ගන්න ගමන්.

      "මෙන්න මං ගානෙ දෑවැද්ද! මෙයාව මගේ දෑහැට නොපෙනෙන්න අැන්ටාක්ටික් වලට හරි කමක් නෑ අරන් යනවා!!!"
     
      අයියා මට ගුඩ් බායි කියාගෙන යන්න හදද්දි මම ගිහින් අයියගෙ අතේ එල්ලුනේ එකසිය ගානට බයවෙලා!

LISTEN TO MY HEART Where stories live. Discover now