සීතලට බ්ලැන්කට් එක වෙනුවට හෙව්වේ ඔබේ උණුසුම,
අඩන්න කදුලු තිබ්බත් හෙව්වේ ඔබේ උරහිස,
වින්දේ නෑ ආදරේ මවගෙයි පියාගෙයි,
නමුත් එක දෙයක් වින්දා මන් මදි නොකියන්න ආයෙත්,"ලේ බැදීම නොව ලොකුම බැදීම" යැයි කරා ඔබ සනිටුවහන්,
ඒකයි සහෝදරත්වයේ සුන්දර ආලය ඔය හෘදයෙන් කැටිකර පෙවූ මට,
අකුරු හතරේ වචනය පමණක් නොගැළපේ ඔබට,
මන් මොනා කියන්නද මට දුන්න සෙනෙහසට....ඇඩුවා පැය ගනන් ඉදන් ඔය උරහිස උඩ,
වචනයක් කිව්වේ නෑ, ඔබේ අත තිබ්බේ මගේ හිස මත,
සිප ගත්තා ඔය සුදු මූණ දැක්ක විට ඒ හිනාව,
අමතක උනා මට මන් ඉන්නේ ස්ටේජය උඩ කියා..නරක ඇස් කීපයක් යොමු උනා අප දෙසට,
කොටු උනේ අපි දෙන්නා ලේබකයකින් නරක,
සැනසුවා ඔබ මාව තියාගෙන ඔය උකුල උඩ
පිට උනේ කදුලු බිදු කීපයක් මගේ නෙතු අගින,කිව්වා ඔබ එක දෙයක් පොඩි මාව නලවන්න
දැනුනා එය හදවතට අව්‍යාජ නොවන බව,
නමින් එය සහෝදරත්වය, වටින් තැවරුණු මිත්‍රත්වය,
ඒ දෙකේ එකතුවෙන් හැදුනාලු ආදරය..."ඒක දැන්නේ මෙතනට",
කියා ඔහු පෙන්නුවේ මගේ හදවත,
ඔහුත් දුන්නා ඇහුන්කම් මගේ හදවතේ හඬට,
මමත් කන තිබ්බා ඔහු ගේ ඒ හදවතට,
ඇහුනේ එක සද්දයයි,
ඒ මගේ නම..._______________________
Jungmi_11 අක්කණ්ඩියට ලිවූවක්..
රසික ප්‍රබන්ධයක්
සිතක් ඇතත් නැතත් කියව්වාට ගෙවෙන්නෑ...මේ මාගේ මූලාරම්භය...
_YEUL-CHIMMY_
YOU ARE READING
ලන්තෑරුම් කරත්තේ || Poetic
Поэзияසිතිජ ඉස්ටේසමේ ඉඩ මදි වගේදෝ... එන්ට එහෙනම් ඇවිත් ගොඩවෙන්ට මගේ.. " ලන්තෑරුම් කරත්තෙට " එළිය නම් නෑ හැබැයි, එක පොඩි ලන්තෑරුමයි නොවෑ.. හයිකු ප්‍රේම නම් නෑ මෙහෙ, කණාමැදිරි ලන්තෑරුම විතරයි ඕන්... දිස්නේ දෙන නිලුපුලැසියෝ, එන්ඩ එපා මේ පැත්ත පළාතේ...