EPISODE 8

243 51 0
                                    

💖LISTEN TO MY HEART 💖

Ep 8

      "ඔයා.....!!!ඔයා මොකද මෙහෙ කරන්නෙ?"

  හදිසියෙම කඩා වැදුන එ් කෙනාගෙන් අයියා අැහුවෙ පුදුමයෙන් වගේම තරමක කේන්තියෙන්.ඉක්මනටම මාව පස්සට කරගත්ත අයියා මං ඉස්සරහින් හිටගත්තෙ එ් කෙනාට මාව නොපෙනෙන්නයි.

      "කොහොමද දොරේ password එක දැනගත්තෙ?කවුද මෙහෙ එන්න කිව්වෙ?අා...මං දන්නවා දැන් මෙතන වෙන්න යන දේ!එයාට කියන්න එයා හිතන කිසිම දෙයක් වෙන්නෑ කියලා."

             අයියා උස් හඬින් එහෙම කිව්වත් එ් කෙනා නෙවෙයි වචනයක්වත් කිව්වෙ.අයියා මොනවා කිව්වත් එ්වා හෙව්වෙ මාව.අපේ ගෙදර වැඩ කරන සුන්ඉම් නැන්දගෙ ....කඳුළු පිරැණ අැස්!!

            "අැත්තටම....අැත්තටම මේ ඉන්නෙ අපේ පුංචි නෝනාද?කං .....ම්යොන්ග් හී....පුංචි නෝනද මේ ?"

            "අාජුම්මා , ඔයා ගියොත් හොඳයි.ගිහින් කියන්න එයාලට...තවදුරටත් මං යටත් නෑ කියලා.මෙහෙම කතා කරන්න වුනාට සමාවෙන්න.ඔයා මට අම්මා කෙනෙක් වගේ.එ්ත් මට...මේ වෙලාවෙ ඔය කාවවත් විශ්වාස කරන්න බෑ.මට බෑ කාටවත් එයාගෙ ළඟටවත් යන්න දෙන්න."

             කඳුලු පිරැන අැස්වලින්ම  අාචාර  කරපු සුන්ඉම් නැන්දා   ඊළඟ මොහොතෙදි අාපහු යන්නයි හැරැනෙ අයියා කියපු ඔක්කොටම ඔලුව නමලා.

        "ඉන්න!"
   අයියා මාව නවත්තන්න හැදුවත් මම නැන්දා ගාවට දුවගෙන ගියෙ එ් දේ අහලා දැනගන්න මේක හොඳම අවස්ථාවක් කියලා හිතුන නිසයි.

"මට කියන්න.අැයි එයාලා මට එහෙම කලේ?මොකක්ද හේතුව?"

        මම අැහුවෙ නැන්දාගෙ අතින් අල්ලලා එයාව මගේ පැත්තට හරව ගන්න ගමන්.නැන්දා මොනවද කියන්න හැදුවත් කේන්තියෙන් අපි ළඟට දුවගෙන අාව අයියා නෙවෙයි එ්කට ඉඩ දුන්නෙ.

.      "යා....!තමුසෙට පිස්සුද?ගෙට යනවා!"

        "මොකක්ද වැරැද්ද...මම එ්ක දැනගන්න එකේ?ඔය තරම් හංගන්න..මොනවද එ්කෙ තියෙන්නෙ?"

      "අාජුම්මා,චේබල් මෙතනින් යන්න."

     අයියා කිව්වෙ මාව තදින් අල්ලගන්න ගමන්.මං දිහා අනුකම්පාවෙන් වගේ බලපු නැන්දා අාපහු යන්න හදද්දි නං මට තවත් ඉවසන්න පුළුවන් කමක් තිබුනෙ නෑ.අයියගෙ අත ගසලා දාපු මම අායෙමත් නැන්දාගෙ අත අල්ලගත්තෙ වැඳලා හරි හේතුව දැනගන්න ඔ්නේ නිසයි.

LISTEN TO MY HEART Wo Geschichten leben. Entdecke jetzt